අනුර,කුමාර, රුපියල් බිලියන 17.715කට අධික දැවැන්ත මුල්‍ය අක්‍රමිකතාවක! වහාම පරික්ෂණයක් ඉල්ලයි!

0

ජනාධිපතිවරයාත්, බලශක්ති ඇමතිවරයාත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාත් එක්ව අවශ්‍ය උපායමාර්ගික තොග රැස් කරගැනීමෙන් වැලකි සිටිම හරහා එවන් කෘතිමව නිර්මාණය වීමට ඉඩ හරි අර්බුදයක මුවාවෙන් අධික වාරිකයක් ගෙවීමට සිදුවෙන බව අගවා, එසේ වාරිකයක් ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති ඉන්දියාවෙන් සහ සිංගපුරුවෙන් තෙල් මිලදී ගැනීමෙන් රුපියල් බිලියන 17.715කට අධික දැවැන්ත අක්‍රමිකතාවයක් සිදු කර ඇති බව පැහැදිලිව නිරීක්ෂණය වන බව පෙන්වා දෙමින් සංඛ චන්දිම අභයවර්ධන යන අය සභාපති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් වහාම විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක් ගොනුකර තිබේ.


විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල,


සභාපති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම,


රුපියල් බිලියන 17.715ක් හෙවත් ඩොලර් මිලියන 56.27ක දැවැන්ත මංකොල්ලය පිලිබදවයි 


ගරු සභාපතිතුමනි,


ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය වසරේ ජුලි මස සිට දැවැන්ත යුධ සුදානමක සිටි බවත් ඒ සදහා යුධ ගුවන් යානා ප්‍රවාහන නවුකාවන් ඉරානය අසල ස්ථානගත කිරීමත් ලොවම දන සිටියේය. ඕනෑම ප්‍රහාරයකදී ලෝක තෙල් සැපයුම අඩාල වන බවටත් ඒ වනවිට යුද්ධයට පෙර පැවති අඩු මිලට මිලදී ගත් තෙල් තොග රැගත් නෞකා ලොව පුරා නව ගැනුම් කරුවන් හට විකිණීම සිදුවන බවත් සාමාන්‍යයෙන් සිදුවේ. මෙවැනි තත්වයකදී අඩු මිලට මිලදී ගත් ඉන්ධන අධික මිලකට අධික ලාබයක් තබාගෙන විකිනිමද භාහුලව සිදුවේ. සාමාන්‍යයෙන් රජයන් මෙවන් තත්ත්ව වලට මුහුණ දීමට දීර්ග කාලින ටෙන්ඩර නිකුත් කරන ඇත විශාල තොග රැස් කර ගැනීමත් සිදු කරයි. ලංකා රජය සාමාන්‍යයෙන් මේ උපාය මාර්ග දෙකම ක්‍රියාවෙහි යොදවනු ලබයි.


නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාත්, කුමාර ජයකොඩි ඇමතිවරයාත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාත් පසුගිය වසරේ සිට මේ කිසිවක් නොකිරීම දැවැන්ත සොරකමකට මග පාදා ගැනීමක් ලෙස නිරීක්ෂණය වේ.


ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා 2022 වසරේදී ඉන්ධන අර්භුදයක් කෘතිමව නිර්මාණය කරමින් රට අස්ථාවර කිරීමට මුල්වූ සිලෝන් පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගමේ මුතුරාජවෙල පර්යන්තයේ මෙහෙයුම් කළමනාකරු බවටද නිරීක්ෂණය වේ. මේ පිලිබදව C105/22/CR නමැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ලියවිල්ල අනුව අවස්ථා 582කදී අවශ්‍ය ඉන්ධන තොග සගවා ඇති බවටද කරුණු පැහැදිලි වේ. එවන් පුත්ගලයෙක් ජනාධිපතිවරයාත් බලශක්ති ඇමතිවරයාත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කිරිමම දැවැන්ත දුෂණයක් සදහා මග පදා ගැනීමක් ලෙස දකිමු.


