අල්ලස් කොමිසම බිමල්ට බය ද?

0


බහලුම් 323 නීති විරෝධීව නිදහස් කරලා වසර එකාමාරක් ගත වි ඇත්ත එම සිදුවිමට වගකිවයුතු අමාත්‍ය බිමල් රත්නායකගෙන් ප්‍රශ්ණ නොකරන්නේ ඔහුට ඇති බය නිසාද යන්න උදය ගම්මන්පිල ප්‍රශ්ණ කර සිටිනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මේ පිළිබඳව ප්‍රශ්න කර සිටියා.


"2025 ජනවාරි මාසයේදී බහලුම් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම පිළිබඳ අපි අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළා. මේ පැමිණිල්ල පිළිබඳ නිසි විමර්ශනයක් නෑයි කියලා දැක්කම ප්‍රගතිය විමසමින් අල්ලස් කොමිසමට 2025 ජූලි 17 වෙනිදා සිහි කැඳවීමක් සිදු කළා. ඒත් ප්‍රගතියක් නැහැ. අපි කොහොමද බය නැතුව ප්‍රගතියක් නැහැ කියන්නේ 2026 ජනවාරි 19 වෙනිදා දෙරණ 360 රූපවාහිනී වැඩසටහනට සහභාගි වුණු බිමල් රත්නායක ඇමතිතුමා කියනවා, බහලුම් සම්බන්ධයෙන් මට මම කිසි වරදක් කරලා නැහැ. වරදක් කරලා තිබුණා නම් අල්ලස් කොමිසමේ මට කැඳවිය යුතුයි. මට එවැනි කැඳවීමක් නැහැ කියලා."


"ඒ අනුව මේ ප්‍රකාශය දැක්කට පස්සේ අපි 2026 මැයි මාසේ 4 වෙනිදා අල්ලස් කොමිසමේ අවධානයට යොමු කළා. ඔන්න බිමල් ඇමතිතුමා මෙහෙම ප්‍රකාශයක් කරනවා. නමුත් රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා 2025 ජනවාරි 31 වෙනිදා මේ බහලුම් 323 නිදහස් කරන්න, තමන්ට උපදෙස් ලබා දුන්නේ බිමල් රත්නායක ඇමතිතුමාය කියලා ලිඛිත ප්‍රකාශයක් කරලා තියෙන බව අපි අල්ලස් කොමිසමට පෙන්වලා දීලා අල්ලස් කොමිසමෙන් අපි ප්‍රශ්න කළා. ඇයි බිමල් රත්නායක ඇමතිතුමාව තවම ප්‍රශ්න කරන්නේ නැත්තේ? ඒ කියන්නේ අපේ පැමිණිල්ලේ කිසිම ප්‍රගතියක් නැහැ කියන එක නේද කියලා අපි අල්ලස් කොමිසමෙන් ඇහුවා. අල්ලස් කොමිසම 2026 මැයි 13 වෙනිදා ඒ ලිපියට ඉතාම කාර්යක්ෂම පිළිතුරක් එවනවා. හතරවෙනි දා යවපු ලිපියට 13 වෙනිදාම පිළිතුරක් යවලා කියනවා. නෑ නෑ අපේ විමර්ශන කටයුතු ඉදිරියට ඉතාම හොඳින් කරගෙන යනවා. ඔබේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා කියලා."


"නමුත් මේ වනතුරුම අල්ලස් කොමිසමට බිමල් ඇමතිතුමා ගෙන්වලා ප්‍රශ්න කරලා නැහැ. අපි කොහොමද හරිම විශ්වාසයෙන් ඒක කියන්නේ? අපි දන්නවා අල්ලස් කොමිසමේ ප්‍රතිපත්තිය තමයි හිටපු මන්ත්‍රීවරයෙක්ව අල්ලස් කොමිසමට කැඳවීමක් කළත් ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට හිටපු ඇමති කෙනෙකුටත් මාධ්‍ය ආවරණයක් ලබාගන්නවා නම් රටේ සභානායකවරයා අල්ලස් කොමිසමට කැඳවන අවස්ථාවේ එවැනි මාධ්‍ය ආවරණයක් ලබා නොගන්න හේතුවක් නැහැ. එහෙමනම් රටට හොරෙන් මාධ්‍ය වලට හොරෙන් බිමල් රත්නායක ඇමතිවරයාව අල්ලස් කොමිසමට කැඳවීමට කිසිම ඉඩක් නැහැ."


