රනිල්,නාමල්,චම්පික වහාම හිර කරනු! ශානි,රංග සහ නීතිපතිට අනුරගෙන් දැඩි බලපෑම්!

0

 


Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ට එරෙහිව පවතින නඩු කටයුතු සහ පරීක්ෂණ උපරිම කෙටි කාලයකින් අවසන් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට, රහස් පොලීසියට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාවට උපදෙස් දී තිබේ.


රජයේ ඉහළම ස්ථානයකින් මේ උපදෙස් නිකුත් කර ඇත්තේ අදාළ ආයතනවල ප්‍රධානීන් විශේෂ ස්ථානයකට කැඳවීමෙන් පසුවය.


Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව එංගලන්තයේ, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රධානෝත්සවයකට රජයේ වියදමින් සහභාගී වූ බවට නඩුවක් විභාග වෙමින් පවතී. සුප්‍රකට “ක්‍රිශ්“ ගණුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරා ඇති අතර ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව චෝදනා පවතින්නේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනි.


ඉහත දේශපාලන නායකයින් තිදෙනාට එරෙහිව පවතින නඩු කටයුතු සහ පරීක්ෂණ මේ වසරට අදාළ රජයේ ප්‍රගතිය පෙන්වන ක්‍රියාදාමයක් ලෙස සලකා ක්‍රියාකරන ලෙසද අදාළ ආයතන ප්‍රධානීන්නට වැඩිදුරටත් දැනුම් දී තිබේ.


මේ වසරේ මැද භාගය වනවිට අදාළ නඩු කටයුතු සහ පරීක්ෂණ ජනතාවට පෙන්විය හැකි ආකාරයට සිදු නොවුනහොත් තමන්ගේ තනතුරු අනතුරට ලක්වනු ඇතැයි ද ඉහත දැනුම්දීම් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


රජයේ පාලනයට සම්බන්ධ ඉහළම ස්ථානවලින් ලැබුණු මේ උපදෙස් තම තමන්ගේ යටතේ තිබෙන ආයතනවල අනෙකුත් ඉහළ නිලධාරීන්ට දැනුම්දීමටද ආයතන ප්‍රධානීන් මේ වනවිටත් පියවර ගෙන තිබේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome