ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වූ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක්කටා” නැමැති අය සම්බන්ධ රුපියල් මිලියන 120 ක (ලක්ෂ 1200 ක) දැවැන්ත අල්ලස් සිද්ධියට මෙන්ම බාල ගල් අඟුරු ජාවාරමේ ප්‍රධාන මහමොළකරු වූ හක්මන නන්දාලෝක නැමැති චීවරධාරියා පිළිබඳව අණාවරණය කළේ අප ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් පමණි.
මෙම අණාවරණය කිරීමත් සමඟ ඉමහත් කලබලයට පත්ව ඇති පැලවත්ත දූෂිත කල්ලිය, හක්මන නන්දාලෝක ගැන තොරතුරු හෙළි කෙරෙන සමාජ මාධ්‍ය ගිණුම් වෙත බාධා පැමිණවීමට ක්‍රියා කරමින් සිටිති. ඒ අනුව, පැලවත්තේ දූෂිත කල්ලියේ විධානය මත ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මගින් “U Tube” ආයතනයට පැමිණිලි කර “Dark Room” නැමැති “U Tube” නාලිකාවේ නන්දාලෝක පිළිබඳව වැඩසටහන තහනම් කරවාගෙන තිබේ. මේ සමඟ දක්වා ඇත්තේ ඒ පිළිබඳ සාක්ෂි ය.
හක්මන නන්දාලෝක සහ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා අතර ඇත්තේ ඉතා සමීප හිතවත්කමකි. හක්මන නන්දාලෝකගේ “හක්මන ප්ලාන්ටේෂන්” සමාගමට අයත් අක්කර 300 හා 400 ක පමණ වන වතු කිහිපයකටම සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් කම්කරුවන් ලෙස වැඩට යොදවා ගත්තේ පැලවත්තේ අනුදැනුම මත තුයියකොන්තාගේ මැදිහත්වීමෙනි. අප කළ සොයාබැලීම අණාවරණය වූයේ, හක්මන නන්දාලෝක මගින් ආයෝජනය කෙරෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයන කළු සල්ලි බවය. මේ නිසා පොලිසියේ ඉහළ නිලධාරින් හා තුයියකොන්තා වැනි චරිත පමණක් නොව ජ.වි.පෙ. නායකයන් ද හක්මන නන්දාලෝකගේ සාක්කුවේ වෙති.
හරක්කටාගෙන් ලබාගෙන ඇතැයි කියන රු. ලක්ෂ 1200 ක මුදලින්, කොටසක් පොලිසියේ ඇතැම් ප්‍රධානින්ට ලබා දී තිබෙන්නේ භික්ෂුවක් මගින් යැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම පසුගිය දා උසාවියට වාර්තා කළ ද, ඒ බව අදාල “බී” වාර්තාවේ සඳහන් කර නැත. එසේ සිදු වී ඇත්තේ ද පැලවත්තේ දූෂිත කල්ලියේ බලපෑම මත බව අපගේ ආරංචි මාර්ග අණාවරණය කරයි.
පැලවත්තේ දූෂිත කල්ලිය බියට පත්ව ඇත්තේ හරක්කටාගෙන් ගත් පගාවට අදාළව හක්මන නන්දාලෝක අත්අඩංගුවට ගෙන සිරභාරයට පමුණුවනු ලැබුවහොත් බාල ගල් අඟුරු ජාවාරමේ තොරතුරු ද ඔහු විසින් එළියට දමනු ඇතැයි යන කරුණ මතය. මේ නිසා කවර තත්ත්වයක් තුළ හෝ හක්මන නන්දාලෝක ආරක්ෂාකර ගැනීම පැලවත්තේ දූෂිත කල්ලියේ පරමාර්ථය වී තිබේ.
දුමින්ද කල්දේරා
Lanka UnderGround News

