අධිකරණ සේවා විශේෂ මහ සභා රැස්වීමේදී අගවිනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ඒකමතිකිව පරාජය කිරිමත් සමග අගවිනිසුරුවරයාගේ ඇම්බැට්ටයන් මෙන්ම මාලීමා ආණ්ඩුවේ ඩෝබි බලකාය එක්ව අධිකරණ සේවා සංගමය සහ එහිදි ගත් තීන්දු සම්බන්ධයෙන් විවිධ අසත්‍ය පැතිරවිම හේතුවෙන් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පැහැදිලි කිරිමක් කර තිබේ.
2026 ජූලි 10 දින එවකට අධිකරණ සේවා සංගමසේ සභාපතිවරයා විසින් WhatsApp මාර්ගයෙන් නිකුත් කරන ලද පණිවිඩය සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව පහත කරුණු පිළිබඳව (සාමාජිකයන් දැනුවත් කිරීමට තීරණය කර ඇත.)
1. අධිකරණ සේවා සංගමය හුදෙක් සුබසාධක සංගමයක් පමණද?
අධිකරණ සේවා සංගමය සිය සාමාජිකයන්ගේ සුබසාධනය ප්‍රවර්ධනය කිරීම තම මූලික අරමුණක් ලෙස සලකන අතර, අධිකරණයේ ස්වාධීනත්වය බාහිර බලපෑම්වලින් ආරක්ෂා කිරීම අවශ්‍ය වූ සෑම අවස්ථාවකදීම ඉතිහාසය පුරාම ඒ සඳහා සක්‍රීයව මැදිහත් වී ඇත.
ඒ අනුව, අධිකරණයට බලපාන වැදගත් කරුණු සම්බන්ධයෙන් විශේෂ මහා සභා රැස්වීම් කැඳවා සාමාජික මතය විමසා තීරණ ගෙන ඇති අවස්ථා රැසක් පවතී. එවකට ගරු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාමාර්ගයට එරෙහිව සංගමය ගත් ස්ථාවරය මෙන්ම, ඉතා මෑතකදී සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට ගත් උත්සාහයට එරෙහිව සංගමය ක්‍රියා කළ ආකාරයද එහි කැපී පෙනෙන උදාහරණ වේ.
මෙම ඓතිහාසික සිදුවීම් මගින් අධිකරණ සේවා සංගමයේ කාර්යභාරය හුදෙක් සුබසාධන සංගමයක සීමාව ඉක්මවා ගිය එකක් බව පැහැදිලි වේ. එවැනි පසුබිමක් තිබියදී, සංගමයේ සැබෑ ස්වභාවය පිළිබඳ හිටපු සභාපතිවරයා ඉතා සීමිත දෘෂ්ඨිකෝණයකින් කටයුතු කර තිබීම කණගාටුවට කරුණකි
මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබේ.
ලේකම්වරයා සහ විධායක කමිටුව සෑමවිටම කටයුතු කර ඇත්තේ, එවකට සභාපතිවරයාගේ
ප්‍රධානත්වයෙන් පැවති විධායක කමිටු රැස්වීම්වලදී ගනු ලැබූ තීරණ අනුවය.හිටපු සභාපතිවරයා 2026.07.10 දින සවස දක්වා එම ධුරය දරා සිටි බැවින්, එම කාලය තුළ විධායක කමිටුව විසින් ගනු ලැබූ සියලු තීරණ සම්බන්ධයෙන් ඔහුද සාමූහික වගකීම දරයි.

2. “ලේකම්වරයා සහ විධායක කමිටු සාමාජිකයන් නුසුදුසු හා පිළිගත් සම්ප්‍රදායන්ට පටහැනි ලෙස කටයුතු කළේද?.”
මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබේ.
ලේකම්වරයා සහ විධායක කමිටුව සෑමවිටම කටයුතු කර ඇත්තේ, එවකට සභාපතිවරයාගේ
ප්‍රධානත්වයෙන් පැවති විධායක කමිටු රැස්වීම්වලදී ගනු ලැබූ තීරණ අනුවය.හිටපු සභාපතිවරයා 2026.07.10 දින සවස දක්වා එම ධුරය දරා සිටි බැවින්, එම කාලය තුළ විධායක කමිටුව විසින් ගනු ලැබූ සියලු තීරණ සම්බන්ධයෙන් ඔහුද සාමූහික වගකීම දරයි.
2026.07.11 දින පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ මහා සභා රැස්වීම නුසුදුසු ආකාරයෙන් හෝ සම්ප්‍රදායන්ට පටහැනිව සංවිධානය කර තිබුණේ නම්, එම රැස්වීම පැවැත්වෙන ස්ථානය පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත යොමු කළ 2026.06.30 හා 2026.07.07 දිනැති නිල ලිපි දෙක සභාපතිවරයා විසින් අත්සන් කර යැවීමට කිසිදු හේතුවක් නොතිබුණි. එම ලිපි දෙක නිල WhatsApp සමූහය ඔස්සේද සියලු සාමාජිකයන් වෙත බෙදා හැර තිබුණි.
තවද, 2026.06.27 දින දක්වා පැවති සියලු විධායක කමිටු රැස්වීම්වල වාර්තා විධායක කමිටුව හමුවේ ඉදිරිපත් කර ඒකමතිකව අනුමත කර ඇති අතර, එම වාර්තා පිළිබඳව හෝ ලේකම්වරයා හෝ විධායක කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කිසිදු විරෝධයක් එවකට සභාපතිවරයා විසින් කිසිදු අවස්ථාවක මතු කර නොමැත.
එබැවින්, ධුරයෙන් ඉල්ලා අස්වන අවස්ථාවේදී පළමු වරට එල්ල කරන මෙවැනි චෝදනා පිළිගත නොහැක.
3. “පෙර පැවති සියලු විශේෂ මහා සභා රැස්වීම් අධිකරණ සේවා කොමිෂන් සභාවේ පූර්ව අනුමැතිය හෝ එකඟතාව මත පමණක් කැඳවා ඇත.” යන ප්‍රකාශය.
මෙම ප්‍රකාශය සත්‍යය නොවේ.
අධිකරණ සේවා සංගමයට ලිඛිත ව්‍යවස්ථාවක් නොමැති අතර, එය දීර්ඝකාලීනව ක්‍රියාත්මක වී ඇත්තේ ස්ථාපිත සම්ප්‍රදායන් සහ පූර්වාදර්ශ මතය.
එම සම්ප්‍රදාය අනුව, විධායක කමිටුව විශේෂ මහා සභාවක් කැඳවීමට තීරණය කළ පසු, එම දිනය සහ ස්ථානය පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුවත් කිරීම පමණක් සිදුකර ඇත. මෙවරද අනුගමනය කර ඇත්තේ එම ක්‍රියාපටිපාටියමය.
අතීතයේ කිසිදු අවස්ථාවක අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විශේෂ මහා සභාවක් පැවැත්වීමට විශේෂ අනුමැතියක් ලබා දී නොමැති අතර, එවැනි අනුමැතියක් නොලැබීම හේතුවෙන් කිසිදු විමසීමක් හෝ විරෝධයක්ද මතු කර නොමැත.
මෙවරද විධායක කමිටුවේ තීරණය එවකට සභාපතිවරයාගේ අත්සනින් යුතුව කොමිෂන් සභාව දැනුවත් කරන ලදී.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ පූර්ව අනුමැතිය අත්‍යවශ්‍ය වූයේ නම්, 2026.06.30 හා 2026.07.07 දිනැති හිටපු සභාපතිවරයා අත්සන් තබන ලද ලිපි මගින් එවැනි අනුමැතියක් ඉල්ලා නොසිට දැනුම් දීමක් පමණක් සිදු කරන බව සදහන් කලේ මන්දැයි සාධාරණ ප්‍රශ්ණයක් මතු වේ.

එබැවින්, එවැනි පූර්ව අනුමැතියක් අනිවාර්ය හෝ ස්ථාපිත සම්ප්‍රදායක් වූ බවට කරන ප්‍රකාශය සත්‍ය නොවන අතර එයට කිසිදු පදනමක් නොමැත.
මෙම ප්‍රකාශයද සංගමයේ ස්ථාපිත සම්ප්‍රදායට මුළුමනින්ම පටහැනිය.
