මත්පැන් නිෂ්පාදනයේදී සහ ගබඩා කිරීමේදී සිදු වන අපතේයන මධ්‍යසාර ප්‍රතිශතය 1.5% සිට 0.1% දක්වා අඩු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත් තීරණය හේතුවෙන් තවදුරටත් සිය නිෂ්පාදන කටයුතු කරගෙන යාම අසීරු වී ඇති බව එම සමාගම් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ. නිෂ්පාදනයන් සදහන් කරන්නේ මේ තත්ත්වය හමුවේ මත්පැන් නිෂ්පාදන නතර කිරිමට තමන්ට සිදුව ඇති බවයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම නව නිවේදනය හේතුවෙන් දැනට ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 23ක අතිවිශාල බදු මුදලක් ගෙවනු ලබන මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම්වලට නැවත වරක් බදු ගෙවීමට සිදුවන බව නිෂ්පාදකයෝ පෙන්වා දෙති.
මත්පැන් නිෂ්පාදනයේදී මෙන්ම ගබඩා කිරීමේ ක්‍රියාවලියේදී මධ්‍යසාර වාෂ්ප වීමේ සිදුවීම් බහුලව වාර්තා වන බව නිෂ්පාදකයින් සඳහන් කරයි. විශේෂයෙන්ම බෝතල් කිරීමේ යන්ත්‍ර වෙත ස්ප්‍රීතු යොමු කිරීමේදී සහ නවීන යන්ත්‍ර මඟින් සිදුකෙරෙන බෝතල් කිරීමේ ක්‍රියාවලියේදී මෙසේ මධ්‍යසාර වාෂ්ප වීම් විශාල වශයෙන් සිදු වේ.
මීට අමතරව රජයේ රස පරීක්ෂකවරයා වෙත මත්පැන් බෝතල් යොමු කිරීමේදී සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගන්නා මත්පැන් බෝතල් තොගද ගණනය කෙරෙන්නේ මෙම අපතේයන මධ්‍යසාර ප්‍රතිශතය යටතේ වීම විශේෂත්වයකි.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අංක 991 දරණ සුරාබදු නිවේදනය මඟින් පසුගිය ජූලි මස 24 වෙනිදා මෙම නව සංශෝධිත නිවේදනය නිකුත් කර ඇත්තේ පරිපාක, පොල් හා තල් ස්ප්‍රීතු නිෂ්පාදන ඇසුරින් පමණක් ලබාගන්නා අපතේයාම් පිළිබඳ සැලකිල්ලට ගනිමිනි.
මීට පෙර සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබූ අංක 151 දරණ නිවේදනයේ සඳහන් මධ්‍යසාර අපතේයාමේ ප්‍රතිශතය, සංශෝධිත 991 දරණ නිවේදනය මඟින් මෙලෙස අඩුකිරීම අත්තනෝමතික ක්‍රියාවක් බව මත්පැන් නිෂ්පාදකයෝ අවධාරණය කරති.
අමතරව රජයේ රස පරීක්ෂක යොමු කිරීමේදී මෙන්ම නවීන යන්ත්‍ර සූත්‍ර මගින් බෝතල්ගත කිරීමේදී ද විශාල වශයෙන් අදාළ අපතේ යාම් සිදුවන බව ද සමාගම් පෙන්වා දෙයි. සුරාබදු දෙපාර්තමේන්තුව අංක 151 නිවේදනය මගින් නියම කර තිබූ අපතේ යාම් ප්‍රතිශතය අඩු කරමින් නිකුත් කළ අංක 991 යටතේ අදාළ අපතේ යාම් ප්‍රතිශතය අත්තනෝමතික අඩුකර ඇතැයි පැවැසේ. ලෙස රුපියල් මේ හේතුව මත වසරකට කෝටි 2300 ක් (බිලියන 23) පමණ රජයට බදු ගෙවනු ලබන සමාගම්වලට පවා ගෙවන බදු වලටත් යළි බදු ගෙවීමට සිදුව ඇතැයි සමාගම් පෙන්වා දී තිබේ.
මේ පිළිබඳව පිළිගත හැකි විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කොට කලින් පැවැති අපතේ යාම් ප්‍රතිශත වෙතනොයන්නේ නම් මත්පැන් නිෂ්පාදන කටයුතු අතහැර දැමීමට තමන්ට සිදුවන බවද එම සමාගම් සුරා බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත.
සුරා බදු දෙපාර්තමේන්තුව අංක 991 දරන සුරා බදු නිවේදනයක් නිකුත් කරමින් 2026.07.24 වැනිදා මෙම සංශෝධන කර ඇත. ඒ අනුව පරිපාක, පොල්, තල්,ස්ප්‍රීතු නිෂ්පාදන සහ නිකුත් කිරීම පිළිබඳ වාර්තා ලබා ගනිමින් මෙම අපතේ යාම් ප්‍රතිශත වෙනස් කර තිබේ.
එබැවින් මෙම අපතේයන මධ්‍යසාර ප්‍රතිශතය අඩු කිරීමට පෙර, මෙම අපතේයාම් සිදුවන්නේ කෙසේද, කුමන කරුණු මතද සහ ඒ සඳහා බලපාන විද්‍යාත්මක සාධක මොනවාද යන්න පිළිබඳව නිවැරදි, ප්‍රායෝගික හා විද්‍යානුකූල පරීක්ෂණයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව නිෂ්පාදකයින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

