රාජ්‍ය බුද්ධි සේවාව අධ්‍යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන 2018-05-19 දින පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරුන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහ්රාන් හෙවත් අන්තවාදී,ත්‍රස්තවාදී, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශ දැනුවත් කරමින් යවන ලද ලිපියක් අප වෙත ලැබි තිබේ.
"NTJ නායකයා විසින් "නබිතුමාගේ යුද්ධයේ ඉතිහාසය සහ ජිහාදය" සම්බන්ධව සිය අනුගාමිකයින් දැනුවත් කිරීම" යන ශිර්ෂය ඔස්සේ එවකට ගරු රාජ්‍ය පරිපාලන හා කළමනා කරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව,ආරක්ෂ මණ්ඩලද මෙම ලිපිය හරහා දැනුවත් කර තිබේ.
අපේ ජිවිතය අල්ලාහ් දෙවියන්ට අයිති බවත් අප ජිවත් විය යුතු කාලය හා මිය යන දිනය එතුමා විසින් තීරණය කරන බව- පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන්
අදාළ ලිපිය හරහ බුද්ධි ප්‍රධානියා අනාගත අනතුරක් ගැන පෙන්වා දි ඇති බව පැහැදිලිය.
"Mohammed Cassim Mohammed Sahran විසින් ඉස්ලාම් දේශකයින් සහ සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව (ACJU) විවේචනය කරමින් අල්ලාහ්ගේ ඉගැන්වීම නිවැරදිව අනුගමනය කරන එකම් මවුලවිවරයා තමා ලෙසත් IS සංවිධානය කුරාණය හා හදිස්වල මුලික ඉගැන්වීම් නිවැරදිව අනුගමනය කරමින් ඉස්ලාමය පෝෂණය කරන එකම සංවිධානය ලෙසත් ප්‍රචාරය කිරීම තුළ දැඩි මතධාරි මුස්ලිම් තරුණ කොටස් ඔහු වටා ඒකරාශි වීමේ ප්‍රවණතාවය ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. මෙලෙස ආකර්ෂණීය ලෙස දැඩි මතවාදී මුස්ලිම් තරුණ කොටස් මොහුගේ මතවාදය වටා ඒකරාශීවීම සැලකිල්ලට ගැනීමේදී යම් කලහකාරී ක්‍රියාවක් සඳහා එවැනි තරුණ කොටස් පහසුවෙන් පෙළඹ වීමේ හැකියාවක් මෙවැනි ප්‍රචාරණයන් තුළින් මොහු විසින් නිර්මාණය කරගෙන ඇති බවට නිරීක්ෂණය වී ඇත."
එම ලිපිය අවසානයේ රාජ්‍ය බුද්ධි සේවාව අධ්‍යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන සදහන් කර ඇත්තේ
"මෙම අන්තවාදී දේශකයා විසින් 2016 වර්ෂයේ සිට IS සංවිධානයේ තෙවාදය සාධාරණිකරණය කරමින් අන්‍යාගමිකයින් ඝාතනය කරමින් ඉස්ලාම් රාජ්‍යයක් ඇති කළ යුතු බවට ප්‍රචාරණයන් සිදු කිරීමනේ. 201703.10 දින කාත්තන්කුඩි ප්‍රදේශයේදී ජාතික තව්හීද් ජමාත් සංවි ධාතයේ පිරිසක් විසිත් ඉස්තිහාද් අලූල් සුන්තුල් වල් ජමාත් සංවිධානයේ පිරිසකට පහරදීමේ සිද්ධියට අදාළව (ප්‍රධාන සැකකරු) අධිකරණය ගෙහරිමින් සැගව සිටිමින් යම් කලහකාරී ක්‍රියාවක් සඳහා මුස්ලිම් තරුණයින් පෙළඹ වීමේ අදහසින් මෙවැනි ප්‍රචාරණයන් සිදු කිරීමත් සැලකිල්ලට ගෙන මොහු පොලීසියේ විශේෂ අංශයක් හරහා අත්අඩංගුවට ගෙන සමාජගත කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව නිරීක්ෂණය වේ."
නමුත් එවකට, මේ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ රවී සෙනෙවිරත්න. අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේ, ශානි අබේසේකරය. එසේනම් මෙම දෙදෙනාම වත්මන් NPP පාලනය ස්ථාපනය කිරිම වෙනුවෙන් රාජ්‍ය අධපණ කිරිම සදහා පාස්කු ප්‍රහාරයට ඉඩ දි ඇති බව දැන් දැන් නොරහසකි.
සහරාන් හෂීම් ඇතුළු අනුගාමිකයින්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ තරම් තොරතුරු ලබා දී තිබියදීත් එය වැළැක්වීමට රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ගත් පියවර කුමක් ද?
මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළ පුද්ගලයින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වැනි නිලධාරින් සම්බන්ධයෙන් විමර්ශන කරන්නේ කොහොම ද?

