ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව විසින් කරන ලද ඩීසල් ආනයනය පිළිබඳව සිදු වී ඇති දුෂණ හා අක්‍රමිකතාවයන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමින් ඒකාබද්ධ විපක්ෂ සංධානය අද අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් භාර දුන්නා.
බැරලයකට ප්‍රිමියම් 45 වඩා අඩු සමාගම්, අඩු ලෙස සැපයීමට එකඟවු සමාගම් නොසලකා හරිමින් ට්‍රැපිෆුරා සමාගමට මෙම ටෙන්ඩරය ප්‍රධානය කලේ ද එසේ කලේ නම් එයට හේතුව කමක්ද? මෙම ක්‍රියාවලියේ දී දුෂණය නැමති වරද සිදුවී ඇත්ද?.
ශ්‍රී ලංකාවේ විපක්ෂය නියෝජනය කරන පිළිගත් දේශපාල පක්ෂ හා කණ්ඩායම් ගණනාවක එකමුතුව වූ විපක්ෂ සංධානය වර්ථමාන රජය යටතේ සිදුවන දුෂණ හා අක්‍රමිකතා පිළිබදාව අවධානයෙන් සිටින අතර ජනතාව හා විවිධ සංවිධාන හා පුද්ගලයින් විසින් දෙනු ලබන හා පුවත් හා සමාජ මාධ්‍යන්හි පළවන තොරතුරු අනුසාරයෙන් සිදුවන දුෂණ හා අක්‍රමිකතා පිළිබඳව අදාල බලධාරීන්ට පැමිණිලි කිරිමත් ජනතාව දැනුවත් කිරිමත් සිය සමාජ වගකීමක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබේ.
වර්ථමාන රජයේ දුෂණ හා අක්‍රමිකතා පිළිබඳව අප වෙත ලැබුණු තොරතුරු තුලින් රජයට දැවන්තමුදලක පාඩුවත් සිදු කරමින් සිදුවුයේ යැයි කියනු ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩීසල් මිලදි ගැනීමේ සිද්ධියක් පිළිබඳව ඔබ කොමිෂන් සභාව දැනුවත් කොට ඒ පිළිබඳව අපක්ෂපාති විමර්ශණයක් පවත්වන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමට තීරණය කරන ලදි. එහෙයින් පහත සඳහන් කරුණු පිළිබඳව ඔබ කොමිෂම සතු බලතල ප්‍රකාරව වැඩි දුරටත් අදාල බලධාරීන්ගෙන් කරුණු විමසා අදාල ලිපිගොනු පරික්ෂා කොට දැවන්ත අලාභයක් මෙනම වංචාවක් හා දුෂණයක් සිදු වී ඇද්දැයි විමර්ෂණය කොට එයට වගකිය යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
