භාණ්ඩාගාර හොරකම තුළින් පෙන්වන්නේ ආණ්ඩුවේ ඩිජිටල්කරණ උපදේශකයින්ගේ තරම නොවේද?

0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ භාණ්ඩාගාර ගෙවීමක් මගින් සිදුකළ මුදල් වංචාව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,


“මේක පැහැදිළිවම බරපතළ මුදල් වංචාවක්. බොහෝ පාර්ශ්ව චෝදනා කරන ආකාරයට මෙය සිදුවන්නේ අභ්‍යන්තර දුර්වලකමක් නිසා නම් එය බරපතළ තත්ත්වයක්. එහෙත් වෝහාරික විගණනය මගින් වැරදිකරුවන් සොයාගත හැකියි. එසේම වගකීම් පැහැර හැරීම සහ වගවීමට අදාළව වගකිවයුතු පුද්ගලයින් සොයාගත හැකියි.


නමුත් ආණ්ඩුවේ යම් පාර්ශ්ව කියන ආකාරයට මෙය හැකර්ලා හෙවත් සයිබර් අපරාධකරුවන්ගේ වැඩක් නම් ඔවුන් ඇතුළට සම්බන්ධ වුවද එසේ නැද්ද යන්න කෙසේවෙතත් ඒ මගින් භාණ්ඩාගාරයේ දත්ත පද්ධතිවල ආරක්ෂිත භාවය පැහැදිලි වෙනවා. මීට පෙර සයිබර් අපරාධකරුවන්ගෙන් ආක්ෂාවීම සඳහා පිහිටුවන ලද “සයිබර් ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයට” මුදල් අමාත්‍යාංශය ඇතුළු තීරණාත්මක පද්ධති සහිත රාජ්‍ය ආයතන 27ක් තවමත් ඇතුළුකර නැති බව දැන් හෙළිදරව් වෙලා තිබෙනවා. ඒ මගින් පැහැදිලි වන්නේ ඩිජිටල්කරණය ගැන බොරු කයිවාරු ගැසූවද ආණ්ඩුවේ උපදේශකයන්ගේ සහ වගකීම් දරන පුද්ගලයන්ගේ දුප්පත්කම තමයි. දැන්වත් වරද පිළිගෙන එය නිවැරදි කළ යුතුයි.”

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome