අනුර අන්තිමට නවලෝක රෝහලෙත් බන්ධනාගාරයක් හැදුවා එහෙනම්! මාලීමානුවෙනි සාදු කියන්න!

0


15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි එළඹෙන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්‍ත්‍රාත් අද (මැයි 13) නියෝග කර තිබෙනවා.


පල්ලේගම හේමරතන හිමි අත් අඩංගුවට ගැනිම ජනාධිපතිවරයාගේ සaජු මැදිහත් විම මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මාලීමාවේ පුර්ණකාලීන දේශපාලන කරන රවි සෙනවිරත්න විසින් වලකාලීමට කටයුතු කල අතර පසුව සමාජ මාධ්‍ය හරහා එල්ල වු දැඩි බලපෑම් හමුවේ හේමරතන හිමි  නවලෝක රෝහලේ නේවාසික රෝගියෙකු ලෙස නතර කර අත් අඩංගුවට ගත් බව රටට දැනුම් දුන්නා.


මහේස්‍ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, නවලෝක රෝහලට ගොස් හේමරතන හිමි නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.එහිදී වෛද්‍ය නිර්දේශ මත, උන්වහන්සේ කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලෙසත් නියෝග කර තිබෙනවා.


ඊයේ (මැයි 12) මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය තම අධිකරණයට මෙතෙක් ලැබී නැති අතර, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් මෙම අධිකරණය ඉදිරියේ පෙනී නොසිටින පසුබිමක සැකකාර හිමි යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරිමට තමාට නීතිමය හැකියාවක් නොමැති බවයි.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome