බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි ට අපහාසයක් වන අන්දමේ අසත්‍ය,ද්වේෂ සහගත වීඩියෝ,ඡායාරූප හා ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වමින් යු ටියුබ් නාලිකා ක්‍රියාකාරි සුදත්ත තිලකසිරි ට හ කොන්දේසි සහිත වාරණ අඥාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍යය මහතා (24) නිකුත් කළේය.
ගලබොඩ අත්තේ ඥානසාර හිමි විසින් සුදත්ත තිලකසිරි ,ගූගල් සමාගම සහ වග උත්තරකරුවන් කරමින් ඔන්ලයින් පනත යටතේ පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා වගඋත්තර කාර තිලකසිරි ට ලබන 08 වැනි දින අධිකරණයේ කරනු දක්වන ලෙසට නොතීසි ද නිකුත් කළේය.
පැමිණිලිකාර ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥ ශිවාන් කුරේ සහ නීතිඥ සංජය ඇන්තනී මහත්වරුන් කරුණු දක්වමින් අවධාරණය කර සිටියේ වග උත්තරකරු අපහාසාත්මක පුවත් සිය යු ටියුබ් නාලිකාවේ ප්‍රචාරය කර ඇති බවය.
අසත්‍ය තොරතුරු පළකර සිය සේවා දායකයාට මඩ ගැසීමේ ක්‍රියා නතර කරන ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව වග උත්තරකරුට තහනම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමේ අයිතියක් නොමැති බවත්,ඔන්ලයින් පනත ප්‍රකාරව මෙම ක්‍රියා සම්පූර්ණයෙන් නීති විරෝධී බවත් සඳහන් කළේය.
පැමිණිල්ල මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකරුට ලබන 08 වැනි දින අධිකරණය පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කළ අතර අපහාසාත්මක තහනම් ප්‍රකාශ තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක්ද නිකුත් කළේය.

