මත්පැන් බෝතල් ස්ටිකරය ටෙන්ඩරය වටා සැක සහිත කුමන්ත්‍රණයක්! – රාජ්‍ය ආදායම බරපතල අවදානමක!

The Pulse of Sri Lanka 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසර කිහිපයේදී ඉතාමත් සාර්ථක ආදායම් වර්ධනයක් ලබා ගත් ආයතනයක් ලෙස සැලකෙයි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ 2022 ජනවාරි 3 දින ආරම්භ කළ ආරක්ෂිත බදු මුද්දර පද්ධතිය හෙවත් මත්පැන් බෝතල්වල ප්‍රදර්ශන කෙරෙන කිව් ආර් ( QR) කේත සහිත ස්ටිකරයයි.ඒ හේතුවෙන් 2022–2025 කාලය තුළ ආදායම 60%කට වැඩි වී ඇත.


2025 මැයි 31 වන විට, දෙපාර්තමේන්තුව තම වාර්ෂික ඉලක්කයේ 104%ක් ලබා ගත් බව නිල වාර්තා පෙන්වයි. 2026 පළමු කාර්තුවේදී පවා 114.8%ක වර්ධනයක් ලැබී තිබේ.


නමුත් මේ සාර්ථකත්වය ඇති පසුබිමක, 2027 සඳහා නියමිත නව බදු මුද්දර ටෙන්ඩරය  ලබාදිම සදහා කටයුතු කරමින් සිටින අකාරය වටා දැඩි සැක සහිත චෝදනා මතුවී තිබේ.එම කුමන්ත්‍රණය හරහා රාජ්‍ය ආදායමට හා බදු පද්ධතියේ විශ්වාසයට බරපතල අවදානමක් බව මතුව තිබේ. එනම් කුඩා නිළධාරීන් කණ්ඩායමක් තමන්ට දිර්ඝ කාලයක් තිස්සේ ලැබෙන අනියම් වරප්‍රසාද පවත්වා ගැනිම සදහා එම වරප්‍රසාද ලබාදෙන සමාගම් වල නැටවෙන රූකඩ බවට පත්විමයි.


ටෙන්ඩරය වටා මතුවන චෝදනා


ප්‍රධාන නිලධාරීන් තුනක් – බලය සෙවීමේ රහස්‍ය සම්බන්ධතා?


ලැබී ඇති ලේඛනය අනුව, එක්සයිස් කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න, මූල්‍ය නිලධාරිනී ආර්. බුලත්සිංහල, සහ ජනාධිපති කාර්යාලයෙන් පත් කළ ආදායම් අධිකාරියේ අධ්‍යක්ෂ නිහාල් ප්‍රේමලාල් යන තිදෙනා අතර රහස්‍ය සාකච්ඡා පවතින බවට චෝදනා එල්ල වී ඇත.


තුන් කට්ටුව කුමන්ත්‍රණ මෙහෙයවන හැටි 


එක්සයිස් කොමසාරිස් ජනරාල්වරයා (ECG) – වත්මන් කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රේමරත්න මහතා කටයුතු කරයි. ඔහු එක්සයිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියා වන අතර, බදු මුද්දර ටෙන්ඩරය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් ඇති පුද්ගලයා වේ.


මූල්‍ය නිලධාරිනී (CFO) – ආර්. බුලත්සිංහල මහත්මිය එක්සයිස් දෙපාර්තමේන්තුවේ මූල්‍ය කටයුතු භාරව කටයුතු කරයි. ඇය ටෙන්ඩර් ක්‍රියාවලියේ මූල්‍ය පැතිකඩ හසුරුවන ප්‍රධාන නිලධාරිනියකි.




නිහාල් ප්‍රේමලාල මහතා – ජනාධිපති කාර්යාලය විසින් පත් කරන ලද ආදායම් අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. එක්සයිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රධාන බලපෑම්කාරී පුද්ගලයා ලෙස සැලකෙන ඔහු, කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බොහෝ නිලධාරීන් මෙහෙයවන්නේ තමා යැයි කියනු ලැබේ.

නිහාල් ප්‍රේමලාල් යනු කැනඩාවේ ටොරොන්ටෝ නුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන  ජාතික ජන බලවේගයේ (NPP) හිටපු කැනඩා කමිටු සංවිධායකවරයාය. දෙමළ ඩයස්පොරාව සමග ඉතාම සමිපව කටයුතු කරන මොහු කැනඩාවේ නිවසක් ගත් අකාරයද අප ඉදිරියේදි අනාවරණය කිරිමට සුදානම්!



ඒ අනුව 


“නිහාල් ප්‍රේමලාල් මහතා දැනට  Excise Department (සුරාබදු දෙපාර්තමේන්තුවේ) ප්‍රධාන බලපෑම්කාරී පුද්ගලයා බවත්, ඔහු කොමසාරිස් ජනරාල්වරයා හසුරුවන බවත්.” තහවුරු වි තිබේ.


මෙම සාකච්ඡා මූලික අරමුණ ලෙස, සුදුසුකම් නොමැති සමාගමක් නව ටෙන්ඩරයට ගෙන්වා ගැනීම බවට චෝදනා පවතින අතර, එය බදු කාන්දුවීම් සිදු කිරීමට ඉඩ සලසන බවත් සඳහන් වේ.


මේ පසුපස ප්‍රමුඛ බියර් සමාගමක්!


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බියර් සමාගමක් වන Lion Brewery මෙම රහස්‍ය සාකච්ඡාවලට සම්බන්ධ බවටත්, නව ටෙන්ඩරය ඔවුන්ට වාසිදායක ලෙස හැරවීමට උත්සාහයක් පවතින බවටත් මේ වනවිට අනාවරණය වි ඇති අතර ඊට අදාළ ඔහුන් විසින් නිර්මාණය කරන ලද සමාගමක් සදහා මෙම බදු මුද්දර (ස්ටිකර්) මුද්‍රණය කිරිමේ ටෙන්ඩරය ලබාදීම සදහා කුමන්ත්‍රණය කරමින් සිටි.මේ හරහා වෙළඳපොළේ තරඟකාරීත්වය බරපතල ලෙස විනාශ විය හැකි බව නොරහසකි.


වත්මන් බදු මුද්දර පද්ධතිය – සාර්ථකත්වය සහ තාක්ෂණික තත්ත්වයක් වන අතර ඒ හරහා බදු කාන්දුවීම් සැලකිය යුතු ලෙස අඩු කර ගැනිමට රජය සමත් විය.නමුත් නව ටෙන්ඩරය තුළ, ඩිජිටල් පද්ධතිය පමණක් ක්‍රියාත්මක කිරීමට උත්සාහයක් පවතින බවට තොරතුරු මේ වනවිට අනාවරණය වි තිබේ.


මෙම කුමන්ත්‍රණයේ අවසන් පියවර වන්නේ  ඉහළ ධාරිතාවය ඇති සමාගම් දෙකකට පමණක් වෙළඳපොළ පාලනය කළ හැකි විමත්, ඒ හරහා කුඩා නිෂ්පාදකයින් ව්‍යාපාරයෙන් ඉවත් කිරිමත් ය.


රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මේ කුමන්ත්‍රණයේ පාර්ශවක්ද?




රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය කාලයේ මත්පැන් බෝතල්වල ප්‍රදර්ශන කෙරෙන කිව් ආර් ( QR) කේත සහිත ස්ටිකරය සම්බන්ධයෙන් විවිධ මත පලකර අතර ඔහුද මෙම මුද්‍රණ ටෙන්ඩරය වෙනත් සමාගමකට ලබාදිම සදහා කටයුතු කරමින් සිටින් අයෙකි.


ඔහු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ සදහන් කළේ ස්ටිකරය ඩිජිටල් ආකාරයට මුද්‍රණය කිරීමටද මුද්‍රීත ස්ටිකරයට යන වියදමට සමාන මුදලක් කාලයක සිට වැයකෙරෙන බවත් එයද ලොකු මුදල් නාස්තියක් බවයි.


"ආරක්ෂිත ස්ටිකර් දහසක් ඩිජිටල් මුද්‍රණය සඳහා රජය විසින් අදාළ ඉන්දියානු සමාගම වෙත ඩොලර් 8ක මුදලක් ගෙවන නමුත් සැබැවින්ම ඒ වෙනුවෙන් වැය වන්නේ ඩොලර් ශත 12ක් වැනි ඉතා සුළු මුදලකි. එවන් පසුබිමක 2027 වසරේ මෙම ආරක්ෂිතස්ටිකර් ටෙන්ඩරය අලුත් කිරීමේදී රජය වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතුයි." යැයි ඔහු පවසයි. දහසකට ඩොලර් 8ක මුදලක් වැය කිරිම වෙනුවට ඩොලර් ශත 12ක් වැය කර මුද්‍රණය කලහැකි ස්ටිකරය කුමක්ද? යන්න හර්ෂට අදහසක් තිබේද? එය කල හැකි දෙයක්ද?


