මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන්ට සාධාරණය ඉටු වීමටත්, ඩොලර් මිලියන 2.5 ක භාණ්ඩාගාර ගනුදෙනුවේ ස්වාධීන පරීක්ෂණ සඳහාත් පශ්චාත් මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) සිදු කිරීම සදහා කටයුතු කල බව පෙන්වා දෙමින් දිනන දකුණ සාමූහිකය නිවේදනයක් නිකුත් කර තිබේ.
සැක දුරු කිරීමට එකම විසඳුම මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) සිදු කිරීමයි.
රට තුළ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරමින්, මියගිය විදේශ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමු, පාර්ලිමේන්තු විවාද සහ සමාජ මාධ්‍ය හරහා එකිනෙකට පරස්පර විවිධ අදහස් සැක සංකා මතු කරමින් පවතියි.
විශේෂයෙන්ම කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මීට අදාළ ලිපි දෙකක් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් අතිශය සංවේදී ඡායාරූපද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
දිනන දකුණ සාමූහිකය විසින් මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) සිදු කරන ලෙස කරන ලද ඉල්ලීම යළි අවධාරණය කරනු කැමැත්තෙමු.
සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉතිහාසයේ සිදු වූ තවමත් නොවිසඳුණු වසීම් තාජුඩින් ඝාතන පරීක්ෂණය මෙන් මෙම මරණයද අතිශය සංකීර්ණ එකක් බවට පත්වනු ඇතැයි අපේ අදහස වේ.
මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන්ට සාධාරණය ඉටු වීමටත්, ඩොලර් මිලියන 2.5 ක භාණ්ඩාගාර ගනුදෙනුවේ ස්වාධීන පරීක්ෂණ සඳහාත් මෙම මරණ පරීක්ෂණය සෘජු ලෙසම බලපාන බව අපගේ විශ්වාසයයි.අපට අවශ්‍ය වන්නේ විද්‍යාව සහ නීතිය සුසංයෝගීව භාවිත කරන විමර්ශන පද්ධතියකි.
මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) යනු මෙම ක්‍රියාවලියේ උච්චතම අවස්ථාව වේ.
මෙම අවස්ථාවේදී අප උත්සාහ කරන්නේ පවතින රජය අපහසුතාවයට පත්කොට පටු දේශපාලන වාසි ලබා ගැනිමට නොව රට හමුවේ අනාවරණය වෙමින් පවතින සංකීර්ණ මෙන්ම භයානක ප්‍රවණතාවය සඳහා රට තුළ අවශ්‍යයෙන්ම පවත්වාගෙන යායුතු නීතියේ ආධිපත්‍ය රාමුව තුළ විසදුම් සොයා යන ලෙසට පුරවැසි සාමූහිකයක් ලෙස අනුර කුමාර පාලනයට බල කිරීමට බව මෙහිලා අවධාරනය කොට සිටියි.
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩල සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක.
නායකත්ව මණ්ඩල සාමාජික ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න.
නායකත්ව මණ්ඩල සාමාජික නදීෂ ද සිල්වා.
මාධ්‍ය ප්‍රකාශක තුෂාර වීරරත්න.
ඩොලර් මිලියන 2.5ක කොල්ලය වසා ගැනිමට රංග රාජපක්ෂ JVP බිල්ලට ගත් හැටි! | News Image
මේ අතර රංග රාජපක්ෂගේ ඝාතකයන් සැගවිමට අනුර කුමාර ආණ්ඩුව මහේස්ත්‍රාත් නියෝග පවා ඉවත දමා ඇති බව දැන් අනාවරණය වි තිබේ.ඔහුගේ බිරිද විසින් මරණය සැක සහිත බව පැවැසිමත් ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ඉල්ලා සිටියදි ආණ්ඩුවේ මැදිහත් විම් මත පත්කරනු ලැබු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙන්චයියන් විසින් මෙම් පරික්ෂණ සිදුකර සියදිවි හානී කර ගැනිමක් ලෙස අර්ථ දක්වා තිබේ.
කුලියාපිටිය ම/උ නඩු අංක බී 88575 / 2026 දරණ නඩුවට අදාලව වෛද්‍ය මණ්ඩලයක් පත් කර එමගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට කරනු ලබන නියෝග ය.
කුලියාපිටිය පොලිස් වසමේ පහල වීරඹුව, කුලියාපිටිය ලිපිනයේ පදිංචි නිශ්ෂක ආරච්චිලාගේ සීලවතී යන අය 2026.04.30 වන දින ඇයගේ පුරුෂයා වන අබේසින්හ මුදියන්සේලාගේ රංග නිශ්ශංක රාජපක්ෂ යන අය සැකකටයුතු ලෙස මිය සාමක සම්බන්ධයෙන් මෙම අධිකරණයේ නඩුකරයක් පවතී.
ඒ අනුව එකී නඩුකරයට අදාලව මරණකරු සම්බන්ධයෙන් මරණයට හේතුව මෙතෙක අනාවරණය කර ගෙන නොමැති අතර, මෙම මරණකරුගේ මෘතදේහය වෛද්‍ය මණ්ඩලයකට යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටත්, මෘත දේහයේ අවශේෂ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමටත් , අවශ්‍ය නම් රුධිර සාම්පල ලබා ගෙන තැන්පත් කිරීමටත්, මෙයින් නියෝග කරමි.
මේ අතර අද දින (2026.05.06) “මහජන හඩ” සංවිධානයේ පක්ෂ නායකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුව හා එක් වෙමින් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් දැක් වූ අදහස්.
ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා, මම අර මැරුණාද මැරුවාද කියන සැකයට භාජනය වී ඇති රංග රාජපක්ෂ මහතාගේ මරණය පිළිබඳ ඔහුගේ බිරිඳට සැකයක් පවතින බවට මා කළ ප්‍රකාශය වැරදියි කියලා එතුමා සඳහන් කළා. එතනින් නතර වෙන්නේ නැතුව එතුමා කියනවා කුලියාපිටිය පොලිසියට මාව ගෙනල්ලා ප්‍රකාශයක් ලබා ගන්නටත්, කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට මාව ඉදිරිපත් කරන්නටත් පොලිසිය කටයුතු කරනවා කියලා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා හිතන්න ඇති මමත් අනුර දිසානායක ජනාධිපතිතුමා වගේ කියලා. අනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි, ජනාධිපතිතුමාගේ මට්ටමෙන් මාව මැනලා මට අපහාස කරන්න එපා කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. මොකක්ද අපි දෙන්නා අතර තියෙන වෙනස? අනුර දිසානායක ජනාධිපතිතුමා කතා කරන්නේ හිතලු මත පදනම් වෙලා. අපි කතා කරන්නේ සාක්ෂි මත පදනම් වෙලා.
ජනාධිපතිතුමා 2012 දෙසැම්බර් 12 වැනිදා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ නමට ගෙනාපු ලැම්බෝගිනි 19ක් නැවෙන් බානවා දැක්කා වගේ, රාජපක්ෂවරු උගන්ඩාවේ සල්ලි හොරකම් කරලා සඟවා තබනවා දැක්කා වගේ, මහජන මුදලින් චිචී රොකට් යවනවා දැක්කා වගේ, චීන සමාගම් මහින්ද මහත්තයට දුන්න පගාවේ චෙක්පත් අංකය දැනන් හිටියා වගේ හිතලු මත පදනම් වෙලා අපි ප්‍රකාශ කරලා නැහැ. අපි ප්‍රකාශයක් කරනවා නම් ඒක කරන්නේ සාක්ෂි මත පදනම් වෙලා.
එහෙනම් මොකක්ද මගේ අර ප්‍රකාශයට මූලාශ්‍රය? මෙන්න මූලාශ්‍රය. 2026 මැයි පළවෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රංග රාජපක්ෂ මහතාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කිරීම සඳහා කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයාගේ දැනුම් දීම මත සිව් පුද්ගල පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව පත් කරන ලිපියේ දෙවන ඡේදයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් යැවූ ලිපියක්. මම අවශ්‍ය ප්‍රමාණයට මම කියන්නම්.
"It has been reported that Nishshanka Arachchilage Seelawathi, a resident of Pahalawirabhuwa, Kuliyapitiya, within the Kuliyapitiya Police Division, has informed that her husband Abeysinghe Arachchilage Ranga Nishantha Rajapaksa died under suspicious circumstances on 30th April 2026."
අපි මේක තේරෙන සිංහලට පෙරළගත්තොත් මොකක්ද මේ කියන්නේ? කුලියාපිටිය පොලිස් කොට්ඨාසය පිහිටි කුලියාපිටිය වීරබුව පදිංචි නිශ්ශංක ආරච්චිලාගේ සීලවතී තම සැමියා වන අබේසිංහ ආරච්චිලාගේ රංග නිශාන්ත රාජපක්ෂ 2026 අප්‍රේල් 30 දින සැක කටයුතු ආකාරයෙන් මිය ගොස් ඇති බව දැනුම් දී ඇත.
එතකොට එහෙමනම් රංග රාජපක්ෂ මහතාගේ මරණය සැක සහිත බවට බිරිඳ විසින් දැනුම් දී ඇත කියලා කියන්නේ උදය ගම්මන්පිල වන මම නෙවෙයි, රටේ ඉහළම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. එතුමා කියන්නෙත් නිකන් තැනක නෙවෙයි, පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්න පත් කරන කමිටුවට ලබා දෙන පත්වීම් ලිපියේ.
එතකොට අපි කතා කළේ අන්න ඒ ලිපිය සාක්ෂියක් ලෙස පදනම් කරගෙන මිසක් අනුර දිසානායක ජනාධිපතිතුමා වගේ හිතලු මත නෙවෙයි. ඇත්තටම මේ ලිපියේ නැති එකම එක වචනයක් මගේ මාධ්‍ය හමුවේදී කියවිලා තියෙනවා. ඒ තමයි ඒ දැනුම්දීම කළේ පොලිසියට කියලා. මොකද පොලිස් කොට්ඨාසයක් ඇතුළේ තමයි ඇයගේ ලිපිනය සඳහන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මරණයක් සැකයි නම් මම දන්නා තරමින් නම් ඒක පන්සලටවත්, පාසලටවත්, රෝහලටවත් නෙවෙයි දැනුම් දෙන්නේ, මරණය අපිට සැකයි කියන්නේ පොලිසියට තමයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මම අසත්‍ය ප්‍රකාශයක් කළා කියන විට, ඒ මාධ්‍ය හමුවේ එතුමාගේ දකුණු පැත්තේ වාඩි වෙලා හිටියේ ඔය ලිපිය ලියපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. මගේ මාධ්‍ය හමුවේ පදනම වුණේ පශ්චාත් මරණ පරීක්ෂණය නම්, මාධ්‍ය ප්‍රකාශකතුමා කතා කරන්න කලින් දකුණු පැත්තේ හිටපු එක්කෙනාගෙන් ඇහුවා නම් මේ කතාවේ ඇත්ත නැත්ත එතුමාට දැනගන්න හැකියාව තිබුණා.
ඒ වගේම එතුමා කිව්වා ආකාරයෙන්ම කුලියාපිටිය පොලිසියෙන් මැයි මාසේ 09 වෙනිදා උදෑසන 10 ට ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙනී සිටින්න කියලා මට දැනුම් දීමක් කරලා තියෙනවා. අපි සතු සාක්ෂිත් අරගෙන කුලියාපිටිය පොලිසිය බලා ලබන සෙනසුරාදා යන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඒ අතරේ මා මිත්‍ර නලින්ද ජයතිස්ස ගරු ඇමතිතුමා සුපුරුදු පරිදි ප්‍රකාශ කරලා තියෙනවා මට විරුද්ධව නඩු දානවා කියලා. මේ ආණ්ඩුව මාව හිරේ දානවා කියන්නේ ඔය නවවැනි වතාවට. ඔබතුමන්ලාට මතක ඇති. කලින් අට වතාවෙම අපේ රටේ ගරු අධිකරණයේ ස්වාධීනත්වය නිසා අපිට බේරෙන්න පුළුවන් වුණා. හැබැයි අපිට නඩු දානවා කියන්නේ හොරකම් කළ නිසා නෙවෙයි, මැරකම් කළ නිසා නෙවෙයි, සල්ලාලකම් කළ නිසා නෙවෙයි, ආණ්ඩුවට උත්තර නැති ප්‍රශ්න අහන නිසා. එහෙන නිසා එවැනි සටනක් මේ ආණ්ඩුවට එරෙහිව කරලා හිරේ වැටෙන්න වෙනවා නම් අපි ආඩම්බරයෙන් ජනතාවගේ සටන්කාමීත්වය උද්දීපනය වන ආකාරයෙන් අපි ලෑස්තියි ඒකට මුහුණ දෙන්න.
ඒ වගේම දැන් ඔය අට වතාවම හිරේ දාන්න හදලා බැරි වුණානේ. ඒ නිසා මාලිමාවේ නායකයන්ට පුදුම ආසාවක් තියෙනවා මාව හිරේ දාන්න. සමහර විට මාව හිරේ දාන තුරු රෑට නින්ද යන්නේ නැතුව ඇති. ඒක තමයි හැමදාමත් පදනම් විරහිත බොරු නඩු අරගෙන එන්නේ. ඉතින් මාලිමාවේ නායකයෝ නිදි මරනවා කියන එක රටට අවදානමක්. එතකොට සිහිකල්පනාව අඩු වෙනවනේ නිදි මැරුවම. එතකොටනේ පිස්සු නටන්නේ. ඒ නිසා එතුමන්ලාගේ ශරීර සෞඛ්‍යය ජාතික අනාගතයට තීරණාත්මක බැවින් ඔවුන්ට රෑට හොඳට නින්ද යනවා නම් රක්ෂිත බන්ධනාගාරයේ කෙටි කාලයක් ඉඳලා එන්න අපි සූදානම්. ඒගොල්ලොත් ඉතින් පවුනේ. දැන් ගොඩක්