විශාල සංඛ්‍යාවක සාමාජිකයන්ගේ ඉල්ලීමක් විශේෂ මහා සභාවක් කැඳවීමට සාධාරණ පදනමක් විය හැකි නමුත්, තුනෙන් එකක සාමාජික සංඛ්‍යාවක් පෙර සිටම සහභාගී වීම තහවුරු කළ යුතු බවට කිසිදු සම්ප්‍රදායක් හෝ අවශ්‍යතාවයක් කිසිදු අවස්ථාවක නොතිබුණි.
4. “විශේෂ මහා සභාවක් කැඳවිය හැක්කේ සාමාජිකයන්ගෙන් තුනෙන් එකක් එය ඉල්ලා සිටින විට හෝ සහභාගී වීම තහවුරු කළ විට පමණි" යන ප්‍රකාශය.
මෙම ප්‍රකාශයද සංගමයේ ස්ථාපිත සම්ප්‍රදායට මුළුමනින්ම පටහැනිය.
විශාල සංඛ්‍යාවක සාමාජිකයන්ගේ ඉල්ලීමක් විශේෂ මහා සභාවක් කැඳවීමට සාධාරණ පදනමක් විය හැකි නමුත්, තුනෙන් එකක සාමාජික සංඛ්‍යාවක් පෙර සිටම සහභාගී වීම තහවුරු කළ යුතු බවට කිසිදු සම්ප්‍රදායක් හෝ අවශ්‍යතාවයක් කිසිදු අවස්ථාවක නොතිබුණි.
වැදගත් කරුණක් පැනනගින විට, ඒ පිළිබඳ සංගමයේ සාමූහික මතය ලබා ගැනීම සඳහා විධායක කමිටුව
විසින් විශේෂ මහා සභාවක් කැඳවීම සංගමයේ ස්ථාපිත ක්‍රියාපටිපාටිය වේ.එසේම, විශේෂ මහා සභාව පැවැත්වීමට පෙර අවසන් සහභාගීත්වය නිශ්චිතව තහවුරු කළ හැකි පරිපූර්ණ යාන්ත්‍රණයක් නොමැති බවද පැහැදිලිය.
විසින් විශේෂ මහා සභාවක් කැඳවීම සංගමයේ ස්ථාපිත ක්‍රියාපටිපාටිය වේ.එසේම, විශේෂ මහා සභාව පැවැත්වීමට පෙර අවසන් සහභාගීත්වය නිශ්චිතව තහවුරු කළ හැකි පරිපූර්ණ යාන්ත්‍රණයක් නොමැති බවද පැහැදිලිය.
එබැවින්, තුනෙන් එකක සහභාගීත්වය පූර්වයෙන් තහවුරු විය යුතු බවට වන ප්‍රකාශය සංගමයේ ස්ථාපිත සම්ප්‍රදාය පිළිබිඹු නොකරයි.
ලේම්වරයා හෝ විධායක කමිටු සාමාජිකයන් දේශපාලන අරමුණු මත ක්‍රියා කළ බවට කරන චෝදනාව දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
අනෙකුත් චෝදනා පිළිබඳ ප්‍රතිචාර
ලේම්වරයා හෝ විධායක කමිටු සාමාජිකයන් දේශපාලන අරමුණු මත ක්‍රියා කළ බවට කරන චෝදනාව දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
විශේෂ මහා සභාව කැඳවීමට ගත් තීරණය, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ යෝජනාවේ ඇති බරපතළ බලපෑම් සහ සාමාජිකයන්ගේ යහපත ගැඹුරින් සලකා බැලීමෙන් අනතුරුව, හිටපු සභාපතිවරයා විසින්ම ඉදිරිපත් කළ යෝජනාවක් මත විධායක කමිටුව ඒකමතිකව ගත් තීරණයකි.
විධායක කමිටුවේ එකම අරමුණ වූයේ අධිකරණයට හා අධිකරණ නිලධාරීන්ට බලපාන මෙම වැදගත් කරුණ පිළිබඳ සාමාජිකයන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පමණි. දේශපාලන අරමුණක් පැවති බවට කිසිදු සහේතුක හෝ තාර්කික පදනමක් ඉදිරිපත් කර නොමැති බැවින් එම චෝදනාව පදනම් විරහිතය.
සියලුම වාර්තා විධායක කමිටුව හමුවේ ඉදිරිපත් කර කියවා, සලකා බලා, කිසිදු විරෝධයකින් තොරව අනුමත කර ඇත. අනුමත කිරීමෙන් පසු වෙනස් කළ බවට කිසිදු නිශ්චිත වාර්තාවක් හෝ සිද්ධියක් හඳුන්වා දී නොමැත. එබැවින්, කරුණුමය පදනමකින් තොර චෝදනාවක් පිළිගත නොහැක.
විශේෂ මහා සභාව කැඳවීමේ තීරණය, හිටපු සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විධායක කමිටු රැස්වීමකදී ඒකමතිකව ගනු ලැබූ තීරණයකි. විශේෂ මහා සභාව කැඳවීමේ තීරණයක් මිස, එසේ කැඳවීම සඳහා සාමාජිකයන්ට යෝජනා කිරීමේ තීරණයක් නොවන බව විශේෂයෙන් අවධාරණය කරනු ලැබේ.
විධායක කමිටු රැස්වීම් වාර්තා ලේකම්වරයා විසින් සවනය කළ බවට වන චෝදනාවද දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබේ.
සියලුම වාර්තා විධායක කමිටුව හමුවේ ඉදිරිපත් කර කියවා, සලකා බලා, කිසිදු විරෝධයකින් තොරව අනුමත කර ඇත. අනුමත කිරීමෙන් පසු වෙනස් කළ බවට කිසිදු නිශ්චිත වාර්තාවක් හෝ සිද්ධියක් හඳුන්වා දී නොමැත. එබැවින්, කරුණුමය පදනමකින් තොර චෝදනාවක් පිළිගත නොහැක.
විශේෂ මහා සභාව නීති විරෝධී බවට කරන චෝදනාවද ප්‍රතික්ෂේප කරනු ලැබේ.
විශේෂ මහා සභාව කැඳවීමේ තීරණය, හිටපු සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විධායක කමිටු රැස්වීමකදී ඒකමතිකව ගනු ලැබූ තීරණයකි. විශේෂ මහා සභාව කැඳවීමේ තීරණයක් මිස, එසේ කැඳවීම සඳහා සාමාජිකයන්ට යෝජනා කිරීමේ තීරණයක් නොවන බව විශේෂයෙන් අවධාරණය කරනු ලැබේ.
තමා විසින්ම ප්‍රධානත්වය දරමින් ගත් එම තීරණය පසුව නීතිවිරෝධී සලකා හඳුන්වා දීම ආචාරධර්මවලට මෙන්ම සාමූහික වගකීමේ මූලධර්මයටද පටහැනිය.
අධිකරණ සේවා සංගමය යනු අධිකරණයේ ස්වාධීනත්වය හා සාමාජිකයන්ගේ යහපත සම්බන්ධයෙන් සෑම අවස්ථාවකදීම වගකීම භාරගෙන නිර්භීතව හා ධෛර්යයෙන් කටයුතු කළ සභාපතිවරුන්, ලේකම්වරුන් සහ නිලධාරී මණ්ඩලයක ගෞරවනීය ඉතිහාසයක් හිමි සංගමයකි. එහි පැවැත්ම රඳා පවතිනුයේ නිරන්තරයෙන්ම පසුබිමින් සිට ඊට ශක්තිය සපයන සාමාජික ඔබ අධිකරණ සේවා සංගමය වෙත තබන විශ්වාසය මත වේ.

වර්තමාන විධායක කමිටුවද එම උතුම් සම්ප්‍රදායන් හා ස්ථාපිත පිළිවෙත් අනුවම කටයුතු කර ඇති බව දන්වා සිටින අතර, විධායක කමිටුව විසින් ගනු ලැබූ සෑම පියවරක්ම සාමාජිකයන්ගේ යහපත, අධිකරණයේ ගෞරවය සහ අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම යන අරමුණු පමණක් පෙරදැරි කරගෙන සාමූහිකව ගෙන ඇති බවද සියලු සාමාජිකයන් වෙත ගෞරවසයන් දැනුම් දෙනු ලැබේ.
චාමර වික්‍රමනායක
සභාපති
ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය
සභාපති
ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය
සුරංග මුණසිංහ
ලේකම්
ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය
ලේකම්
ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය