ජනාධිපතිවරයාට රිසි පරිදි අධිකරණ තීන්දු ලබාගැනීම සදහා දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ සේවා කාලය තවත් වසර 2 කින් දිර්ඝ කර අගවිනිසුරුධූරයේ තබාගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට පමණක් නොව, පනත් කෙටුම්පත් කිහිපයක සංශෝධන සිදුකිරීමට මේ වනවිට තීරණය කිරිම සම්බන්ධයෙන් දැවැන්ත විරෝධයක් එල්ල කිරිමට සුදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව දේවගැති ප්‍රීති පද්මන් සූරසේන වෙනුවෙන් මෙම පියවර ගැනීම පිළිබඳව තීරණගැනීමට ජූලි 11 වැනි දා අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට , එහි විධායක සභාව පසුගිය දා තීරණය කරන ලදී. එහිදී රහස් ජන්දයක් ලබාගෙන, දේවගැති සූරසේන වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන සිදුකර ඔහුව අගවිනිසුරුධූරයේ තබාගැනීමට එරෙහිව යෝජනාවක් සම්මත කරගැනීමට ද එහි සාමාජිකත්වයේ සූදානමක් තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ආණ්ඩුවේ මේ ප්‍රයත්නයට එරෙහිව මහජන රැස්වීමක්, ජූලි 04 පෙ.ව 10.45 සිට ප.ව. 12.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. ඒ කොළඹ පදනම් ආයතනයේ දී ය.