3. එමෙන්ම යුධ තත්වයක් පැවතියේ වුවද ලංකාවට තෙල් ආනයනය කරන්නේ ඉන්දියාවෙන් සහ සිංගපුරුවෙනි. එනම් කිසිදු ආරක්ෂක ගැටළුවක් අපගේ තෙල් සැපයුමට නොමැත. මාර්තු මාසය පුරාවට ගෙන ආ සියලු තෙල් සදහා රක්ෂණ, ප්‍රවාහන සහ අතරමැදියාගේ ලාභය ඇතුලත් වාරිකය පැවතුනේ ඩොලර් 3.54ත් ඩොලර් 4.43ත් අතර පහල අගයකය. මාර්තු 20 හෝ ඒ අසන්න දිනයකදී ජනාධිපති අනුර කුමාර පැවසුවේ මුහුදේ ඇති නව හෝ හරවා ලංකාවට ගෙන ඒමට ඉඩ දෙන බවයි. ඒවනවිටත් ලංකාවේ ඇතිවෙමින් පවතී දරුණු ඉන්ධන අර්යබුදයට පිළිතුර ඒ බව ඔහු පැවසුවේය. නමුත් අර්බුදය ඇතිවුයේම ජනාධිපතිවරයාත්, බලශක්ති ඇමතිවරයාත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාත් එක්ව අවශ්‍ය උපායමාර්ගික තොග රැස් කරගැනීමෙන් වැලකි සිටි නිසාවෙන් බව පැහැදිලිවම නිරීක්ෂණය වේ. එවන් කෘතිමව නිර්මාණය වීමට ඉඩ හරි අර්භුදයක මුවාවෙන් අධික වාරිකයක් ගෙවීමට සිදුවෙන බව අගවා, එසේ වාරිකයක් ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති ඉන්දියාවෙන් සහ සිංගපුරුවෙන් තෙල් මිලදී ගැනීමෙන් රුපියල් බිලියන 17.715කට අධික දැවැන්ත අක්‍රමිකතාවයක් සිදු කර ඇති බව පැහැදිලිව නිරීක්ෂණය වේ.


ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කලැයි සැලකෙන ප්‍රකාශයේදී ලංකාවට පැමිණෙතැයි ප්‍රකාශ කල අප්‍රියෙල් 6-7 ගොඩ බාන නැව මෙන්ම අප්‍රියෙල් 12-13 සහ 16-17 දිනවල ගොඩබෑමට නියමිත නැව්ද පිළිබද සදහන් කර ඇත. ඔහු විසින් සදහන් කරන මේ නැව් තුනෙන් පමණක් අමතර වාරික  නිසා දුෂණය රුපියල් 10,283,823,440.00 වේ. එනම් බිලියන 10.283ක් හෙවත් ඩොලර් මිලියන 3.27ක් වන දැවැන්ත මුදලකි. මේ නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ මුහුදේ යන නැවක් හෝ හරවා ගැනීමට ඉඩ දෙන බව ප්‍රකාශ කලේ ජනාධිපතිවරයා වශයෙන් ඔහුත්, බලශක්ති ඇමති කුමාර ජයකොඩිත් 2022 මෙවැනිම චෝදනා වලට ලක්වූ මුල්‍ය අක්‍රමිකතාවයට අවශ්‍ය දේශපාලන පසුබිම සැකසිමටදැයි අපට ඉතාම සාදාරන සැකයක් ඇතිවේ.


4. නිසි කලට උපායමාර්ගික තොග රැස් කරගෙන තිබුණි නම් පෙර පවතී මිලටම රටේ ඉන්ධන සැපයුම දින 45-62ත් අතර කාලයකට ලබා දීමටද හැකියාව තිබුණි. එනම් පෙර පවතී තෙල් මිල වෙනුවට අධික තෙල් මිලක් ගෙවීමෙන් අතරමැදියන් පෝසත් කිරීමේ දැවැන්ත මුල්‍ය අක්‍රමිකතාවය පිළිබදවද විමර්ශනය කල යුතුව තිබේ. එම අක්‍රමිකතාවය වාරික වලින් සිදුකර ඇති අක්‍රමිකතාවයට වඩා ඉතා විශාල වශයෙන් වැඩි බව නිරීක්ෂණය කල හැක.


සාමාන්‍යයෙන් මේ වනවිට නිෂ්පාදන මිලට අමතරව, තෙල් නැවු සඳහා වන අතිරේක යුද අවදානම් වාරිකය (AWRP) නෞකාවේ වටිනාකමෙන් 2.5% දක්වා ළඟා වී ඇති අතර, අධි අවදානම් කලාප හරහා ගමන් කරන ඕනෑම යාත්‍රාවක් සඳහා ගොඩබෑමේ පිරිවැයට බැරලයකට දළ වශයෙන් ඩොලර් 3.50 – 4.50 ක් එකතු වේ.


ලෝක ප්‍රසිද්ධ S&P මේ පිලිබදව වාර්තා කළේ මෙසේය,


“මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹිය හැකි බවට බලාපොරොත්තුව මධ්‍යයේ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අවදානම් සහිත කලාපය හරහා නැව් කිහිපයක් ගමන් කිරීමත් සමඟ මාර්තු 27 වන දිනෙන් අවසන් වූ සතිය තුළ පර්සියානු ගල්ෆ් හරහා ටැංකි ගෙනයාම සඳහා වූ අතිරේක යුද අවදානම් වාරිකය ලිහිල් වූ බව වෙළඳපොළ වාර්තා මාර්තු 27 වන දින පැවසීය.


මාර්තු මාසයේ මුලදී පර්සියානු ගල්ෆ්හි දින හතක කාලයකට නැව් සහ යන්ත්‍රෝපකරණ වටිනාකමෙන් 2.5% ක් පමණ AWRP ලබාගෙන තිබුණද, එය දැන් 1% ට ආසන්න බව සිංගප්පූරුවේ පැවති ආසියා පැසිෆික් සමුද්‍රීය සමුළුවට සමගාමීව සමුද්‍රීය රක්ෂණ විධායකයින් පැවසීය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සාර්ථකව ප්‍රවාහනය කළ සමහර ටැංකි නැව්, හිමිකම් නොමැති ප්‍රසාද දීමනාව සැලකිල්ලට ගැනීමෙන් පසු 0.8% AWRP පවා ගෙවා ඇති බව නැව් රක්ෂණ සමාගම් නිලධාරියෙක් පැවසීය. කෙසේ වෙතත්, මෙම තත්වයේදී පවා, AWRP යුද්ධයට පෙර කාල පරිච්ඡේදයට වඩා අට ගුණයකින් වැඩි වන අතර, එම අගය 0.1%-0.15% හෝ ඊටත් වඩා අඩු බව සමුද්‍රීය රක්ෂණ සමාගම් පැවසීය.”


පැවතිය යුතු සැබෑ වාරික අගය ලෙස දක්වා ඇත්තේ මේ අසන්න කාලයේම යුද්ධය අරඹ වීමෙන් පසු ලංකාවට ගෙන ආ තෙම්ල් තොග සදහා ගෙවී වාරික මිල බව සැලකිය යුතුය. Fuel Oil සදහා උපරිම වාරික මිල ලෙස සලක ඇත්තේ ලෝක වෙළද පලේ තිබු ඉහලම අගය ලෙස අපට සොයා ගත හැකිවූ අගය බව සැලකිය යුතුයි.  මේ විශේෂ පැමිණිල්ල සමග අප මැදපෙරදිග කලාපයෙන් ඍජුවම තෙල් මිලදී ගැනීමට කටයුතු කලේනම් ඉහල යා හැකිව තිබු වාරික වල මිල ගණන්ද වෙළදපළ දත්ත ඇසුරෙන් ගොඩ නැගීමට මා කටයුතු කර ඇත. ඒ දත්ත පහත දක්වා ඇත. එමෙන්ම ලංකාවට අමතර මුදලක් ගෙවීමට සිදුවුවත් ඒ ප්‍රමාණයද ගෙවා ඇති මිලට වඩා සැලකියයුතු ලෙස අඩු බව පහත වගුවෙන් දැක ගත හැක. 


ජාතික ආරක්ෂාවත් රටේ අනාගතයත් සදහා තීරණාත්මක වන පුනර්ජනනීය බලශක්තිය ක්‍රමානුකුලව අකුලා එමගින් හදිසි අවස්ථාවකදී ලබාගැනීමට ඇති පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පහල හෙලීමත්, එම පසුබිමේ බාල ගල් අගුරු දුෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ආනයනය කිරීමත්, දැවැන්ත තාප විදුලි මිලදී ගැනීමක් සිදුකිරීමත් පිළිබද අප ඔබ කොමිසමට පැමිණිලි 5ක් මේ වනවිට සිදු කර ඇත. මේ පැමිණිල්ල එම ගල් අගුරු තාප විදුලි මගඩිය නිසා උග්‍ර වුන බලශක්ති අර්භුදය දඩමීමා කරගෙන සිදුකරමින් පවතින රුපියල් බිලියන 18කට අසන්න දුෂණයක් සහ සොරකමක් පිලිබදවයි. පිළිබද මේ පැමිණිලි සමුහය පිළිබද ඔබතුමන්ගේ කඩිනම් අවධානය යොමු වේ නම් මැනවි. 


ස්තුතියි 


සංඛ චන්දිම අභයවර්ධන






Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome