තම පක්ෂයේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා පැලවත්තේ සිදුකෙරෙමින් තිබුන රහසිගත සාකච්ඡා අවසන් අදියරට පැමිණ තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.
වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ආණ්ඩුව තුළ රහසිගත සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව අනාවරණය වි තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සදහා පත්කර ඇති අතර එම තීරණය ගැනිමේ බලය ඔහුන්ට පවරා ඇති බව අප දේශපාලන වාර්තාකරු පසුගිය අප්‍රියෙල් 26 වැනිදා අනාවරණය කළා. අදාළ පුවත පහතින් කියවන්න
NPP අවසන්! කුජිත විම නවත්වන්න පාර්ලිමේන්තුව විසුරුවයි!
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහක් වන අතර, එහි පළමු රැස්වීමේ සිට වසර දෙකහමාරක් ගතවන තුරු ජනාධිපතිවරයාට බලහත්කාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් නොමැත.
එබැවින් වත්මන් 17 වන පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වූ 2024 නොවැම්බර් 21 වන දින සිට වසර දෙකහමාරක් සම්පූර්ණ වන 2027 මැයි මස 21දාටය.
නමුත් ඒ සදහා විවිධ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් භාවිතා කිරිමටද හැකියාව තිබේන බවද අමතක නොකල යුතුය.
පැලවත්තේ සැලැස්ම!
සැලැස්මට අනුව ලබන මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුම අවසන් වීමත් සමග භාණ්ඩාගාරයේ ඉතිරිව ඇති ට්‍රිලියන ගණනින් වූ මුදල් රටේ සංවර්ධනය සඳහා වෙන් කිරීමට අවශ්‍ය බව පැලවත්ත කණ්ඩායම ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබේ.
එම මුදල් යොදා ගනිමින් සෑම ගමක්ම ඉලක්ක කොටගෙන මාර්ග සංවර්ධනය, පාලම් බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක්ම එක වර දියත් කිරීමට මෙන්ම අතරමග නැවතී ඇති අධිවේගී මාර්ගවල ඉතිරි කොටස් ඉදිකිරීම ලබන මාර්තු මාසයෙන් පසු වහාම ආරම්භ කිරීමටත් පැලවත්ත කණ්ඩායම ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.
එම සංවර්ධන මෙහෙයුමේ ප්‍රගතිය අනුව පාර්ලිමේන්තුව විසුරුවාලීම හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම යන කරුණු 2න් එකක් කෙරෙහි අවසන් තීරණයකට එම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට පැවැරී ඇති බවද වාර්තා වේ.
