JVP ඉවතට! බලය අනුර – මලික් – ක්‍රිෂාන්ත හවුලට!

0

ජනාධිපති අනුර කුමාර රාජ්‍ය පාලනයේ දී ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයේ මගපෙන්වීම සම්පූර්ණයෙන්ම නොසලකා හැර, මලික් සමරවික්‍රම, ක්‍රිෂාන්ත කුරේ ඇතුළු මීට පෙර රනිල් වික්‍රමසිංහ සමඟ එකට කටයුතු කළ අය හා එක්ව රාජ්‍ය පාලනයට අදාළ තීරණ ගන්නා තත්වයකට මේ වන විට ගමන් කර තිබේ. අපගේ පැලවත්ත ආරංචි මාර්ග පවසන්නේ, ජනාධිපතිවරයාගේ මෙම “ගජ මිතුරු” පාලනය පිළිබඳව ජ.වි.පෙ. ඉහළ ශ්‍රේණින් තුළ බලවත් කලකිරීමක් මේ වන විට ඇතිව තිබෙන බවයි.


එමෙන්ම, ජනාධිපති අනුර කුමාර එම තනතුරට පත්වීමට පෙර විපක්ෂයේ සිටියදී මලික් සමරවික්‍රමලාගෙන් මුදල් ලබා ගත් අන්දම පිළිබඳ තොරතුරු ද ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිස ප්‍රත්‍යක්ෂව අවබෝධකරගෙන ඇත්තේ මෑතකදීය. එමගින්, ජනාධිපතිවරයා කෙරෙහි එතෙක් පැවති විශ්වාසය ද ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිස වෙතින් පහව ගොස් තිබේ.


පක්ෂ සංවිධානය තුළ තීරණාත්මක භූමිකාවක නියැලී සිටින පූර්ණකාලීන සාමාජිකයන් ‍(ප්‍රධානින්) කරනු ලබන ප්‍රශ්ණ කිරීම් වෙත මුහුණ දීමට සිදුව ඇත්තේ එම කටයුතුවල නිරත ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට ය. එම සංවිධානයන් වෙතින් ඉදිරිපත් කෙරෙන විවේචන හා ප්‍රශ්ණ කිරීම් හමුවේ ටිල්වින් සිල්වා බලවත් අසීරුතාවයට පත්ව ඇත.


පසුගිය දා මෙරටට පැමිණි විදේශීය රටක නායකයකු සම්බන්ධ කටයුතු සියල්ල ජනාධිපතිවරයා විසින් විදේශ අමාත්‍යාංශය හරහා සිදු කර ඇත්තේ ඊට අදාළව ජ.වි.පෙ. මගපෙන්වීම ලබා නොගෙනය. ඒ පිළිබඳ බලවත් අසතුටක් ද ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, බිමල් රත්නායක ඇතුළු ඉහළ පෙලේ ප්‍රධානින්ට ඇතිව ඇත. ජනාධිපතිවරයා රටේ ජනතාව පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද බරපතල රැවටීමකට ලක්කරමින් සිටින බව ඔවුන්ගේ මතය වී තිබේ.


මෙම අර්බුදකාරී තත්ත්වය, පක්ෂය තුළ විවිධ ශ්‍රේණින් හි මේ වන විට අවිධිමත් අයුරින් සාකච්ඡාවට ලක් වන බව ද අපගේ ආරංචි මාර්ග පෙන්වා දේ. පක්ෂයෙන් එල්ලවන පීඩනය වැඩිවන තරමට ජනාධිපතිවරයා මලික් සමරවික්‍රම, ක්‍රිෂාන්ත කුරේ ඇතුළු ව්‍යාපාරික ප්‍රභූ ජාලයේ පාලනයට වැඩි වැඩියෙන් නතු වෙමින් ඇතැයි ද එම ආරංචි මාර්ග අවධාරණය කරයි.


පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පක්ෂ මාරු කිරීමට නොහැකි වන පරිදි නව නීතියක් ගෙන ඒමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ද මෙම අභ්‍යන්තර අර්බුදය ඉදිරියේ දී පාර්ලිමේන්තුව කරා ද පැමිණිය හැකිය යන අනතුර හේතුකොටගෙනය.


විජිත හේරත්, නලින්ද ජයතිස්ස, ලාල් කාන්ත ඇතුළු පිරිසකගේ සහය ඇත්තේ ජනාධිපති අනුර කුමාර දරන ස්ථාවරයට ය. එහෙත් පක්ෂ අභ්‍යන්තර බලය හා පාර්ලිමේන්තු මැති ඇමතීන්ගේ වැඩි බලය පවතින්නේ තවමත් ටිල්වින් සිල්වා ප්‍රමුඛ කණ්ඩායමට ය.


තීක්ෂණ උඩුවරගෙදර –

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome