හැටන් දික්ඔය නගර සභාවේ මාලිමාවට බඩයයි!

0


හැටන් දික්ඔය නගර සභාවේ මාසික රැස්විම (14) දින පැවැති අතර එහිදි පසු ගිය මාසික සභා රැස්විම් වාර්ථාව සම්මත කර ගැනිමට නොහැකි විමෙන් එම රැස්විම මේ මස (21) වන දින දක්වා කල් දැමිමට එම සභාවේ සභාපති(ජාතික ජන බලවේගයේ) අසෝක කරුණාරත්න මහතා පියවර ගන්නා ලදි.


එම රැස්විම ආරම්භයේදිම පසු ගිය මාසික රැස්විමේ වාර්ථාව සභා සම්මත කර ගැනිම සදහා සභාවට ඉදිරිපත් කල අතර එහිදි එම සභාවේ උප සභාපති සුරේන්, නාගරික මන්ත්‍රීවරුන් වන අලගමුත්තු නන්දකුමාර්, එස්. ලෝගේස්වරන්, ජයශාන්, ප්‍රබාගර්, පි. කේ. ධර්මප්‍රිය යන මහත්වරුන් විසින් මෙම වාර්ථාවේ විවිධ දෝෂ හා වැරදි පවතින බවත්, මෙයට පෙරද මාසික රැස්විම් වාර්ථවල දෝෂ පැවති බවත් මෙම තත්වයන් දිගින් දිගටම කර ගෙන යාමට ඉඩ දිය නොහැකි බව පවසන ලදි.


ඉන් අනතුරුව අලගමුත්තු නන්දකුමාර් මහතාගේ යෝජනාවක් මත එම මාසික රැස්විම කාරක සභාවක් බවට පත් කරගෙන පවතින දෝෂ හා වැරදි පිලිබදව දිගින් දිගටම සාකච්ඡා කර නැවත අලගමුත්තු නන්දකුමාර් මහතාගේ ඉල්ලිම මත සභාපති ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් 15 දෙනා වෙනම ස්ථානයකට ගොස් සාකච්ඡා කිරිමට පියවර ගන්නා ලදි.


එම සාකච්ඡාවෙන් පසුව නැවත එම මාසික රැස්විම ආරම්භ වු අතර, එහිදි පසු ගිය මාසික සභා රැස්විම් වාර්ථාවේ පවතින දෝෂ හා වැරදි පිලිබදව ලිඛිතව (15) දින දහවල් 12.00ට පෙර ලබා දෙන ලෙස සභාපති අශෝක කරුණාරත්න මහතා සියලුම නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලිමක් කර මාසික රැස්විම මේ මස (21) දින දක්වා කල් දමන බවට ප්‍රකාශ කරන ලදි.


මාස 3ක් තිස්සේ එම සභාවේ මාසික සභා රැස්වීම් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් විවිධ චෝදනා නගමින් කල් දැමීම හේතුවෙන් හැටන් දික්ඔය නගර සභා සීමාවේ සංවර්ධන කටයුතු රාශියක් ඇනහිට ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome