විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දේශපාලන උවමනා මත වෙනස් නොකළ යුතුයි!

The Pulse of Sri Lanka 0

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වැනි වෙනස්කම් හදිසියේ හෝ දේශපාලන උවමනා මත සිදු නොකළ යුතු බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පවසනවා.


ශ්‍රී ලංකා තරුණ නීති ප්‍රජාව සංවිධානය කළ 2026 වාර්ෂික තරුණ නීති සමුළුවට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


2026 වාර්ෂික තරුණ නීති සමුළුව ඊයේ  කොළඹ දී පැවැත්වුණු අතර මෙරට නීති ක්ෂේත්‍රයේ  වර්ධනය වෙමින් පවතින නීතිමය ගැටලු පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණා


ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය, අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන සහ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ඇතුළු ප්‍රමුඛ පෙළේ නීති විශාරදයින් රැසක් ඊට සඳහා එක්ව සිටියා.


මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, වාණිජ නීතිය, පරිසර නීතිය මෙන්ම මුල්‍ය අපරාධ සහ සාගර ආරක්ෂණ නීති වැනි කාලීන මාතෘකා යටතේ විශේෂ සාකච්ඡා පැවැත්වුණ අතර, මෙම සමුළුවේ නිල මාධ්‍ය සහකරු ලෙස කටයුතු කළේ හිරු ටීවි ආයතනයයි.


නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය අදහස් දක්වමින් සඳහන් කළේ, 


"පද්ධතිමය වෙනසක් කියන කාරණය ගැන මමත් අරගලය කාලේ අවධානය යොමු කළා. ඒ කාලේ මම නීතිඥ සංගමයේ ලේකම් ධුරයෙන් ඉවත් වෙලා ස්වාධීන වෘත්තිකයෙක් විදිහටයි කටයුතු කළේ. මමත් ගාලු මුවදොර "ගේට් වන්" වේදිකාවේ කිහිප වතාවක් අදහස් දැක්වූවා. අපේ රට වැටිලා තිබුණු අගාධයෙන් ගොඩගන්න ගමන වෙනස් කළ යුතුයි කියන මතයේ මමත් හිටියා. පසුගිය වසර 70 පුරාම අපේ රටේ යම් ප්‍රගතියක් තිබුණා. අප්‍රිකානු රටවල් හෝ ඉන්දියාව එක්ක බලද්දී අපි ඉදිරියෙන් ඉන්නවා. අපේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් අපිට ගැටලුත් තිබුණා. දූෂණය වගේම ආයතනික අකාර්යක්ෂමතාවය අපිට ලොකු පිරිවැයක් වුණා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හොඳ ගෙවීමක් කළ යුතුයි, නැත්නම් දක්ෂයින් දේශපාලනයට එන්නේ නැහැ. ව්‍යවස්ථාපිතවාදය (Constitutionalism) කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හරහා මානව හිමිකම් පෑගී යාම වළක්වන පාලමක් වැනි දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය පිරිහීම (Democratic backsliding) ගැනත් අපි අවධානය යොමු කළ යුතුයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වැනි ව්‍යවස්ථාපිත වෙනස්කම් හදිසියේ හෝ දේශපාලන උවමනා මත නොකළ යුතුයි. ශ්‍රී ලංකාව කියන්නේ හරියට දක්ෂතාවය තිබුණත් ප්‍රතිඵල පෙන්වන්නේ නැති සමාගමක් වගෙයි. දැක්මක් සහ අවංකභාවයක් තිබුණොත් මේක ලෙහෙසියෙන් ගොඩගන්න පුළුවන්" යනුවෙන්.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome