ඩොලර් ලක්ෂ 25ක කොල්ලය නිළධාරි පිට පටවයි!

The Pulse of Sri Lanka 0

ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම සිදුව ඇත්තේ මුදල් අමාත්‍යංශයේ පාලන රාමුවේ තිබෙන දුර්වලතා සහ අමාත්‍යාංශ නිලධාරීන් සිය රාජකාරි නිසියාකාරයෙන් ඉටු නොකිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ වර්තාවක දැක්වේ.


එසේම මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් කරුණුමය වශයෙන් නිවැරැදි නොවන ප්‍රකාශ කීපයක් සිදුකර තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.


ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා දෙකක් ඉදිරිපත් කර අැති අතර ඉන් එක් වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ.


හැකරුන් කණ්ඩායමට, භාණ්ඩගාරයෙන් ඇමෙරිකානු ඩොලර් ලකෂ 25 ක මුදලක් සොරකම් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මූලික මෙහෙයුම් සහ පාලන දුර්වලතා හේතුවෙන් බව ද ඒම වාර්තාවේ සදහන් වේ.


එසේම මුදල් අමාත්‍යාංශයේ බාහිර ණය ගෙවීම සඳහා තිබෙන ක්‍රියාවලියේ අසාර්ථකත්වයද මෙම සොරකමට අවශ්‍ය පසුබිම සකස් කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ. මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන ණය ලේඛනවලට අනුව ලැබී තිබෙන ගෙවීම් උපදෙස් නිවැරදි දැයි තහවුරු කර ගැනීමේ වැදගත්ම රාජකාරිය පැවැරී අැති අමාත්‍යාංශ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය නිසිලෙස ඉටුකර නැතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තාෙවි සදහන් වේ


හැකරුන්ට, මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් තැපෑලේ ආරක්ෂාව බිඳ දැමීමට හැකිවීමත් ගෙවීම් උපදෙස් නිවැරදිදැයි තහවුරු කර ගැනීමට එම රාජකාරිය පැවැරී ඇති නිලධාරීන් අසමත් වීමත් හේතුවෙන් මෙම සොරකම සිදුවී තිබෙන බව පැහැදිලි යැයිද එම වාර්තාවේ සඳහන් වේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.