ප්‍රත්‍රයා මහේස්ත්‍රාත් කරන සුරයාගේ නින්දීත ගේම් එක!

0


සූරසේන අගවිනිසුරු තුමන්ගේ පුතන්ඩියත් නව මහේස්ත්‍රාත් වරුන් බදවා ගැනීමේ සම්මුඛ පරීකෂනයට මුහුනදී ඇති බව පෙනේ.

අගවිනිසුරු තුමන් සහ අධිකරන සේවා කොමිසන් සභාව තීරනය කොට තිබුනේ නව මහේස්ත්‍රාත්වරුන් 65 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් බදවා ගන්නටය.

ඒ සදහා තරග විභාගයක් පැවැත්විනි. අගවිනිසුරු පුත්‍රයාද විභාගයට මුහුන දුන්නේය. එසේ මුහුන දුන්නේ නාමල් නීති විද්‍යාලයේ විභාගයට මුහුන දුන් ආකාරයටද නැද්ද යන්න පිලිබදව දන්නේ දෙවියන් පමනකි. ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂනයක් පැවැත්වු අතර සම්මුඛ පරීක්ෂණ මන්ඩලයට සහභාගීවුයේ අගවිනිසුරු හා සමයවර්ධන විනිසුරු තුමන්ය. අගවිනිසුරු පුත්‍රයා සම්මුඛ පරීක්ෂනයට සහභාගීවුයේ තම පියා සහ පියාගේ මිතුරු අංකල් ඉදිරියේය.

අධිකරන සේවා කොමිසමට දැන් පැවරෙන කාර්ය වී ඇත්තේ තරග විභාගයෙන් ඉහලම ලකුනු ලැබු සහ සම්මුඛ පරීක්ෂනයෙන් ඉහලම ලකුනු ලැබු පිරිසේ මධ්‍යන්‍ය මත නව මහේස්ත්‍රාත් වරුන් තෝරා ගැනීමටය.

නමුත් ඊට භාධකයක් වී ඇත්තේ ජනාධිපති වරයා හරහා ජවිපෙ ලයිස්තුවක්ද තිබීමය. ඒ මදිවට අගවිනිසුරු පුතනුවන්ද සිටින්නේය. අලි මදිවට කොටි කීවාක් මෙන් මහා භාන්ඩාගාරය කියන්නේ තමන්ට මුදල් වෙන් කල හැක්කේ නව තනතුරු 35 කට පමනක් බවය.

CJ පුත්‍රයා සම්මුඛ පරීක්ෂණයට පියා ඉදිරියේ – JVP ලයිස්තුව – 35ක් පමණක් බඳවා ගැනීම – අධිකරණයේ විශ්වාසය නැවත ගොඩනගා ගත හැකිද?

දැන් කොමිසම ලයිස්තුව හදන්නේ 35 කටය. ඒ අතර නිසැකව ජවිපෙ ලයිස්තුවද අගවිනිසුරු පුත්‍රයාද සිටී. විභාගයෙන් ඉහල ලකුනු ලබාගත් බහුතරයක් එලියට විසිවී තිබේ. අපේ රටේ තවත් ස්වාධීන කොමිසමක කෙරුවාව එහෙමය. නීති විශාරදයන් තර්ක කරන්නේ පියා ඉදිරියේ පුතකු සම්මුක පරීක්ෂනයකට මුහුනදුන් විට 12 වගන්තිය යටතේ පියා විසින් සමානත්මතාවය තහවුරු කරන්නෙ කෙසේද යන්නය. අනෙක් අතට ඊනියා අධිකරන සේවා කොමිසම නව මහේස්ත්‍රාත්වරුන් කවදත් බදවා ගත්තේ දේශපාලන බලය කියන ආකාරයටය. පසුගිය 75 වසරක ක්‍රියා කලාපය එසේ වන්නේය. මෙවරත් ඔවුන් නව පුනරුද ආන්ඩුවේ කීමට නව මහේස්ත්‍රාත්වරුන් ලෙසට ජවිපෙ ලයිස්තුගත කන්ඩායමක් බදවා ගෙන තිබේ.

අගවිනිසුරු තුමන් ජනාධිපති මුන ගැහෙන්නේ 65, 35ට අඩු කිරීමේ අරබුදය විසදා ගන්නටය. 35 ලයිස්තුව එලියට දැමීමෙන් පසුව සිදුවු අසාධාරනය රටට හෙලිවන්නේය. පුතාගේ නමද ජවිපෙ නම්ද ලයිස්තුවේ තබා ගන්නට නම් භාන්ඩාගාරය විසින් 35ට අඩුකල මුදල් වියදම අඩුම වශයෙන් 50 කට වත් ඉහල නංවා ගත යුතුය.

අගවිනිසුරු කියන්නෙ නව මහේස්ත්‍රාත්වරු බදවා ගන්නා තෙක් ඉහල අධිකරයේ ඇබෑර්තු නොපුරවනු බවය.

ඇත්තටම මෙය ඉල ඇදෙන විහිලු සපයන තීන්දුවකි. මේ සමස්තය මගින් පෙන්වන්නේ අප රටේ ස්වාධීන අධිකරනයේ තරමය.


ශ්‍රී ලංකා අධිකරණය අද නැවතත් විවාදයක මධ්‍යබින්දුවේ. නව මහේස්ත්‍රාත් 65 දෙනෙකු බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිසම (JSC) සූදානම් වූ අවස්ථාවේ, පවුල් බලය, දේශපාලන බලය, සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැඹුරු ප්‍රශ්න නැගී ඇත.


මෙහි මූලික විවාදය උද්ගත වන්නේ අගවිනිසුරු තුමන්ගේ පුත්‍රයා තරග විභාගයට සහ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමයි.


ඒත් විවාදය තද කරන්නේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටියේ අගවිනිසුරු තුමන්ම බවයි.


නීතිඥයන් පෙන්වන්නේ මෙය වගන්තිය 12 යටතේ සමානත්වය හා පක්ෂපාතය නොවීමේ මූලධර්මයට සෘජු අභියෝගයක් බවයි.


පියා ඉදිරියේ පුතකු සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීම, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ජනතාවගේ විශ්වාසයට දැඩි පහරක්.



මේ අතර 2025 නොවැම්බර් 9 වන දින, ශ්‍රී ලංකා අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) විසින් මහේස්ත්‍රාත්වරුන් බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් පිළිබඳ නිල සංශෝධනයක් ප්‍රකාශයට පත් කරන ලදී.

වාර්තාවට අනුව, අධිකරණ නිලධාරි II පන්තිය – I ශ්‍රේණිය (මහේස්ත්‍රාත්) තනතුරට පත් කිරීම සඳහා වන සුදුසුකම් JSC විසින් සංශෝධනය කර ඇත.

සංශෝධිත සුදුසුකම් අනුව, පහත සඳහන් විකල්ප මාර්ගවලින් ඕනෑම එකක් සපුරාලන අය අයදුම් කිරීමට සුදුසු වේ:

* අවම වශයෙන් වසර 3ක සක්‍රීය නීති වෘත්තීය පළපුරුද්දක් ඇති නීතිඥයන් (Attorneys-at-Law);

* ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය හෝ නීති පර්යේෂණ නිලධාරියෙකු ලෙස අවම වශයෙන් වසර 3ක් සේවය කර ඇති පුද්ගලයන්;

* රජයේ ආයතනවල නීති නිලධාරීන් ලෙස අවම වශයෙන් වසර 3ක සේවා කාලයක් සහ නිතිපතා අධිකරණයේ පෙනී සිටීමේ පළපුරුද්ද ඇති අය;

* පෞද්ගලික ආයතනවල නීති නිලධාරීන් ලෙස සමාන සේවා පළපුරුද්දක් සහ අධිකරණයේ පෙනී සිටීමේ පළපුරුද්දක් ඇති අය.


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome