යාපනය, මහාධිකරණ විනිසුරු ඒ.ජී. ඇලෙක්ස්රාජාගේ හදිසි මාරුව විමර්ශනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සෘජුවම යාපනය නීතිඥ සංගමය, ආයාචනා කර ඇති අතර, මෙම පියවර අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමේ අවදානමක් ඇති කරන බවත් අධිකරණ පරිපාලනයට ඇඟිලි ගැසීම් පිළිබඳ කනස්සල්ල මතු කරන බවත් අනතුරු අඟවයි.
ඇලෙක්ස්රාජා මහතා යාපනය මහාධිකරණයේ සිට බදුල්ල සිවිල් අභියාචනා මහාධිකරණයට මාරු කිරීම පිළිබඳව ඔහුන්ගේ සම්පූර්ණ අවිශ්වාසය සහ කම්පනයද එම ලිපිය හරහා ප්‍රකාශ කර තිබේ.
විනිසුරු ඇලෙක්ස්රාජා යාපනය මහාධිකරණයේ සිට බදුල්ල සිවිල් අභියාචනා මහාධිකරණයට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරූ කර යවා තිබේ.විනිසුරු ඇලෙක්ස්රාජා අප්‍රේල් 22 වන දින යාපනය මහාධිකරණයට පත් කරන ලදී. මැයි 31 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිත ඔහුගේ මාරුව ඔහු බලයට පත්වීමෙන් මාසයකටත් අඩු කාලයකට පසුව සිදු වේ.
විශ්වාසදායක ආරංචි මාර්ග සදහන් කලේ උතුරු පළාත සඳහා ජාතික ජන බලවේගයේ සම්බන්ධීකාරක අමාත්‍ය බිමල් රත්නායක, නීති ප්‍රජාවේ සමහර කොටස් විසින් මාරු කිරීම සම්බන්ධ සාකච්ඡාවලට සම්බන්ධ වී ඇති බවයි.
යාපනය නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ ගරු විනිසුරුවරයා විසින් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරයාට එරෙහිව කරන ලද ඇතැම් අතුරු නියෝග මෙම හදිසි මාරු කිරිමට හේතුවක් වි ඇති බවයි.මිට අමතරව මාරු කිරීමට හේතු අධිකරණ සේවා කොමිෂන් සභාව ප්‍රසිද්ධියේ පැහැදිලි කර නොමැති අතර, නීතිඥ සංගමය විසින් මතු කරන ලද ගැටළු වලට ජනාධිපති කාර්යාලය ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වා නොමැත.
අතිගරු ජනාධිපතිතුමනි, අධිකරණයේ කටයුතුවලට ඇඟිලි ගැසීම් පිළිබඳ සුළු හැඟීමක් පවා ඉතා බරපතල කාරණයකි. රාජ්‍ය නායකයා වශයෙන්, එවැනි ඇඟිලි ගැසීම් සඳහා ශුන්‍ය ඉවසීමක් නොමැති බව සහතික කිරීමේ වගකීම ඔබතුමාට ඇත. මෙම ගැටලුව ප්‍රමුඛතාවයක් ලෙස සලකා විමර්ශනය කරන ලෙස අපි ඔබතුමාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිමු. මෙහි සඳහන් කරුණු මතු කිරීම සඳහා ඔබතුමා පෞද්ගලිකව හමුවීමට අවස්ථාවක් ලබා දෙන්න. ඉක්මන් ප්‍රතිචාරයක් අපි බලාපොරොත්තු වෙමු. - BAR ASSOCIATION OF JAFFNA
"අධිකරණයේ ක්‍රියාකාරිත්වයට ඇඟිලි ගැසීම් පිළිබඳ සුළු හැඟීමක් පවා ඉතා බරපතල ගැටළුවක්" බව ලිපියේ සඳහන් වේ.

