ආණ්ඩුව විසින් අත්තනෝමතිකව ගෙනු එනු ලැබීමට සුදානමින් සිටින 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරිපත් කෙරුනු ඇති පෙත්සම් විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට සදාචාරාත්මක හේතු මත කටයුතු කළ නොහැකි නිසා, එය ජනමත විචාරණයකට ලක් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද අධිකරණ අමාත්‍යවරයා හමුවේ අවධාරණය කර සිටියා.
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පළ කරන විරුද්ධත්වය හා ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන කරුණු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තමන් පියවර ගන්නා බව අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා එම සංගමය හමුවේ එකඟතාවය පළ කර තිබේ.
විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධව අධිකරණ ඇමතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛ නියෝජිතයින් අතර අද (29) සවස පැවති විශේෂ සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළකර ඇත.
රජය ගෙන ඇති මෙම තීරණය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට හා අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසයට බලවත් හානියක් සිදුවන බව නීතිඥ සංගමය මෙහිදී කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබේ.
රටේ විනිසුරුවරුන් ප්‍රමුඛ නීතිඥ ප්‍රජාව මේ සඳහා දැඩි විරෝධයක් පළ කර ඇති බවත් එවන් පසුබිමක මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ඇති හදිසි අවශ්‍යතාවය කුමක්දැයි නීතිඥ සංගමයේ සාමාජිකයින් ඇමතිවරයාගෙන් ප්‍රශ්න කර තිබේ
නීතිඥ සංගමයේ නියෝජිතයින් ඉදිරිපත් කළ කරුණුවලට සවන් දුන් අධිකරණ ඇමතිවරයා අධිකරණ පද්ධතියේ වත්මන් එහි තත්ත්වය සහ එහි කටයුතු තවදුරටත් සාර්ථකව සිදු කිරීමට ගෙන ඇති සැලසුම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බව සාකච්ඡාවට එක් වූ නීතිඥයෙක් පැවසීය.
කෙසේ වෙතත් අද පැවති සාකච්ඡාදී මතු වූ කරුණු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා නීතිඥ සංගමයේ සාමාජිකයන් හමුවේ පොරොන්දු වී ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත්කරමින් රජීව් අමරසූරිය මහතා පවසා සිටියේ සිය සංගමයේ ස්ථාවරය වන විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය මෙම අවස්ථාවේ නොකරන ලෙස ඉල්ලා සිටි බවයි.
තම සංගමයේ ස්ථාවරය ගැන ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් බවත් ඒ අනුව මෙම සියලු කරුණු කාරණා පිළිබඳව තමන් ජනාධිපතිවරයා දැනුවත් කර එහි තීරණය නැවත සංගමය වෙත දැනුම් දීමට අධිකරණ ඇමැතිවරයා එකඟතාවය පළකලළ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

