ගෝඨාභය රාජපක්ෂව අත් අඩංගුවටගෙන, ජනාධිපතිගේ රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව ජනාධිපති අනුර කුමාර තීරණය කර තිබන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා. ආර්ථිකය දැඩි ලෙස පසුබෑමකට ලක්වෙමින් තිබේන බැවින් එකම විසදුම මෙය බවයි අනුර සිය සමීපතමයන් සමග සදහන් කර ඇත්තේ.
ඒ අනුව ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශානි අබේසේකර, රවී සේනවිරතන, සහ තවත් නිලධාරින් කිහිප දෙනෙකු සමග රහස්‍ය සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ “මහ මොලකරුවා” ලෙස හඳුන්වා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට කටයුතු කරන ලෙසද අනුර නිළධාරින්ට නියෝග කර තිබේ.
මේ සඳහා අවශ්‍ය කරන ව්‍යාජ සාක්ෂි ද මේ වන විට සකස් කර ඇතැයිද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.මේ අතර ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති නීතිඥ අලි සබ්රි හා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා හමුවී මීට එරෙහිව නීතිමය වශයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කර තිබේන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ සැලැස්ම තහවුරු වි තිබේ.