හර්ෂ මේ මෙහෙයුමට පාදක කර ගත්තේ ව්‍යාජ QR කේත සහිත ස්ටිකර් අලවා තිබු නීති විරෝධි මත්පැන් බෝතල් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම සොයා ගැනිමත් සමගය. ඔනෑම දෙයක ව්‍යාජ දේවල් නිර්මාණය කිරිමට ආයියානුවෝ උපන් හපන්කම් දක්වන බව නොරහසකි. නමුත් අපට දැන ගැනිමට ඇති තොරතුරු වලට අනුව අදාළ ව්‍යාජ QR කේත සහිත ස්ටිකර් අලවා නීති විරෝධි මත්පැන් බෝතල් දිවයිනේ ප්‍රදේශ කිහිපයකිම බේදාහැර ඇත්තේද මෙම කුමන්ත්‍රණයේම කොටසක් ලෙසය. 



අනිත් අතට  දහසකට ඩොලර් 8ක මුදලක් වැය කිරිම වෙනුවට ඩොලර් ශත 12ක් වැය කර මුද්‍රණය කලහැකි ස්ටිකරයකට ගියහොත් ගෙදරදිම මේ වංචාව කර ගැනිම අපහසු නොවනු ඇත.


ඒ අනුව බැලුවිට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මේ කුමන්ත්‍රණයේ පාර්ශවකරුවේකු බව තහවුරු වේ.


මේ හරහා රාජ්‍ය ආදායමට ඇතිවන අවදානම්


1. බදු කාන්දුවීම් නැවත ඉහළ යා හැක


සුදුසුකම් නොමැති සමාගමකට බදු මුද්දර නිෂ්පාදනය භාර දීමෙන්, ව්‍යාජ මුද්දර හා බදු වංචා නැවත වර්ධනය විය හැක.


 2. දේශපාලන බලපෑම්


ජනාධිපති කාර්යාලයෙන් පත් කළ නිලධාරියෙකුට මෙම ක්‍රියාවලිය මත බලපෑමක් ඇති බවට චෝදනා පවතින අතර, එය ටෙන්ඩරයේ විනිවිදභාවය අඩාල කරයි.


 3. කුඩා නිෂ්පාදකයින්ගේ පරිසරය විනාශ වීම


ඩිජිටල් පද්ධතිය පමණක් ක්‍රියාත්මක කළහොත්, කුඩා නිෂ්පාදකයින්ට තාක්ෂණිකව හා ආර්ථිකව පද්ධතිය හැසිරවිය නොහැකි විම.


නිළධාරීන් සාක්කු පුරාවගෙන රටේ අනාගතය අදුරේ හෙලිම!


2022–2026 කාලය තුළ බදු මුද්දර පද්ධතිය ශ්‍රී ලංකා රජයට බිලියන ගණනක ආදායම ඉතිරි කර දුන් සාර්ථක ක්‍රමයක් බවට පත්ව තිබියදි හදිසියේ එය වෙනස් කිරිමට කුමන්ත්‍රණය කරන්නේ මන්ද? එනම්,ඒ හරහා  රාජ්‍ය ආදායමට, වෙළඳපොළේ තරඟකාරීත්වයට, සහ බදු පද්ධතියේ විශ්වාසයට දැඩි හානියක් සිදු කිරිමට බව ඉතා පැහැදිලිය.


එසේ නම් රජය කල යුත්ත්තේ කුමක්ද?


ස්වාධීන පරීක්ෂණයක්


විනිවිදභාවය සහිත ටෙන්ඩර් ක්‍රියාවලිය


බදු මුද්දර ආරක්ෂිත මට්ටම තවදුරටත් ඉහළ නැංවීම


කුඩා නිෂ්පාදකයින්ගේ ආරක්ෂාව සහ තරඟකාරී වෙළඳපොළ පවත්වා ගැනීම

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.