ආරක්ෂක ලේකම්තුමා මාධ්‍යයට ප්‍රකාශයක් කරනවා 'මම සහතික වෙනවා මේ බහාලුම් තුළ අවි ආයුධ තිබුණේ නැහැ' කියලා. මම ප්‍රශ්න කළා පරීක්ෂා නොකර, පරීක්ෂා නොකර මුදාහැරිය බහාලුම ඇතුළේ අවි ආයුධ නොතිබුණු බවට සහතික කරන්නේ කොහොමද? එහෙම සහතික කරන්න බැහැ... යනුවෙන් බහාලුම් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම පිළිබඳ කියන්න පාර්ලිමේන්තුවට ආ උදය ගම්මන්පිල අවධාරණය කර සිටියා.
බහාලුම් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කරුණූ දැක්වීමට අද දින (2026.05.06) පාර්ලිමේන්තුවට පැමිණි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැමිණ සිටියා. ඉන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඔහු සදහන් කළේ
"ඇත්තෙන්ම මම පෙන්වා දුන්නා මට ලබා දුන්න බහාලුම් ලැයිස්තුවේ 188 වෙනි බහාලුමේ තියෙන්නේ තායිලන්තයෙන් ගෙනාපු බහාලුමක්. එහි සඳහන් වෙන්නේ මැටි ගෙනාවා කියලා. හැබැයි අර්ජුනා රාමනාදන් මන්ත්‍රීතුමා 2025 ජූනි 5 වෙනිදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා තායිලන්තයෙන් බහාලුමක් ගෙනාවා අවි ආයුධ, ඒ අවි ආයුධ කොටි සංවිධානයට අයිති වෙලා ලංකාවට ගේන්න තිබිලා ගේන්න බැරි වෙච්ච අවි ආයුධයි කියලා. එතකොට ඒ අර්ජුනා මන්ත්‍රීතුමාගේ හිතලුවක් කියලා බැහැර කරන්න තිබුණා බහාලුම් ලැයිස්තුවේ එකම එක බහාලුමක්වත් තායිලන්තයෙන් ගෙනැවිත් නොතිබුණා නම්. නමුත් මෙතන එකක් තියෙනවා තායිලන්තයේ 188 වන බහාලුම. එහෙම නම් අර්ජුනා මන්ත්‍රීතුමා මතු කරන සැකය සාධාරණයි. හැබැයි මම පෙන්වා දුන්නා ආරක්ෂක ලේකම්තුමා මාධ්‍යයට ප්‍රකාශයක් කරනවා 'මම සහතික වෙනවා මේ බහාලුම් තුළ අවි ආයුධ තිබුණේ නැහැ' කියලා. මම ප්‍රශ්න කළා පරීක්ෂා නොකර, පරීක්ෂා නොකර මුදාහැරිය බහාලුම ඇතුළේ අවි ආයුධ නොතිබුණු බවට සහතික කරන්නේ කොහොමද? එහෙම සහතික කරන්න බැහැ. මොකද අංජනන් දේවිට විතරයි එහෙම දෙයක් පුළුවන්, පරීක්ෂා නොකර ඇතුළේ තිබ්බේ මොකක්ද කියන්න. ඒ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තිබෙන බවට අපි තේරීම් කාරක සභාවේ අවධානය යොමු කළා."
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරලා තියෙනවා බහාලුම් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම පිළිබඳ සොයා බලා වාර්තා කරන්න. ඒ තේරීම් කාරක සභාවෙන් සාක්ෂි දෙන්න එන්න කියලා මට කරපු දැනුම් දීම අනුව මම අද සාක්ෂි දෙන්න ගියා. එතනදී ලිපි ලේඛන 17ක් ඉදිරිපත් කරලා මේකේ දැවැන්ත වංචාවක් සිදුවී ඇති බව බැලූ බැල්මට පෙනෙන බවත්, ඒ පිළිබඳ ආණ්ඩුවේ යාන්ත්‍රණයේ සක්‍රීය සහයෝගයක් නොලැබෙන බවත්, විමර්ශන ආයතන මේ විමර්ශනය කිරීමට උදාසීනව කටයුතු කරන බවත් තේරීම් කාරක සභාවේ අවධානයට යොමු කළා."
විශේෂයෙන්ම පිවිතුරු හෙළ උරුමය තමයි අල්ලස් කොමිසමට මේ ගැන පැමිණිලි කරන්නේ. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහාලුම් ලැයිස්තුව පවා ලබා දුන්නේ අපි. හැබැයි ඒ ආයතන දෙකම මේ වංචාව සිදුවෙලා මාස 15කට වැඩියි, පැමිණිලි කරලා දැන් අවුරුද්දකට කිට්ටුයි, නමුත් මේ පිළිබඳ කිසිම ප්‍රගතියක් නැහැ. ඒ නිසාම අපි තේරීම් කාරක සභාවේ අවධානයට ඒක යොමු කළා."
ඒ වගේම අපි පෙන්වා දුන්නා නිලධාරීන් ලබා දීලා තියෙන වාර්තා අනුව මෙහි වගකීම ඔවුන් පටවලා තියෙන්නේ දේශපාලන නායකයන්ට: ජනාධිපතිතුමාට, විමල් රත්නායක ඇමතිතුමාට සහ ජනිත කොඩිතුවක්කු නියෝජ්‍ය ඇමතිතුමාට. එවැනි පසුබිමක ඇත්තෙන්ම ඔය කාරණය විශේෂයෙන්ම මතු කළේ තේරීම් කාරක සභාව තීරණයක් අරගෙන තිබුණා ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරු ගෙන්නන්නේ නැහැ කියලා. නමුත් ඒක එතුමන්ලාට කරන අසාධාරණයක් විදිහටයි මම දකින්නේ. මොකද එතුමන්ලාගේ කරේ තමයි දැන් මේක තියෙන්නේ. නිලධාරීන් කියන්නේ අපි ඒ දුන්න උපදෙස් අනුවයි කටයුතු කළේ කියලා."
ඒ වගේම භාණ්ඩාගාරයෙන් පත් කරපු පරීක්ෂණ කමිටුව විශේෂයෙන් තමන්ගේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා රේගුව අපි ඉල්ලන තොරතුරු දෙන්නේ නැහැ කියලා. දැන් මේ බහාලුම් 323 තෝරාගත්තේ කොහොමද කියන නිර්ණායක ඉල්ලුවාට දීලා නැහැ. මේ ආනයනකරුවන් පෙර වැරදි කරලා ඇද්ද කියන එක ඇහුවාම ඒත් දීලා නැහැ. එතකොට මේ රේගුවේ හැසිරීම, ඒ වගේම අල්ලස් කොමිසමේ හැසිරීම සහ රහස් පොලිසියේ හැසිරීම පෙන්නුම් කරනවා සඟවා ගැනීමට යමක් තියෙන බවක්."
මාධ්‍යවේදියා: "දැන් කාගේ ප්‍රධානත්වයෙන්ද මේක පැවැත්වෙන්නේ?"
උදය ගම්මන්පිල මහතා : "තේරීම් කාරක සභාවේ සභාපති ධූරයේ ඉන්නේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහත්මයා."
මාධ්‍යවේදියා: "ඔබතුමාට අමතරව කවුද මේක සඳහා සාක්ෂි ප්‍රකාශ කරන්න ආවේ?"
උදය ගම්මන්පිල මහතා : "මගෙත් එක්ක අද දිනයේ නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාවත් කැඳවලා තිබුණා. නමුත් මගේ සාක්ෂිය දිගු ඇදුණු නිසා එතුමාට සාක්ෂි දෙන්න අවස්ථාව ලැබුණේ නැහැ."
මාධ්‍යවේදියා: "දැන් මින් ඉදිරියටත් තව සහභාගී වෙනවාද? මේක පැවැත්වෙනවාද?"
උදය ගම්මන්පිල මහතා : "කමිටුව සතිපතා හමුවෙනවා. අවශ්‍ය වුණොත් නැවත මට කැඳවීමක් කරන බව කමිටුව දැනුම් දුන්නා."
මාධ්‍යවේදියා: "දැන් ඔබතුමා කිව්වා නේද මේ ජනාධිපතිතුමා, අමාත්‍යවරයා මේකට ගෙන්වීම ඔවුන්ට සාධාරණයක් කරන්න පුළුවන් කියලා?"
උදය ගම්මන්පිල මහතා : "මට කමිටුවට උපදෙස් දෙන්න බලයක් නැහැ, මම සාක්ෂිකරුවෙක් විතරයි. නමුත් ජනාධිපතිතුමාට, විමල් රත්නායක ඇමතිතුමාට, ජනිත සෙනෙවිරත්න ඇමතිතුමාට අසාධාරණයක් වෙනවා නිලධාරීන් දැන් වගකීම පටවලා තියෙන්නේ එතුමන්ලා මත. එතකොට ඒ අයට තමන්ගේ නම පිරිසිදු කරගන්න අවස්ථාවක් තිබිය යුතුයි කියන එක යෝජනාවක් විදිහට නෙවෙයි, නිර්දේශයක් විදිහට නෙවෙයි, සාක්ෂිකරුවෙක්ගේ ප්‍රකාශයක් විදිහට මම කිව්වා."
මාධ්‍යවේදියා: "දැනට කිසිසේත්ම කොතනකවත් එළියට ඇවිල්ලා නැහැ මේකේ මොනවද තිබ්බේ, මොනවද කියලා? තාම එහෙම නැද්ද?"
උදය ගම්මන්පිල මහතා : "ඇත්තෙන්ම මම පෙන්වා දුන්නා මට ලබා දුන්න බහාලුම් ලැයිස්තුවේ 188 වෙනි බහාලුමේ තියෙන්නේ තායිලන්තයෙන් ගෙනාපු බහාලුමක්. එහි සඳහන් වෙන්නේ මැටි ගෙනාවා කියලා. හැබැයි අර්ජුනා රාමනාදන් මන්ත්‍රීතුමා 2025 ජූනි 5 වෙනිදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා තායිලන්තයෙන් බහාලුමක් ගෙනාවා අවි ආයුධ, ඒ අවි ආයුධ කොටි සංවිධානයට අයිති වෙලා ලංකාවට ගේන්න තිබිලා ගේන්න බැරි වෙච්ච අවි ආයුධයි කියලා. එතකොට ඒ අර්ජුනා මන්ත්‍රීතුමාගේ හිතලුවක් කියලා බැහැර කරන්න තිබුණා බහාලුම් ලැයිස්තුවේ එකම එක බහාලුමක්වත් තායිලන්තයෙන් ගෙනැවිත් නොතිබුණා නම්. නමුත් මෙතන එකක් තියෙනවා තායිලන්තයේ 188 වන බහාලුම. එහෙම නම් අර්ජුනා මන්ත්‍රීතුමා මතු කරන සැකය සාධාරණයි. හැබැයි මම පෙන්වා දුන්නා ආරක්ෂක ලේකම්තුමා මාධ්‍යයට ප්‍රකාශයක් කරනවා 'මම සහතික වෙනවා මේ බහාලුම් තුළ අවි ආයුධ තිබුණේ නැහැ' කියලා. මම ප්‍රශ්න කළා පරීක්ෂා නොකර, පරීක්ෂා නොකර මුදාහැරිය බහාලුම ඇතුළේ අවි ආයුධ නොතිබුණු බවට සහතික කරන්නේ කොහොමද? එහෙම සහතික කරන්න බැහැ. මොකද අංජනන් දේවිට විතරයි එහෙම දෙයක් පුළුවන්, පරීක්ෂා නොකර ඇතුළේ තිබ්බේ මොකක්ද කියන්න. ඒ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තිබෙන බවට අපි තේරීම් කාරක සභාවේ අවධානය යොමු කළා."
මාධ්‍යවේදියා: "දැනට පරීක්ෂණ මොන මට්ටමේ කියලාද ඔබතුමාට හිතෙන්නේ? මෙච්චර කාලයක් දැන් ගත වෙලා මේකට?"
උදය ගම්මන්පිල මහතා : "මම මතු කරපු තව කාරණයක් තමයි විමර්ශන ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න සත්‍යය දැනගැනීමට තියෙන අවස්ථාව නැති වෙනවා. මොකද මේ බහාලුම් වලින් ගෙනාපු දේවල් අමුද්‍රව්‍ය නම් ගෙනාවේ, රෙදි නම් ගෙනාවේ, ඇඳුම් මහලා විකුණලා ඒ මිනිස්සු ඇඳලත් ඉවරයි. මැටි නම් ගෙනාවේ මැටි භාණ්ඩ හදලා විකුණලා තියෙන්න පුළුවන්. පරක්කු වෙන්න පරක්කු වෙන්න ඇත්ත දැනගන්න බැහැ. ඇත්ත දැනගැනීම භයානකයි කියලා හිතන පිරිසක් ඉන්නවා නම් තමයි මෙහෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙත් අල්ලස් කොමිසමෙත් විමර්ශන කටයුතු එක තැන පල් වෙන්නේ."
