සලේව නිරුවත් කර සතුටු වු ශානී! පාස්කු ප්‍රහාරය සලේ මත පටවන්න දඟලන ශානී,රවි,අනුර ගේ කුමන්ත්‍රණය!

0

වත්මන් NPP ආණ්ඩුවේ ක්‍රියාකාරි දේශපාලනයේ යෙදෙන මෙන්ම '' විශ්‍රාමික පොලිස් සාමුහිකයේ"Retired Police Collective හී තනතුරු දරණ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න විසින් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් තමන්ගේ ආණ්ඩුවේ අවශ්‍යතාව මත වෙනස් කිරිමට ගන්නා උත්සහයේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට සමාජ හමුවේ අනාවරණය වෙමින් තිබේ. 


එහි ආසන්නතම අවස්ථාව් වුයේ අධිකරණය ක්‍රියාවලියකින් තොරව ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත් අඩංගුව ගැනිම හරහා වන් අතර මේ ලියන විටත් ඔහු රහස් පොලිසිය යටතේ රදවා තබාගෙන සිටි.ඔහු වැනි පුද්ගලයෙක් ප්‍රධානත්වය දරණ ආයතනයකින් කිසි ලෙසකත් සාධාරණ හා යුක්ති සහගත විමර්ශනයක් බලාපොරොත්තු විය නොහැකි බව දැන් නොරහසකි.


පසුගියදා දැඩි ආරක්ෂාව මත ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කල අතර මේජර් ජෙනරාල් සුරේෂ් සලේ  අනීතිකව රදවා තබා ගනිමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්ථමාන කොන්ත්‍රාත් පදනම මත අධ්‍යක්ෂක ධූරය දරණ ශානි අබේසේකර වත්මන් ආණ්ඩුවේ දේශපාලන කුමන්ත්‍රණය දියත් කරන බවට තොරතුරු රැසක් දැන් අනාවරණය වි තිබේ.


ඒ අනුව විධායකයේ පටු දේශපාලනික අරමුණු ඉටු කර ගැනීම සදහා, දේශපාලන සටැඹියන් යොදවමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, අපරාධ යුක්ති පසිදලීමේ ක්‍රියාවලිය අතකොළුවක් ලෙස යොදා ගනිමින්, එකී අපරාධ යුක්ති පසිදලීමේ ක්‍රියාවලිය අවභාවිතා කරමින්, සිදු කරනු ලබන, ද්වේශ සහගතදේශපාලන කුමන්ත්‍රණයක වින්දිතයකු බවට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පත්ව තිබීම ඉතාම පැහැදිලිය.


මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙත දිගු කාලීනව මෙලෙස පීඩාවන් සිදු කිරීමට සැලැස්වීම තුලින්, ඔහුගේ මානසික මට්ටම පහත හෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත අධ්‍යක්ෂක ධූරය දරණ ශානි අබේසේකර හට තුන් වන සැකකරුගෙන් පාපොච්ඡාරණයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් පවතින බවට දැඩි සැකයක් පවතී.


විධායකයේ අනිසි අත පෙවීම නිසා විර්මශනයේ ස්වාධීනත්වයට සිදුව ඇති දැඩි අගති ය,


එකී විමර්ශනය අධීක්ෂණය කරන නිළධාරීන්ගේ පවතින ලබැදියාවන් අතර ඝට්ටනය සහ සබෑ ස්වාධීන විමර්ශනයක් කරනවා වෙනුවට විමර්ශකයාගේ අසත් භාවී චේතනාවන් හා දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියා කිරීම නිසා විමර්ශනයට සිදු වී ඇති දැඩි අගතිය,


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පක්ෂග්‍රාහීභාවය නිසා අධිකරණයට සාවද්‍ය කරුණු පවසමින් සහ විත්තියට වාසි සහගත හෝ පැමිණිල්ලට අවාසි සහගත කරුණු අඩංගු සාක්ශිකරුවන්ගේ ප්‍රකාශ සාරාංශයන් ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටීම මගින්, හිතාමතාම ගරු අධිකරණය නොමග යැවීමට කටයුතු කිරීම,


යන කරුණු පෙන්වා දෙමින් සලේගේ නීතිඥවරුන් වන නීතීඥ භානුක මලවිආරච්චි නීතීඥ අසිත් සිරිවර්ධන ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියෙ විමර්ශනය හැකි ඉක්මනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට වෙනත් ඕනෑම විමර්ශන ඒකකයක් වෙත මාරු කිරීමට නියෝග කරන ලෙසයි.


අදාළ විමර්ශන මාරු කිරීම සඳහා කල කෙටුම්පත අප සම්පූර්ණයෙන් පහල පලකර ඇති අතර එයින් උපුටා ගත් කොටස් කිහිපයක් මෙසේ පලකර සිටිනුයේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න වැනි අධමයන් තව දුරටත් කිසිම ආණ්ඩුවක් යටතේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනය තනතුරු දැරිම වෙනුවට මේ දක්වා කරන ලද අපරාධ වලට බන්ධනාගාරයක තබා තිබිය යුතු බවට අපට හැගෙන නිසාය.


උපුටා ගැනිම 


මේජර් ජෙනරාල් සුරේෂ් සලේ  අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසු, රාත්‍රියේ නිලධාරීන් කිහිප දෙනෙක් ඔහුගේ සිර කුටියට ඇතුළු වී, ඔහුව ඉවතට රැගෙන ඔහු නිරුවත් කර, ශරීරය ඉදිරිපසට වන ලෙස අත් වලට අත්විලංගු දමා, එම නිළධාරීන්ට පිටුපා ඉදිරිපසට නැමීමට සලස්වා සියලුම අනෙක් රැදවියන් ඉදිරියේ ඔහුගේ ශරීරය පරීක්ෂා කිරීමක් සිදු කර ඔහුව කෲර, අමානුෂික හා නින්දිත සැලකීමකට ලක් කර ඇත.


මේජර් ජෙනරාල් සුරේෂ් සලේ රදවා සිටින රැදවුම් මැදිරියක සිටින රැදවියකු මේ වන විටත් මීයන්ගේ සපා කෑම් වලට ලක් වී ඇති බැවින් ඔහුට එන්නත් ලබා දීමක් සිදු කර ඇති අතර තෙවන සැකකරුටද රාත්‍රී කාලයේ නිදි ර්වජිතව සිටීමට සිදුව ඇත.


සම්පූර්ණ වාර්තාව මෙතනින් කියවන්න

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome