තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කල පෙත්සම විභාගය සදහා ජ්‍යේෂ්ඨත්වය නොසලකා, කණිෂ්ඨම විනිසුරුවරයා ලෙස සිටින සරත් දිසානායක නම් විනිසුරුවරයෙකු නම් කිරිමට කටයුතු කර තිබේ.
ලැජ්ජා සහගත කරුණ වන්නේ අදාළ විනිසුරුවරයා කණිෂ්ඨ විම පමණක් නොව ඔහු ජනාධිපති අනුර දිසානායක සහ නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගලට සමිපතම මිතුරෙකු විමය.එවන් අයෙකු රිට් අභියාචනය විභාග කිරීම සඳහා පත්කිරිම අධිකරණ ක්‍රියාවලියම හාස්‍යට පත්කිරිමක් පමණක් නොව ජනතාවට අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමිමක් බව නොරහසකි.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භවී තිබේ.
සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලේ
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වීම සිදු කරන කරන අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සූහරශී හේරත් මහත්මිය පෙනී සිටියි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ශානි අබේසේකර ,එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රිට් අභියාචනය විභාගයට ගැනීමට විනිසුරු පත්කිරීම සිදුවූයේ ඉතාමත් විවාදාත්මක ලෙස.
චැනල් ෆෝ’ නාලිකාවෙන් හෙළි කළ තොරතුරු මත පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ හා රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවදානමක් ඇතැයි කියමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ පසුගියදා සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු දැනුම් දුන්නේය.
ඉන්පසු පත්කළ මායාදුන්නේ මහත්මියත්, ඇයට දකුණු කොරියාවට යාමට නියමිත බව සඳහන් කරමින් ඊයේ දහවල් 1.30ට ඉල්ලා අස්විය.
ඉන් අනතුරුව, රොහන්ත අබේසූරිය සභාපතිවරයා ප්‍රකාශ කළේ “ඊළඟ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයාට අවස්ථාව ලබා දෙනවා” බවයි. නමුත් අවසානයේ සිදුවුණේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්.
ජ්‍යේෂ්ඨත්වය නොසලකා, කණිෂ්ඨම විනිසුරුවරයා ලෙස සිටින සරත් දිසානායක, නම් ජනාධිපතිවරයා සහ වටගල මහතාට සමීප මිතුරෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු මෙම රිට් අභියාචනය විභාග කිරීම සඳහා පත් කෙරුණා.
ඊයේ සිදුවූ සිදුවීම අධිකරණ ක්‍රියාවලිය සහ පත්කිරීම් පිළිබඳව සමාජයේ බරපතළ ප්‍රශ්න සහ සැක මතුවෙමින් පවතින බව දක්නට ලැබේ.
