JVP ලාල්ගෙ ගැහිලි මෙන්න! මිලියන 460 වත්කම් මෙන්න!

0

මාලිමා ඇමති ලාල් කාන්ත ලග කෝටී 46ක (මිලියන 460) වත්කම් තිබෙන බවට තහවුරු වේ

තෑගි ඔප්පු වලින් මිලියන් ගානක් ලැබිලා රත්‍රං මාලේ ලක්ෂ 30යි,


අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශය නිකුත් කෙරේ - මෙන්න සම්පූර්ණ විස්තරය

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුව, සියලු‍ දේශපාලන නියෝජිතයින් වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ද සිය වත්කම් බැරකම් ප්‍රකාශය පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනි දින අල්ලස් හෝ දූ!ෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබේ.


එම වාර්තාවට අනුව අමාත්‍යවරයා සතු වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් හතලිස් හය කෝටිය (මිලියන 460) ඉක්මවනු ලබයි.


එම ප්‍රකාශයේ සඳහන් ප්‍රධාන තොරතුරු මෙසේය,


නිශ්චල දේපළ,

තෑගි ඔප්පුවලින් හිමිවූ දේපළ,


රුපියල් මිලියන 6ක් වටිනා වර්ග අඩි 2,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10ක ඉඩමක්.


රුපියල් ලක්ෂ 25ක් වටිනා ස්ථීර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20ක ඉඩමක්.


රුපියල් මිලියන 56ක් වටිනා වර්ග අඩි 4,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14ක ඉඩමක්.


පසු උරුමයෙන් හිමිවූ දේපළ,


රුපියල් ලක්ෂ 25ක් වටිනා වර්ග අඩි 1,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ වාණිජ ගොඩනැගිල්ලක්.


චංචල දේපළ හා ආයෝජන,

රුපියල් ලක්ෂ 45ක් වටිනා මෝටර් රථයක්.


රුපියල් ලක්ෂ 16ක් වටිනා පවුම් 8ක රන් ආභරණ සහ රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් රන් පවුමක්.


පෞද්ගලික ආයතන 10කට අදාළ රුපියල් 383,906,705.40ක (තිස් අට කෝටි තිස් නව ලක්ෂයකට අධික) සුරැකුම් පත්.


වාර්ෂික ආදායම් මාර්ග,

වැටුප් ආදායම: රුපියල් 738,918.16


දේපළ බදු දීමෙන්: රුපියල් ලක්ෂ 4ක්.


විශ්‍රාම වැටුප්: රුපියල් 771,400.00


ස්ථාවර තැන්පතු පොලී ආදායම: රුපියල් 2,755,851.97


වර්තමාන රැකියාවෙන් ලැබෙන ආදායම: රුපියල් 1,800,000.00


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome