ජාතික ආරක්ෂාව අනතුරේ! IS ත්‍රස්තවාදීන් සිය ගණනක්! රවී,ශානී වළං හොදන එක නවත්තපන්!

0


ශ්‍රි ලංකාවේ දැනටමත් ISIS ආධාරකරුවන් සිය ගණනක් සිටින බව අන්තර්ජාතික ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි.


හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ 2016 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් තිස් දෙදෙනෙකු සිරියාව බලා ගොස් ඇති බව පාර්ලිමේන්තුවේදී පැවසූ විට නොමග ගොස් සිටි මුස්ලිම් මන්ත්‍රීවරු ඔහුට පහර දුන් බවට රොහාන් ගුණරත්න චෝදනා කරයි.


එවක පැවති තර්ජනය භූමිය තුළ වර්ධනය වූයේ අන්තවාදීකරණයට විසඳුම් සෙවීමට මුස්ලිම් නායකත්වයක් නොතිබූ නිසා යැයිද මහාචාර්යවරයා අවධාරණය කර ඇත.


පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල 'පාස්කු ප්‍රහාරයේ මහ මුලකරු සොයා යාම' යනුවෙන් එළිදැක්වූ කෘතියේ පෙරවදනේ මේ බව ඔහු සඳහන් කර ඇත.


සිරියාව බලා ගිය මුස්ලිම්වරුන් තිස් දෙදෙනා ඉහළ අධ්‍යාපනයක් ලැබූ ප්‍රභූ පවුල්වල අය යැයිද එයින් පෙන්නුම් කළේ මුස්ලිම් අන්තවාදය තවදුරටත් සුළු තර්ජනයක් නොවන බව යැයිද ගුණරත්න එහි සඳහන් කර ඇත.


අද වන විට සත්‍යය පිළිගැනීමට සහ අත්අඩංගුවේ පසුවන ත්‍රස්තවාදීන් හා අන්තවාදීන් පුනරුත්ථාපනය කිරීමට මෙන්ම දැනට මුස්ලිම් සමාජයේ සිදුවන අන්තවාදීකරණය වැළැක්වීමට තීරණාත්මක පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව බරපතළ ලෙස අපොහොසත් වී ඇතැයි ගුණරත්න චෝදනා කරයි.


මුස්ලිම් ප්‍රජා නායකයන් සමඟ එක්ව අන්තවාදීකරණය වැළැක්වීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් සකස් කිරීමට ආණ්ඩුව ක්‍රියා කර නැතැයි ද එබැවින් මෙම අන්තවාදී කරන චක්‍රය තවත් ප්‍රචණ්ඩකාරී රැල්ලකට මග පාදනු ඇතැයිද ඔහු පවසයි.


බලය අල්ලා ගැනීමට හා රැඳී සිටීමට කැමති දුෂ්ට දේශපාලකයෝද නිසි පුහුණුවක් නැති දුර්වල නිලධාරීහුද නැරඹුම් වැඩිකර ගැනීමට උත්සාහ කරන සදාචාර විරෝධී යූටියුබ් කරුවෝද IS අන්තවාදීන්ට සුදු හුණු ගෑමට උත්සාහ කරන මුස්ලිම් අන්තවාදීහු ද සත්‍ය විකෘති කරමින් සිටිතැයි මහාචාර්ය රොහාන් ගුණරත්න එහි වැඩිදුරටත් අවධාරණය කර ඇත.


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome