පාලකයින්ට ඇහෙන්නේ නෑ- දෙවියන්ට ඇසේවා , යන තේමාවෙන් රටේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් දේව බැල්ම, පිහිට, ආරක්ෂාව ලැබේවා යන ප්‍රාර්ථනයෙන් ඓතිහාසික කඩවර දේවලය අසලදී දේව කන්නලව්වක් (04) පෙරවරුවේ පැවැත්විණි.
සමඟි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, කළාවැව- මිහින්තලය ආසන සංවිධායක පාර්ලිමේන්තු සුරංග රත්නායක මහතා, සමඟි ජන බලවේග අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා හා කළාවැව ආසනයේ ගොවි ගෙවිලියන් හා ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් මෙම දේව කන්නලව්වට සහභාගී වී සිිටි අතර, කඩවර දෙවියන්ට පළතුරු වට්ටියක් පූජා කර මේ රටේ පවතින දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් දේව බැල්ම, පිහිට, ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින්, පොල් ගැසීමද සිදු කළහ.
අනතුරුව එම පිරිස “ පච අනුරයෝ මේ අහපන් - කයිවරුව නවත්තපන් “ යනාදී සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, රෝහණ බංඩාර යන අය පැමිණ සිටි ගොවි ගෙවිලියන් හා ප්‍රාදේශීය දේශපාලඥයින් කඩවර දේවාලය අසල සිට කළාවැව් බැම්ම මත දිවෙන මාර්ගයේ විජතපුර මංසන්ධිය දක්වා පා ගමනින් විරෝධතාවයක නිරත වූහ.