"එතකොට ඇත්තෙන්ම අල්ලස් කොමිසම විපක්ෂයේ දේශපාලකයෙක්ට එරෙහිව පැමිණිල්ලක් ලැබුණම ඉතාම කාර්යක්ෂම විමර්ශනය සිද්ධ කරනවා විතරක් නෙවෙයි. ඒකට පුළුල් ප්‍රචාරයක් ලබා දෙනවා. විපක්ෂයේ දේශපාලකයන්ගේ අල්ලස් පිළිබඳ කාර්යක්ෂමව විමර්ශනය කිරීම ඉතාම හොඳ වැඩක්. හැබැයි විපක්ෂයේ දේශපාලකයාගේ ට එරෙහිව ලැබෙන පැමිණිල්ලට වඩා කාර්යක්ෂම විමර්ශනය කළ යුත්තේ ආණ්ඩුවේ දේශපාලකයට එරෙහිව ලැබෙන පැමිණිල්ලටයි. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් විපක්ෂයේ දේශපාලකයාට දැන් බලයක් නැති නිසා ඒ අයට තව තවත් මහජන දේපල විනාශ කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම විපක්ෂයේ දේශපාලකයාට සාක්ෂි විනාශ කරන්න බලයක් නැහැ. දැන් එයා ආණ්ඩුවට බලපෑමක් කළ හැකි තත්ත්වයක නැති නිසා. නමුත් රජයේ බලවත්ම තනතුරක් දරන අයෙක් දූෂණයකට සම්බන්ධයි නම් එයාට එරෙහිව පියවර නොගැනීමෙන් ඔහුට තව තවත් මහජන දේපල නාස්ති කරන්න නීතිය අවභාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු දරන තනතුරේ බලය නිසාම සාක්ෂි විනාශ කරන්න සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න අවස්ථාව තිබෙනවා. ඔන්න ඔය නිසා තමයි ලෝකයේ පුරාම තිබෙන අල්ලස් විමර්ශන කරන කොමිෂන් සභා විපක්ෂයේ දේශපාලකයාට වඩා වැඩි අවධානයක් වැඩි බරක් ආණ්ඩුවේ දේශපාලකයාට යොමු කරන්නේ. නමුත් අවාසනාවට අපේ අල්ලස් කොමිසම ඒ ලෝකයේම පිළිගත්ත විශ්වීය මූලධර්මය අමතක කරලයි කටයුතු කරමින් ඉන්නේ."


"දැන් අපි මේ මූලධර්මය පිළිබඳ පවා අපි අල්ලස් කොමිසමේ අවධානයට ලිඛිතව යොමු කරලා තිබෙනවා. එවැනි පසුබිමක මේ බහලුම් 323 නීති විරෝධීව නිදහස් කරලා වසර එකාමාරක් ගත වෙලා තියෙනවා. මාස 18ක් ගත වෙලා තිබියදී. අනිත් පැත්තෙන් මාව අල්ලස් කොමිසම කැඳවන්නේ නැත්තේ මා කිසි වරදක් නොකළ නිසාය කියලා උදාහරණ වාක්‍යයක් බිමල් රත්නායක ඇමතිතුමා කියලා මාස 6ක් ගත වී තිබියදීත් අල්ලස් කොමිසම තවමත් බිමල් රත්නායක ඇමතිතුමාව ප්‍රශ්න කරන්න පැකිලෙමින් සිටිනවා. ඒ නිසා අල්ලස් කොමිසමේ මහත්වරු බිමල් රත්නායක ඇමතිතුමාගේ ඇමතිකමට හරි වෙන මොකක් හරි පසුබිමකට හරි බයද කියලා තමයි අපිට අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ."

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome