"හාන්ස්" අන්තිමට "අනුර" ව හාන්සී කළා!

0


හාන්ස් විජේසූරිය වැනි විශේෂඥයන් සිටියදී කිසිවක් හැක් කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා පැවසු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද සදහන් කළා.


මහ බැංකු අධිපතිවරයා මහ බැංකුවේ අයට පමණක් වැටුප් වැඩිකර ගනිමින් එදා පැවසුවේ මහ බැංකුවේ මේ සම්බන්ධයෙන් වැඩකරන නිලධාරීන් හොඳ විශේෂඥයන් බවත්, හොඳ පඩියක් නොදුන්නොත් ඔවුන් ලංකාවෙන් වෙනත් රටවලට යනු ඇති බවත් යැයි ද, අද ඒ කියූ විශේෂඥයන් නිලධාරීන් හැකරුන්ට රැවටී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.


හැකර්වරුන් අතට පත්වූවා යැයි කියන භාණ්ඩාගාරයේ  මුදල්  සම්බන්ධ සිදුවීම සිදුව ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ යැයි පවසන බවත් ඉන්පසු මාස හතරක් පමණ යනතෙක් මුදල් අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට හෝ මුදල් කාරක සභාවට හෝ වාර්තා නොකළේ මක්නිසාදැයි ඒපුබුදු ජයගොඩ ප්‍රශ්න කර සිටියා.


"කලින් මහ බැංකුවෙ අධිපතිවරයා මහා බැංකුවෙ අයගේ විතරක් වැටුප් වැඩිකරගන්න ඉතින් ඉතුරු රජයේ සේවකන්ගෙ වැටුප් වැඩිකිරීම කරන්න නැතුව මහා බැංකුවෙ අයට විශාලක් විශාල වැඩිම කරද්දි කිව්වා මේ මේවා හොඳට කරලා පුරුදු මේ පිළිබඳ විශේෂඥ වෘත්තීඥයෝ තැන්නේ හොඳ පඩියක් දුන්නන්න නැත්තෙන්ම මේ ගොල්ලො ලංකාවෙන් යන්නත් ඉඩ තියනවා. මේ ගොල්ලො නවත්තගත්තුත් ඉතලයි මේ ක්‍රියාවලිය යන්න පුලුවන් කියලා තරම් පඩි වැඩිකරගත්තු ටිකක්. "


"හැබැයි දැන් අන්තිමට ඒ කියපු විශේෂඥ නිලධාරිහු ටික හැකරුන්ට රැවටිලා තියෙනවා. හැකරුන්ට අහුවෙලා තියෙනවා. ඒ මෙතන වෙන වංචාවක් නෙවෙයි තියෙන්නේ. ඇත්තට්ම හැක් කිරිල්ලක් තියෙන්නේ කියලා හිතුවනවා. දැන් අපි අහනවා මහා බැංකු අධිපතිවරයා කලින් කියන කරුණ ගැන මොකද කියන්නේ? ඊට පස්සේ ප්‍රශ්න තියෙන්නේ මේ ක්‍රියාව වෙලා තියෙන්නේ මේ නිශ්චිත හැක් කිරීම සිද්ධ වෙලා තියෙන්නේ වාර්තා වෙන විදියට පසුගිය දෙසැම්බර් මාසය. පසුගිය දෙසැම්බර් මාසය වැනි ක්‍රියාවක් සිද්ධ වෙලා මාස 4ක් පමණක් යනකම් අයි මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මුදල් කාරක සභාවට හෝ වාර්තා නොකළේ ඇයි! "


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome