අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ සභාපති ඇතුළු එහි ඉහල මණ්ඩලයේ සිටින ඉද්දවෙල චේතිය ගුණසේකර යන හිටපු විනිශ්චකාරවරුන් හා කේ.බී. රාජපක්ෂ යන අය මේ වන විට එම කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය හමුවේ බලවත් ප්‍රශ්නසහගත ඉරණමකට ලක්ව සිටිතැයි වාර්තා වේ.
එම කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකගේ අවිචාරවත් ක්‍රියා කලාපය හේතුකොටගෙන කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙන යන නඩුවේ එක් චූදිතයකු ද එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුවේ ප්‍රධාන චූදිතයකු වූ කපිල චන්ද්‍රසේන ද මේ වන විට සියදිවි නසාගෙන තිබේ. කපිල චන්ද්‍රසේන ජීවතුන් අතර සිටියදී දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණයට දන්වා සිටියේ රංග දිසානායක තමන්ට අභිමත පරිදි සාක්ෂි නොදුන්නහොත් කෙහෙලියගේ නඩුවේ සිට බෙල්ලෙ වැල දාගෙන මැරුණු කෙනාට අත් වූ ඉරණම ඔහුට ද අත්වනු ඇතැයි තර්ජනය කළ බවය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ දී මේ අන්දමින් ක්‍රියා කිරීම සමස්ත කොමිෂමේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බරපතළ අපකීර්තියක් ඇති කරන බව කොමිෂමේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන්ගේ මතය වී ඇත.
ඒ අතරම අධ්‍යක්ෂ ජනරාල්වරයා තම හිතුවක්කාර තීරණ මත ක්‍රියා කරනු විනා එම කොමිෂමේ සභාපතිවරයාගේ හෝ වෙනත් ප්‍රධානින්ගේ අදහස්වලට ඇහුම්කන් නොදීම ද ඔවුන්ගේ අසතුටට හේතු වී තිබේ. ඉදිරියේ දී සිදු විය හැකි ආණ්ඩු පෙරළියකින් පසු තමන්ට ද විවිද දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි යන බිය ද මේ වන විට ඔවුන් තුළ ඇති වී තිබේ.
