ටිල්වින්...! කකුල කටේ දාගෙන Sorry කියලා හරි යන්නේ නෑ!

0

ආණ්ඩුවේ බලය අතට ගෙන ටිල්වින් සිල්වා විසින් සිය කකුල තමන්ගේම කටේ දා ගනිමින් කරන ලද බලය ඉක්මවු ප්‍රකාශයට එරෙහිව විශේෂ ජනාධිපති කොමිසම ගත් ක්‍රියාමාර්ගය දිනන දකුණ සාමුහිකය දැඩි ලෙස අගය කරයි !


පසුගිය මැයි දින රැලියකදී ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ගල් අඟුරු මිලදී ගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මඟින් ආණ්ඩුවේ පාර්ශවකරුවන් නිදොස් කොට නිදහස් කර, විපක්ෂයේ පිරිස් වැරදිකරුවන් කරනු ඇති බවයි. ස්වාධීන කොමිෂන් සභාවක තීන්දුව කුමක්දැයි එය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර, තමන්ගේ දේශපාලන බලය පෙන්වමින් සිදුකළ මෙම ප්‍රකාශය කොමිසමේ ස්වාධීනත්වයට සහ පරීක්ෂණ ක්‍රියාවලියට දැඩි තර්ජනයක් සහ බලපෑමක් එල්ල කිරීමක් වු බව අප සාමුහිකයේ මතයයි.


කොමිසමට එරෙහිව සිදු කරන ලද එම අපහාසාත්මක ප්‍රකාශයට එරෙහිව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන් කොමිසම ඉදිරියට ගොස් ටිල්වින් සිල්වාට එරෙහිව පියවර ගන්නා ලෙස කරුනු දක්වනු ලබුයේය.


මේවන විට දේශපාලන පක්ෂයක මහලේකම්වරයකුට නොගැලපෙන, තමන්ගේ මට්ටම ප්‍රදර්ශනය කෙරෙන මෙවැනි කකුල කටේ දමාගෙන සිදුකරන කතාව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශනයට භාජනය වී තිබේ.


එකී විමර්ඔශනයට අනුව ටිල්වින් සිල්වාට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට සිදු වූ අතර, එතැනදී තමන් කළ ප්‍රකාශය පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් මඟින් කණගාටුව ප්‍රකාශ කර, දැඩි අවවාද ලබා නිදහස් වීමට සිදුවී තිබේ.


ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ වගකිව යුතු නායකයකු මෙලෙස තමන් කියූ දේ හකුළා ගනිමින් කොමිසම් ඉදිරියේ සමාව අයැදීමට සිදුවීම මගින් තහවුරු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් රටට කියා සිටි පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවීමේ ප්‍රතිඥාවට හාත්පසින්ම වෙනස් චර්යාවක තමන් යෙදී සිටින බව තහවුරු කරන්නකි.


පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව පවසමින්, ආණ්ඩුවේ නිල ප්‍රකාශකයින් පවා අපහසුතාවයට පත් කරමින් ටිල්වින් සිල්වා මහතා සිදුකරන ප්‍රකාශ හරහා තහවුරු කරන්නේ ශ්‍රී ලංකාව පක්ෂ රාජ්‍යයක් බවට පත්කිරීම සදහා ටිල්වින් සිල්වා නායකත්වය ලබා දෙන ජනතා විමුක්ති පෙරමුණ විසින් දරමින් සිටින උත්සාහය පිළිබද ජීවමාන උදාහරණයකි.


එමගින් තහවුරු කරන්නෙ ආණ්ඩුවේ නිල බලතල ඉක්මවා යමින් තිරය පිටුපස සිට රට පාලනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ දරණ උත්සාහයයි.


අප සාමූහිකයට අනුව ජනතාව ඡන්දය දී පත්කරගත් ආණ්ඩුවේ තීන්දු තීරණ, කිසිදු නිල තනතුරක් නොමැති පක්ෂ ලේකම්වරයකු විසින් මෙලෙස හිතුවක්කාරී ලෙස ප්‍රකාශ කිරීම ජනතා පරමාධිපත්‍යයට එරෙහිව සිදු කරන බලපෑමක් වන්නේය.


ජනතාව බලාපොරොත්තු වූයේ මෙවැනි අත්තනෝමතික සහ වගකීම් විරහිත දේශපාලන හැසිරීම් නොවේ. එබැවින්, ටිල්වින් සිල්වා මහතාගේ මෙම ක්‍රියාකලාපය දිනන දකුණ සාමූහිකය ලෙස දැඩි සේ හෙළා දකින අතර, තමන්ගේ සීමාව හඳුනාගෙන රාජ්‍ය පාලනයට සහ අධිකරණ/ස්වාධීන කොමිෂන් සභාවලට ඇඟිලි ගැසීම වළක්වාලමින් විශේෂ ජනාධිපති කොමිසම විසින් ටිල්වින් සිල්වාට අවවාදාත්මක සමාවක් ලබා දී කොමිසමට අපහාස කිරීමට එරෙහිව කටයුතු කිරීම දැඩි ලෙස අගය කරන බව ප්‍රකාශ කොට සිටී.


දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,


නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome