කොළඹ නැව් තටාකාංගණය ඉන්දියාවට ලබාදීම! භූ-දේශපාලනික උගුලක්ද?

0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමුද්‍රීය ආයතනයක් වන කොළඹ ඩොක්යාඩ් (Colombo Dockyard PLC) සමාගම, ඉන්දීය රජයට අයත් ‘Mazagon Dock Shipbuilders’ (MDL) සමාගමේ පාලනය යටතේ පවතින අනුබද්ධිත ආයතනයක් බවට පත්ව තිබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 26.8 ක ආයෝජනයක් සිදු කරමින් එහි 51% ක හිමිකාරීත්වය අත්පත් කරගත් බව MDL සමාගම නිල වශයෙන් තහවුරු කර ඇත.


මෙම පියවර සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි මහතා පෙන්වා දෙන්නේ මෙය දෙරට අතර ආරක්ෂක සහ කාර්මික සබඳතා තහවුරු කරන ඉතා වැදගත් උපායමාර්ගික පියවරක් බවයි. ඉන්දියාවේ ‘Maritime Amrit Kaal Vision 2047’ වැඩපිළිවෙළ යටතේ සිදු කෙරුණු මෙම අත්පත් කර ගැනීම, එම සමාගම ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ පළමු ආයෝජනය ලෙස ඉතිහාසයට එක්වන බව ද ඔහු සඳහන් කළේය.


මෙම ආයතනික වෙනසත් සමඟ කොළඹ ඩොක්යාඩ්හි අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රතිසංවිධානය කර ඇති අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හරහා වත්මන් මූල්‍ය වර්ෂය තුළ ලාභය 20% කින් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙරට විශාලතම නැව් තටාංගනය ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින සමාගමක පාලනයට නතු වීම කලාපීය නාවික කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.


මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයෙකු වන නීතිඥ ශිරාල් ලක්තිලක සිය සමාජ ජාලා පිටුවේ  භු-දේශපාලනික දේශපාලනය ගැන උනන්දුවන්නන්ට පමනයි! යනුවෙන් තබා ඇති සටහන පහත දැක්වේ.

භු-දේශපාලනික දේශපාලනය ගැන උනන්දුවන්නන්ට පමනයි!

කොළඹ නැව් තටාකාංගණය ඉන්දියාවට ලබාදීම!

ඉන්දියාව අපගේ ආර්ථික ගැලවුම්කරුවාද? 

භූ-දේශපාලනික උගුලක්ද?

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්තයේ කිරුළ බඳු වූයේ කොළඹ නැව් තටාකාංගණයේයි. (Colombo Dockyard) 


අපි රටක් ලෙස ගල්අගුරු හොඑකම පිලිබද නාටකය තුල ඇලී ගැලී සිටියද්‍රි කොලම්බෝ ඩොක්යාරඩ් සමාගමේ 51%ක හිමිකාරිත්වය ඉන්දියාවේ මසගොන් ඩොක් (Mazagon Dock) සමාගම සතු කරගත් අතර ඒ සදහා රජයේ අනුමැතිය ලබා දුන්නේය.


බොහො දෙනෙනෙක් මෙම ගනුදෙනුව දෙස බලන්නේ හුදු ව්‍යාපාරික ගනුදෙනුවක්ලෙසටය.


නමුත් මෙම ගනුදෙනුව හුදු ව්‍යාපාරික ගනුදෙනුවකට එහා ගිය ගැඹුරු දේශපාලනික හා භූ-දේශපාලනික හැරවුම් ලක්ෂයක් බව ලාංකික සමාජය වටහාගන්නට තව වසර ගනනාවක් කල් ගතවෙනු ඇති බව අපගේ මතය වන්නේය.


මෙම ගනුදෙනුවේ විශේෂත්වය වර්ථමාන ආන්ඩුවේ ප්‍රධාන දේශපාලනික ප්‍රභවය වන ජනතා විමුක්ති පෙරමුණ නියොජනය කරමින් සිටින පසුබිමක එහි ඉදිරිපෙල නියෝජනය කරනු ලබන අනුර පාලනය විසින් මෙම කොටස් ඉන්දියානු සමාගමකට පැවරීම අනුමත කිරීමය.


ජනතා විමුක්ති පෙරමුණ ගත්කල එය අයින්ද්‍රියව චීන කොමියුනිස්ට් පක්ෂය සමග බැද්‍රි කටයුතු කරන දේශපාලන ප්‍රවාහයකි.ඒ බව ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රකාෂ වලින් දිගින් දිගටම තහවුරු කරන්නකි.


නමුත් ටිල්වින් සහෝදරයාගේ  පක්ෂය නියෝජනය කරන මාලිමා ආන්ඩුවේ ජනාධිපති වරයා විසින් චීනය මෙරට පිලිබදව මෙතෙක් පවාත්වාගෙන ගිය මුලෝපායික අපේක්ෂාවන් ඉන්දියාවේ මෝදි ආන්ඩුවේ මුලෝපායික අවශ්‍යතා වෙනුවෙන් කැප කිරීම මෙහිලා විමසිල්ලට ලක්විය යුතු කරුනක් වන්නේය.


ඒ අනුව කොළඹ ඩොක්යාර්ඩ් ගනුදෙනුව අනුමත කරමින් අනුර පාලනය විසින් ගනු ලැබු තීරනය ලාංකික විදේශ සබදතා විෂයෙහිලා තීරනාත්මක දේශපාලන සන්ධිස්තානයක් පෙන්නුම් කරයි.


ශ්‍රී ලංකාව යනු චීනයේ 'එක් තීරයක් - එක් මාවතක්' (BRI) ව්‍යාපෘතියේ මර්මස්ථානයක් ලෙස සලකා ක්‍රියාකල රාජ්‍යයකි.


මහින්ද පාලනය තුලදී ආරම්බ කල මෙම අවධාරනය යහපාලනයේ සිට රනිල් පාලනය දක්වා පවත්වාගෙන ගිය බව ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි.


එම ක්‍රියාවලියේ මස්තකප්‍රාප්තිය වුයේ හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය වරාය චීනයේ මුලේපායික අවශ්‍යතා නියෝජනය කරමිනි.


ඒ හරහා චීනය ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් මුලෝපායික පදනමක් ගොඩනගා ගත්තේය. නමුත් ලංකාව චීනයේ proxy state එකක්වීම හමුවේ ඉන්දියාව සටන අත්හැරියේ නැත.


ඉන්දියාව චීනයේ මුලෝපාය චෙක්මේට් කරන්නට උත්සාහ කරන ලද්දේ තමන් විසින් ගොඩනැගු ‘දියමන්ති මාලය' (Necklace of Diamonds) නම් මූලෝපාය හරහා චීනය වටලෑමේ පුළුල් වැඩපිපිවල හරහාය.


ඉන්දියානු දියමන්ති මාලයේ ශ්‍රී ලංකාව අරබයාවු ජයග්‍රහණය පලමු වරට සනිටුහන් කරන්නේ කොළඹ වරාය තුළම පිහිටි නැව් තටාකාංගණය ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින සමාගමකට පැවරීම තිලිනි.එමගින් ඉන්දියාව ලංකාව කෙරෙහිව බලපැවැත්වු චීන බලපෑමට සෘජු 'චෙක්mate' කොට තිබේ.


උපායමාර්ගික තුලනය අතින් බැලූ කල ශ්‍රී ලංකා රජය මෙහිදී කියමින් සිටින බවක් පෙනෙන්නේ චීනයට හම්බන්තොට ලබා දීමෙන් සිදු වූ බල-අසමතුලිතතාවය, කොළඹ නැව් තටාකාංගණය ඉන්දියාවට ලබා දීමෙන් තුලින් තමන් දෙරටේ මුලෝපායින අවශ්‍යතා සමනය කිරීමට තටයුතු කරමින් සිටින බවය.


නමුත් අප මෙම උත්සාහය හදුන්වන්නෙ වට පිට නොබලා ගොඉනංවන්නට යනු ලබන අස්ථාවර සාමයක් (Fragile Balance) ලෙසටය.


ඒ තුලින් අවසානයේ සිදුවිය හැක්කේ ශ්‍රී ලංකාව ඉන්දියාව සහ චීනය අතර පවතින ගැටුමේ ප්‍රතිලාභ ලබන්නෙකු බවට පත්වෙනවා වෙනුවට, එම බල අරගලයේ 'උපායමාර්ගික ගොදුරක්' බවට පත්වීමේ අවදානම පමනකි.


වර්ථමාන දේශපාලන අධිකාරිය විසින් මෙය "ආයෝජනයක්" ලෙස හැඳින්වුවද, මෙම ආයෝජනය රාජ්‍යයේ ස්වාධීනත්වය සහ විදේශීය බලපෑම අතර පවතින නොවිසඳුණු ගැටුමක තවත් එක් අවධියක් පමණක් බව පෙන්වා දිය හැකිව තිබේ.


මේ බව තේරුම් ගැනීමට නම් ඉරාන- අමරිකානු යුද්ධය හමුවේ එක්සත් අරාබි එමිරේටය, බහරේනය, කුවේටය, කටාර් රාජ්‍ය අමරිකානු ආයෝජන සදහා මේවන විට අත්වු ඉරනම ගැන විමසිල්ලෙන් සලකා බැලිය යුතුව තිබේ.


ඒ අනුව බලන කල කොළඹ නැව් තටාකාංගණ ගනුදෙනුව යනු දීර්ඝ කාලීනව ගත් කල රටට ලාබදායක වන හුදු ව්‍යාපාරික ලාභයක් නොව, ශ්‍රී ලංකාව සිය පැවැත්ම සඳහා තම වටිනාම භූ-දේශපාලනික වත්කම් පාවා දීමක් සිදු කල ගනුදෙනුවක් බව කිව හැකිව තිබේ.


ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්තයේ කිරුළ බඳු වූ 'කොළඹ නැව් තටාකාංගණයේ 51%ක හිමිකාරිත්වය ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින මසගොන් ඩොක් (Mazagon Dock) සමාගම සතු වීම තුලින් චීන-ඉන්දියානු කලාපීය තරගයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්වීම නොවැලැක්විය හැකි අනතුරක් විය හැකිව තිබේ.


මසගොන් ඩොක් සමාගම යනු ඉන්දියානු නාවික හමුදාවට යුද නැව් සහ සබ්මැරීන නිෂ්පාදනය කරන ආයතනයකි. 


මෙවැනි හමුදාමය සබඳතා සහිත ආයතනයක් කොළඹ වරායේ මෙහෙයුම් පාලනය කිරීම, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි.


ජාත්‍යන්තර සබඳතා කෝනයෙන් බැලු කල  ශ්‍රී ලංකාව මෙවනි පසුබිමකදී මුහුනදෙන්නට වන්නේ එතෙක් රටක් ලෙස පවත්වා ගෙන ගිය නොබැඳි' පිළිවෙත වෙනුවට ප්‍රබල රාජ්‍යයන් දෙකක අවශ්‍යතා අතර සිරවී සිටින 'බලහත්කාරී සහයෝගීතාවයක' (Coerced Cooperation) අවශ්‍යතා ඉට කරන අන්ධයකු ලෙසටය.


ආපසු හැරී බලන කල අපට තේරුම් ගන්නට සිදු වන්නේ මෙම ගනුදෙනුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේදී ලබා දුන් ණය ආධාර සදහා අපගේ කෟතගුනය මෙවැනි උපායමාර්ගික වත්කම් ඉල්ලා සිටීමකට හිලව් කිරීමක් ලෙසටය.


ජාත්‍යන්තර දේශපාලනයේදී ‘නොමිලේ දිවා ආහාරය නැත' යන යථාර්ථය යලි යළිත් මෙම ඉන්දියානු ආයේජනය අපට තහවුරු කර තිබේ.


මෙසේ ලබා ගනිමින් සිටින භු-දේශපාලනික අවදානමෙහි බරපතල කම කැපී පෙනෙන්නේ මෙම පියවර ගැනීමට පෙරට එන වර්තමාන රජයේ දේශපාලනය දෙස බලන කලය.


වර්ථමාන රජය නියෝජනය කරන ජාතික ජන බලවේගය (NPP/JVP) ඓතිහාසිකව පෙනී සිටියේ රාජ්‍ය දේපළ විදේශීකරණයට සහ ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිවය


මෙම ගනුදෙනුව හරහා අප දකින්නේ 'මතවාදී පාරිශුද්ධත්වය' සහ 'ප්‍රායෝගික රාජ්‍යකරනය අතර පවතින පරස්පරය මෙන්ම ආයෝජන මඟින් රට ස්ථාවර කිරීමේ රජයේ නව ප්‍රායෝගිකවාදය අන්දයන් ලෙස වැළඳ ගැනීමේ බරපතලකමය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome