කිලෝග්‍රෑම් ලක්ෂ විස්සක යකඩ ගොඩකටත් ඩිල් එකක්! වරාය ඇමති කාගේ පැත්තේද?

The Pulse of Sri Lanka 0

කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ ස්ථාපිත කිලෝග්‍රෑම් ලක්ෂ විස්සකට අධික බරින් යුත් ග්‍රැන්ටි දොඹකර (Gantry Cranes) හතරක් ඉවත් කිරිමේ ටෙන්ඩරය ප්‍රදානය කිරීම තෙවන වරටත්  කල් දැමීමෙන්  ගැටළුකාරී තත්වයක් නිර්මාණය වී ඇති බව වරාය අධිකාරියේ ආරංචිමාර්ග සදහන් කරයි.


රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් මෙම ටෙන්ඩරයේ ඉල්ලුම්කරුවන් 11 දෙනෙකු ඉදිරිපත්ව සිටියත් එම සංඛ්‍යාව ඉල්ලුම්කරුවන් දෙදෙනෙකු දක්වා අඩු කර තිබෙන බවත් මෙමගින් පළපුරුදු ආයතන කිහිපයක්ම ඉවන් කිරීමට පියවර ගෙන ඇති බවත් වරාය ක්ෂේත්‍රයේ ප්‍රවීණ පරිපාලකයින් චෝදනා කරති.


මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානයක් යොමුකොට  ටෙන්ඩරය සමාලෝචනය කරන ලෙසට ඇතැම් ඉල්ලුම්කරුවන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැමිණිලි කර ඇති බවද වාර්තා වේ. 


කොළඹ වරායේ මීට පෙර ‘ගැන්ට්‍රි දොඹකර’ කපා ඉවත්කිරීමේ ටෙන්ඩරය ලැබූ සමාගම සහ පසුව දෙවැනි පාර්ශවකරු ලෙස එම කාර්ය ක්‍රියාත්මක කළ සමාගම ඇතුළු පළපුරුදු සමාගම් කීපයක් අවසන් ඉල්ලුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් කපාහැර ඇති බවත් එම ටෙන්ඩරය ප්‍රදානය කිරීම මෙම මස 16 වැනිදා සිට අද  28 වැනිදා දක්වා කල් දමා  අතර එය  අගෝස්තු 11 වැනිදා දක්වා යළි කල් දැමීමට වරාය අධිකාරිය පියවර ගෙන තිබෙන බවද   ඔවූහු කියා සිටියහ.


වරාය අධිකාරියේ සේවා සැපයුම් දෙපාර්තමේන්තුව මෙම ‘ගැන්ට්‍රි දොඹකර’ හතර (04) කපා ඉවත්කිරීමේ ටෙන්ඩර් ක්‍රියාත්මක කරන බවත් මෙහිදී ඉවත්කළ සැපයුම්කරුවන් නවදෙනා අතර පළපුරුදු සමාගම් කීපයක්ම සිටින්නේ යැයි තොරතුරු වාර්තා වී ඇති බව ද ඔවුහු පවසති. 


මෙහිදී සම්ප්‍රදායෙන් බැහැරව ගොස් ටෙන්ඩරයෙන් ඉවත්කළ ඉල්ලුම්කරුවන් ඉදිරිපත් කළ අභියාචනා එකම ටෙන්ඩර් මණ්ඩලය විසින්ම සළකා බැලූ බවත්   එම අභියාචනා සළකා බැලීම සඳහා වෙනත් නිලධාරියකු හෝ මණ්ඩලයක් පත්කරන ලෙසත් ඔවූහු ඉල්ලා සිටිිති.


2020 සට 2022 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ‘ගැන්ට්‍රි දොඹකර’ හතරක් සහ සෙසු දොඹකර හයක් ඉවත්කිරීමට ප්‍රදානය කළ ටෙන්ඩර්වල උප කොන්ත්‍රාත් කළ සමාගම මෙවර ටෙන්ඩරයට අයදුම්කර තිබුණ ද එම සමාගම ද අවසන් ඉල්ලම්කරුවන් ලැයිස්තුවෙන් ඉවත්කර ඇත.


තවද සංවිධානාත්මකව එක් පාර්ශවයක් වෙත මෙම ටෙන්ඩරය ලබාදීම සදහා ටෙන්ඩර් කමිටුව කටයුතු කරන බවට සැක මතුවී ඇති බව ද මේ පිළිබඳව කළ විමසුමකදී ටෙන්ඩර්කරුවෝ සඳහන් කළහ.


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතාගෙන් මෙම ‘ගැන්ට්‍රි දොඹකර’ හතර කපා ඉවත්කිරීමේ ටෙන්ඩරය පිළිබඳව නිර්මාණය වී ඇති ව්‍යාකූල තත්වය පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එම ටෙන්ඩරය පිළිබඳ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් එම ක්‍රියාවලියට අනුමැතිය ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත්ය.


ටෙන්ඩරයේ කටයුතු කමිටු දෙකක් හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව කී සභාපතිවරයා ඒ හේතුවෙන් එම ටෙන්ඩරය පිළිබඳව වැඩිදුර කථාකිරීම සුදුසු නොවන බව ද සඳහන් කළේය.


එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරන ටෙන්ඩර් කමිටුවම අභියාචනා ද සළකා බැලීම පිළිබඳව කළ විමසුමේදී වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා පැවසුවේ ඒ පිළිඳව ටෙන්ඩර් කමිටුවෙන්ම විමසිය යුතු බවත්ය.


ජය බහලුම් පර්යන්ථයේ 80 දශකයේ ස්ථාපති කළ මෙම ‘ගැන්ට්‍රි දොඹකර’ වර්තමානය වන විට යල්පැන ගොස් ඇති අතර ඒ හේතුවෙන් ඒවා කපා ඉවත්කිරීමට තීරණය කර ඇති අතර මීට වසර කීපයකට පෙර ද ‘ගැන්ට්‍රි දොඹකර’ කීපයක් කපා ඉවත්කිරීමට පියවර ගත්තේය. 


ගැන්ට්‍රි දොඹකරයක් යනු කුමක්ද?


ගැන්ට්‍රි දොඹකරයක් යනු එසවුම්, ට්‍රොලි සහ අනෙකුත් ද්‍රව්‍ය හැසිරවීමේ උපකරණ සඳහා ගැන්ට්‍රි ව්‍යුහයක් භාවිතා කරන දොඹකර වර්ගයකි. ගැන්ට්‍රි ව්‍යුහය සාමාන්‍යයෙන් වානේ බාල්ක සහ තීරු වලින් සාදා ඇති අතර, රේල් පීලි හෝ ධාවන පථ මත ධාවනය වන විශාල රෝද හෝ වාත්තු යන්ත්‍ර මගින් ආධාරක වේ.


ගැන්ට්‍රි දොඹකර බොහෝ විට නැව් අංගන, ගබඩා, කර්මාන්තශාලා සහ ඉදිකිරීම් ස්ථාන වැනි කාර්මික සැකසුම් තුළ බර ද්‍රව්‍ය සහ උපකරණ එසවීමට සහ ගෙනයාමට භාවිතා කරයි. නැව් හෝ ට්‍රක් රථවලින් භාණ්ඩ පැටවීම සහ බෑම වැනි බර එසවීමට සහ තිරස් අතට ගෙන යාමට අවශ්‍ය යෙදුම් වලදී ඒවා විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.


ඉදිකිරීම් කර්මාන්තයේ දී, වානේ බාල්ක, කොන්ක්‍රීට් කුට්ටි සහ පෙර සැකසූ පැනල් වැනි බර ගොඩනැගිලි ද්‍රව්‍ය එසවීමට සහ ගෙනයාමට ඒවා භාවිතා වේ. මෝටර් රථ කර්මාන්තයේ දී, ගැන්ට්‍රි දොඹකර එකලස් කිරීමේ මාර්ගයේ විවිධ වැඩපොළවල් අතර එන්ජින් හෝ සම්ප්‍රේෂණ වැනි විශාල මෝටර් රථ කොටස් ගෙනයාමට භාවිතා කරයි. නැව් කර්මාන්තයේ දී, නැව් සහ ට්‍රක් රථවලින් භාණ්ඩ බහාලුම් පැටවීමට සහ බෑමට ගැන්ට්‍රි දොඹකර භාවිතා කරයි.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.