මාලිමාවෙන් 15ක් ගැලවෙයි?

0


මේ දිනවල සමාජ මාධ්‍යවල විශාල වශයෙන් වාර්තා කර ඇති පුවතක් වී ඇත්තේ මාලිමාවේ මන්ත්‍රීවරුන් 15කට ආසන්න ප්‍රමාණයක් නුදුරේදීම මාලිමා ආණ්ඩුවෙන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇතැයි කියාය. මාලිමාව බලයට පත්වී මේ වනවිට මාස පහකට අධික කාලයක් ගතව ඇති හෙයින් ඇතැම් සමාජ මාධ්‍ය දැන් දැන් මේ පුවත මහ ලොකුවට වාර්තා කිරීමට කටයුතු කළත් අප මෙම පුවත ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළේ මාලිමාවේ තුනෙන් දෙකක ආණ්ඩුව පිහිටුවා සති දෙක තුනක් ඉක්ම යද්දීය. එහිදී අප පෙන්වා දුන්නේ මාලිමා ආණ්ඩුව ඇතුළේ විවිධ ස්වරූපවලින් ජවිපෙ-මාලිමා ගැටුමක් දැකගන්නට ඇතැයි කියාය. ආචාර්ය-මහාචාර්ය ප්‍රශ්නය, ප්‍රතිපත්ති ප්‍රශ්න ආදී විවිධ මාතෘකා මුල්කරගෙන මෙම ගැටුම මතුවෙමින් පවතින බවත්, ඇතැම් අවස්ථාවලදී ජවිපෙ දේශපාලන මණ්ඩලය මේ නිසා ඉතා උණුසුම්කාරී වී ඇති බවත් අපි එහිදී වාර්තා කර සිටියෙමු.


කෙසේ වෙතත් මාලිමාවෙන් මන්ත්‍රීවරුන් 15කට ආසන්න පිරිසක් ඉවත් වීමට සූදානමින් සිටින පුවත සම්බන්ධයෙන්ද පසුගිය සතියේ අපි විශේෂ සොයාබැලීමක් කළෙමු. ඒ අනුව මෙවර අප මෙම කතාවේ ඇත්ත කතාව පාඨකයන්ට හෙළිකිරීමට සූදානම්ය.


159ක් වූ මාලිමා මන්ත්‍රීවරුන්ගෙන් 107ක් නියෝජනය කරන්නේ මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයෙනි. එහි උපන්ගෙයි ජවිපෙ මන්ත්‍රීවරුන් සිටින්නේ 52කි. මේ පනස් දෙදෙනා පූර්ණකාලීන ජවිපෙ සාමාජිකයන්ය. නමුත් 107ක් වූ මාලිමා මන්ත්‍රීවරුන්ගෙන් අතිබහුතරයක් ආචාර්ය – මහාචාර්ය පදවි මෙන්ම ප්‍රධාන පෙළේ සමාගම්වල සහ ආයතනවල ඉහළ තනතුරු දැරූ, ඉහළ වරප්‍රසාද සහිත, ඉහළ වැටුප් ලැබූ පිරිස්ය. නැතහොත් ඉහළ මට්ටමේ වෘත්තිකයන්ය. ඔවුන් මාලිමාවේ මන්ත්‍රී ධුරවලට පත්වූයේ ඒ සියලු වරප්‍රසාද වැටුප් පසෙක තබාය.


එමෙන්ම මෙම පිරිස ආණ්ඩු බලය ගැනීම සඳහා මැතිවරණ වේදිකාවේදී කියා සිටියේ මාලිමා මන්ත්‍රීවරුන් වැටුප්, වරප්‍රසාද, වාහන, ඉන්ධන, කාර්ය මණ්ඩල ආදිය ලබාගන්නේ නැතැයි කියාය. ජනතාවට දුන් එම පොරොන්දුව නිසා ඔවුන්ට දැන් ඒවා ලබාගැනීමේ අපහසුතාවක්ද පවතී. මෙසේ වරප්‍රසාද නොමැතිව කට්ටක් කෑමට පූර්ණකාලීන ජවිපෙ සාමාජිකයන්ට හැකියාව තිබුණත්, ඉහළ මට්ටමේ වැටුප්, රැකියා සහ වරප්‍රසාද පසෙක තබා පාර්ලිමේන්තු පැමිණි මාලිමාවේ යම් කණ්ඩායමකට මේ වනවිට මෙය විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ අනුව ඔවුන් මේ දිනවල යම් තක්සේරුවක් කරමින් සිටින්නේ තවදුරටත් මෙම කට්ට කාගෙන, පඩිනඩි, වාහන, ඉන්ධන, වරප්‍රසාද නැතිව අවුරුදු පහම මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ සිටිනවාද, එසේත් නැතිනම් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී පරණ පුරුදු රැකියාවලට ගොස් තමන් එතෙක් ගෙවූ සැපපහසු ජීවිතය ගතකරනවාද කියාය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මාලිමාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර සිදුවෙමින් පවතින මෙම සංවාදය මේ වනවිට උච්ච තැනකට පත්ව ඇති බවත්, කොයි මොහොතේ හෝ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මාලිමාවෙන් ඉවත් වීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බවත්ය.


ඒ අනුව මාලිමාවේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එසේ ඉවත් වුවහොත් ඉන් අනතුරුව සිදුවන්නේ කුමක්ද?


මතුවෙමින් පවතින මෙම තත්ත්වය ජවිපෙද අවබෝධ කරගෙන නැතුවා නොවේ. නමුත් ජවිපෙ බලා සිටින්නේ කොයි මොහොතේ හෝ මෙම මාලිමා මන්ත්‍රීවරුන් සිය ධුරවලින් ඉවත්ව යන තෙක්ය. ඒ, ඔවුන් මන්ත්‍රී ධුරවලින් ඉවත් වූ විට එම හිස්වූ තනතුරු සඳහා පූර්ණකාලීන ජවිපෙ සාමාජිකයන් පත්කර ගැනීමේ ඉඩකඩක් ඔවුන්ට මතුව ඇති නිසාය. එසේ වූ විට දැනට 52ක්ව සිටින පූර්ණකාලීන ජවිපෙ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තවත් ඉහළ නංවාගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ. එය ජවිපෙ පැත්තෙන් විශාල වාසියකි. ඒ නිසා ජවිපෙ දැඩි මතධාරීන් පක්ෂයට දැනුම් දී ඇත්තේ මෙම මාලිමා මන්ත්‍රීවරුන් ඉවත් වීම ජවිපෙට වාසිසහගත බවත්, ජවිපෙ මන්ත්‍රීවරුන්ට කටු කා පුරුදු බවත්ය. මේ වනවිට සමාජ මාධ්‍යවල ආරලු බූරලු දමා ජවිපෙ මන්ත්‍රීවරුන් 15කට ආසන්න පිරිසක් මන්ත්‍රී ධුරවලින් ඉවත් වීමට සූදානමින් සිටින බවට පළවන්නේ මේ කතාවය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome