වාර්තාවට අනුව මෙම වංචාව හරහා රටට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 2,237.70ක් වන අතර එම අලාභය පහත පරිදි දැක්වේ..
Special Audit Report on the Coal Purchase Process by Lanka Coal Company for the Lakvijaya Power Plant and the Coal Procurement for the Season of 2025/2026
උපුටා ගැන්ම ගල් අඟුරු මිලදී ගැනීමේ ක‍්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල් අගුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව
ගල් අඟුරු නිසි ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් සිදුවිය හැකි බලපෑම
6.5.1 2025/2026 වාරය සඳහා Trident Chemphar Limited විසින් සපයන ලද ගල් ල්අඟුරු භාවිතා කර විදුලිය ජනනය කිරීමේ දී විදුලි කිලෝවොට් පැය 1 ක් ජනනය කිරීම සඳහා අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය ඉහත 5.5.5.2.3 ඡේදයෙහි පරිදි ග්‍රෑම් 375 ක් ලෙස සැලකූ විට එම ප්‍රමාණය ඉහලයාම හේතුවෙන් අධිපරිභෝජනය මත සිදු වූ මුළු ඇස්තමේන්තුගත අලාභය විගණනයේ ගණනය කිරීම මත රු. මිලියන 2,237.7 ක් වී තිබුණු බව නිරීක්ෂණය විය.
6.2.3 ඉහත 5.5.5.2 (iii) ඡේදයෙහි පරිදි ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යධිකාරී විසින් 2025 දෙසැම්බර් 23 දින Trident champhar Limited සමාගමේ අධ්‍යක්ෂක වෙත යවන ලද ලිපිය ໑໖ ໑໙໗ ໘໖໖ ວິພາວ PT Mitra SK Analisa Testama Samarinda (Indonesia) වෙත පැවරීමට එකඟ වී තිබුණි. එලෙස එම ප්‍රමිති පරීක්ෂාව උක්ත ඉන්දුනීසියානු සමාගම වෙතපවරා තිබුණද 2026 මාර්තු 11 වන විට ගොඩබාන ලද නැව් තොග 12 ටම අදාලව පැටවුම් වරායේ ගල් අඟුරු පරීක්ෂණ වාර්තා ඉහත 5.5.5.2. (iv) (අ) හි සඳහන් වෙනත් කාර්යයක් සඳහා වගකීම පවරන ලද Mitra SK South Africa (Pty) Ltd සමාගම මගින් නිකුත් කර ඇති ລວ ຜ 2 4໑໒ PT Mitra SK Analisa Testama Samarinda (Indonesia) විසින් අත්සන් කරන ලද ගල් අඟුරු පරීක්ෂණ වාර්තා කිසිවක් විගණනයේදී නිරීක්ෂණය නොවීය. කෙසේ වුවද පැටවුම් වරායේ ගල් අඟුරු පරීක්ෂණ වාර්තා අත්සන් කර නිකුත් කර තිබූ Mitra SK South Africa (Pty) Ltd වෙත අවශ්‍ය කරන ප්‍රමිතීන් වලට යටත්ව ගල් අඟුරු සාම්පල පරීක්ෂා කිරීම සඳහා ප්‍රතීතනතාවයක් නොතිබුණු බව නිරීක්ෂණය විය.
6.2.4 එමෙන්ම, ගිවිසුමේ 3.4.3 (a) වගන්තිය ප්‍රකාරව පැටවුම් වරායේ පරීක්ෂණ වාර්තා මත පදනම්ව ගැණුම්කරු විසින් නැව් තොග පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම තීරණය වන බැවින් එම වාර්තා ඉතා තීරණාත්මක වන අතර ඉහත 5.5.5.2 iii ජේදයේ දැක්වෙන පරිදි ගොඩබාන වාරයේ පරීක්ෂක වන Cotecna, India සමාගමෙන් අවසාන බැදීමට යටත් වන වාර්තා ලබාගැනීම මතපදනම්ව පැටවුම් වරායේ පරීක්ෂණ වාර්තා PT Mitra SK Analisa Testama Samarinda (Indonesia) සමාගමෙන් ලබා ගැනීමට එකඟ වීමට හේතු වූ කරුණු විගණනයේදී අනාවරණය නොවීය.
තවද, ඉහත පැටවුම් වරායේ ගල් අඟුරු පරීක්ෂණය සඳහා එකඟ වී ඇති PT Mitra SK Analisa Testama Samarinda (Indonesia) සමාගමේ ප්‍රතීතන බලපත්‍රය 2025 දෙසැම්බර් 29 දින කල් ඉකුත් වී තිබුණද එම බලපත්‍රය අළුත්කර ලංකා ගල්අඟුරු සමාගම වෙත 2026 මාර්තු 31 දින වන විටත් ඉදිරිපත් කිරීමට කටයුතු කර නොතිබුණි.
6.2.5 ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද නැව් 09 කගෙන එන ගල් අඟුරු පැටවුම් වරායේදී (Loading Port) බොහොමයක් පරාමිතීන් නියමිත ප්‍රමිතියට (සම්මත අගයන්ට) අනුකූල නොවුණද ප්‍රතික්ෂේපිත මට්ටමෙහි නොවන බව විකුණුම්කරු විසින් පත්කරන ලද ඉහත 5.5.5.2 (i) ඡේදයෙහි සඳහන් ස්වාධීන පරීක්ෂකවරයකු වන Mitra SK South Africa (Pty) Ltd සමාගම සහතික වී තිබුණි. තවද, ආනයනික නැව් 12 ක් අතුරින් නැව් 09 ක ( පළමු, නවවන හා දොළොස්වන නැව හැර) ගෙන එන ගල් අඟුරු ගොඩ බෑමේ වරායේ දී (Unloading Port)
ගැණුම්කරුට ලබා දී ඇති අවස්ථාවන් භාවිතා නොකිරීම තුල මෙම ස්වාධීන වාර්තාවන් මත පමණක් පදනම්ව ගුණාත්මක භාවය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් විගණනයට එකඟ විය නොහැක.
බොහොමයක් පරාමිතීන් නියමිත ප්‍රමිතියට (සම්මත අගයන්ට) අනුකූල නොවුණද ප්‍රතික්ෂේපිත මට්ටමෙහි නොවන බව Cotecna Inspection India (Pvt) Ltd සමාගම සහතික කර තිබුණි. නමුත් ලක්විජය බලාගාරයෙහි පාලන ඒකකය සඳහන් වන තොරතුරු අනුව මෙම ගල්අඟුරු තොගයෙන් අපේක්ෂිත ධාරිතාවයෙන් විදුලිය නිපදවීමට නොහැකි වී තිබියදී ඉහත5.5.1.1.1 (ii) (iii) ඡේදයෙන් ගැණුම්කරුට ලබා දී ඇති අවස්ථාවන් භාවිතා නොකිරීම තුල මෙම ස්වාධීන වාර්තාවන් මත පමණක් පදනම්ව ගුණාත්මක භාවය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් විගණනයට එකඟ විය නොහැක.
අදාළ වාර්තාවට අනුව රජය සහ අමාත්‍යවරයා නීතිපතිවරයාව ගොනාට අන්දවා ඇති බව ඉතා පැහැදිලිය.
6.4 නීතිපති එකඟතාවය ලබා ගැනීම
තවද, මෙම 2025/2026 කාල පරිච්ඡේදයට අදාල ගල්අඟුරු සැපයීම සඳහා තෝරාගත් Trident Chemphar Limited සමාගම සමඟ අත්සන් කිරීමට සකස් කරන ලද කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙහි එකඟතාවය ඉහත 5.4.3.2.2 (xxv) ඡේදයෙහි පරිදි 2025 නොවැම්බර් 20 දින ලැබී තිබුණු නමුත් එදිනට පෙර එනම් 2025 නොවැම්බර් 19 දින නීතිපති එකඟතාවය ලබා දීමට ද පෙර සැපයුම්කරු සමඟ ගිවිසුම්ගත වීමට කටයුතු කර තිබුණු බව නිරීක්ෂණය විය.
කෙසේවෙතත් අදාළ වාර්තාව පුරාම මෙම වංචනීක ගණුදෙනුවට සම්බන්ධ දේශිය සමාගම සම්බන්ධයෙන් කිසිවක් සටහන් නොවි තිබිමද පුදුමයට කරුණක්!
ගල් අඟුරු මිලදී ගැනීමේ ක‍්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල් අගුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව


ගල් අගුරු කන්න පුලුවන් එකෙක් .ඉන්නවා... ඌගේ නම ගෝමික
ReplyDelete