අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම යනුවෙන් ඊයෙ (27) දින කැබිනට් මණ්ඩලය සම්මත කරගත් යෝජනාව අද කැබිනට් දැනුම් දිමේදි අනාවරණය වුනා.
ඒ අනුව එම යොජනාව සදහන් ව ඇත්තේ පහත පරිදි වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 146 වන ව්‍යවස්ථාව ප්‍රකාරව, අභියාචනාධිකරණයේ අධිකරණ බලය ප්‍රාදේශීයව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. අපරාධ සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණ බලය ඇති පළාත් බද මහාධිකරණවල සහ සිවිල් අභියාචනා බලය පවතින සිවිල් අභියාචනා මහාධිකරණවල පවතින ඉහළ නඩු සංඛ්‍යාව ප්‍රමාදයකින් තොරව විසඳීම සඳහා මහාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ද ඉහළ නැංවිය යුතුව තිබේ. එමෙන්ම, අධිකරණ ප්‍රමාණය ඉහළ නැංවීම සහ ප්‍රාදේශීයව අභියාචනාධිකරණ ක්‍රියාත්මක කිරීම හේතු කොට ගෙන එම අධිකරණ වලට පළපුරුදු සහ විද්වත් විනිශ්චයකාරවරුන්ගේ සේවය ලබා ගැනීමට හැකි වන පරිදි විනිශ්චයකාරවරුන්ගේ දැනට පවතින ව්‍යවස්ථාපිත විශ්‍රාම ගත යුතු වයස ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරමින් අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


