කුරිරු ත්‍රස්තවාදයෙන් මව් බිම බේරාගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී දිවිදුන් සහ එයට දායකත්වය දැක්වූ සියළු වීරෝධාර රණවිරුවන් සිහිකරමින් පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා අද සවස 2:00 ට පමන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, සහ විද්වතුන් කලාකරුවන් ඇතුළු පිරිසක් එම ස්ථානයට ගමන් කිරිමට උත්සහ කලද ආරක්ෂක අංශ සහ තවත් හදුනානොගත් කණ්ඩායමක් එය වැලැක්වීමට කටයුතු කර තිබේ.
ආරක්ෂක අංශ නිලධාරීන් විමල් වීර වංශ ඇතුළු පිරිසට රණවිරු ස්මාරකය අසලට පැමිණ පුෂ්ප උපහාර දැක්වීමට පොලිසිය ඉඩ දුන්නේ නෑ. පොලිස් නිලධාරීන් පැවසුවේ මිනිත්තු දෙකක් දෙන්න අහලා කියන්නම් යනුවෙනි.
ඒ අනුව නිලදාරියෙක් දුරකථන ඇමතුමක් ලබා දුන් අතර අද දින කිසිවෙකුට රණවිරු ස්මාරකය අසලට යන්න දෙන්න එපා කියවීමත් සමග පොලිසිය හා විමල් වීරවංශ සමගම උණුසුම් තත්වයක් ඇති වුනා.
කෙසේ වෙතත් ආරක්ෂක නිලධාරීන් තල්ලු කරමින් විමල් රණවිරු ස්මාරකය අසලට ලං වුනත් ස්මාරකයටම උපහාර දක්වන්න ඉඩ නොදුන් අතර ඔහුන් කල තල්ලු කීරිම හේතුවෙන් කිහිප දෙනෙකු ඇදවැටිමකටදක් වුනා.
දෙදෙනෙක් අත් අඩංගුවට රැගෙන ජිප් එකේ රැගෙන යන්න සුදානම් වු අතර එක් අයෙකුට මාංචු ද දමා තිබේ.පසුව විමල් වීරවංශ මහතා මැදිහත් වී විමල්ද ඔවුන් සමග ජිප් එකට නැග ඇති අතර පසුව ඔවුන් දෙදෙනාව නිදහස් කර තිබේ.
