NPP අවසන්! කුජිත විම නවත්වන්න පාර්ලිමේන්තුව විසුරුවයි!

0

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ආණ්ඩුව තුළ රහසිගත සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව අනාවරණය වි තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සදහා පත්කර ඇති අතර එම තීරණය ගැනිමේ බලය ඔහුන්ට පවරා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.


එම කණ්ඩායම ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන් සමන්විත වන අතර මේ දක්වා අවස්ථා දෙකක් එම කණ්ඩායම රැස්ව ඇති බවද අනාවරණය වි තිබේ.ජාතික ජන බලවේගය සම්පූර්ණයෙන්ම දේශපාලනිකව හේදී යාමට ඇති ඉඩකඩ නතර කර ගැනිම සදහ මෙම මෙහෙයුම දියත් කරමින් තිබේ.


20 වැනි සංශෝධනයට අනුව වසර දෙකහාමාර ඉක්මවු වහාම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි අතර  21 වැනි සංශෝධනයෙන් එම කාලසීමාව වෙනසකට ලක් නොවීය.


ඒ අනුව, වත්මන් 17 වන පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වූ 2024 නොවැම්බර් 21 වන දින සිට වසර දෙකහමාරක් සම්පූර්ණ වන 2027 මැයි මස 21 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල හිමිවනවා.


මේ අතර  පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිලද මේ සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා. ඔහු සදහන් කරන්නේ වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ආණ්ඩුව තුළ රහසිගත සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බවට තමන්ට තොරතුරු වාර්තා වි ඇති බවයි.


පැලවත්ත සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලැබී ඇති තොරතුරු අනුව, ජනාධිපතිවරයාගේ කුස්සි කැබිනෙට්ටුව නියෝජනය කරන දැවැන්ත ව්‍යාපාරිකයින් සහ උපදේශකයින් පිරිසක් අතර මෙම සාකච්ඡාව සිදුව ඇති බව ගම්මන්පිල පවසයි.


ආණ්ඩුව බලයට පත්ව වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ බරපතල ලෙස කුණු වී ඇති අතර, අත්දැකීම් නොමැති කණ්ඩායමක් සමඟ රට කරගෙන යාම ජනාධිපතිවරයාට ගැටලුවක් වී බවත් විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය වැනි වැදගත් තනතුරු පිරවීමට සුදුසු පිරිසක් නොමැති වීමත්, ආණ්ඩුවේ ඡන්ද පදනම සීඝ්‍රයෙන් පහත වැටීමත් මෙයට ප්‍රධාන හේතු වී තිබෙන බවත් ඔහු පෙන්ව දෙනවා.


පාර්ලිමේන්තුව විසුරුවා හැර බලය විපක්ෂයට ලබා දී, ජනාධිපතිවරයා සතු විධායක බලතල සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය යොදා ගනිමින් විපක්ෂයේ ආණ්ඩුව කඩාකප්පල් කිරීමයි.එමගින් ජනතාවට විපක්ෂය එපා කරවා නැවත බලය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ බවයි ඔහුගේ අදහස වන්නේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome