ප්‍රීති පද්මන් සූරසේනගෙ අග විනිසුරුවරයා ගේ සේවා කාලය දීර්ඝ කරන ව්‍යාපෘතිය අනපේක්ෂිත ගැටලු රැසකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.අනපේක්ෂිත ලෙස ඇතිවූ මහජන විරෝධය සහ විශේෂයෙන් අධිකරණ පද්ධතිය තුලින් මතුවූ විරෝධය දැන් වෙනමම දිශාවකට විතැන් වෙමින් පවතී.
අනුර කුමාර ජනාධිපතිවරයා වටා සිටි නීති කේෂ්ත්‍රයේ මිතුරන් වන උපුල් කුමාරප්පෙරුම සහ ජයම්පති වික්‍රමරත්න වැන අය පවා මෙම කාර්යය මග හරින අවස්ථාවක එක බාර ගත් ආන්ඩුකාර වසන්ත ජිනදාස ත් දැන් අනුර මග හරින තත්වයට පත්ව ඇත.ඒ අන් කරුනක් නිසා නොව පද්මන් සූරසේනගේ උපන්දිනය පිළිබද ඇතිවී ඇති උභතෝකෝටික ගැටලුව නිසාය.
අගවිනිසුරුවරයාගේ උපන් දිනය පිලිබද ස්ථිරසාර දිනයක් ලේඛණගතව නැත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තැනක එක 12. 01 දිනැතිව සටහන් වන අතර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යවපු ලිපියක සදහන් එය 01.12 ලෙස සදහන් වේ.
මේ උපන් දිනයේ ගැටලුව හින්ද ලබන 30දා ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් යෝජනවා සැකසීමේදී ගැටලු මතුව ඇති අතර වසන්ත ජිනදාසත් දැන් මේ සිදුවීම නිසා බියට පත්ව ඇත්තේ අනාගතයේ දිනක නීති ගැටලු ඇතිවේ යැයි යන බිය නිසාය.
මේ අතර අධිකරණ කේෂ්ත්‍රයේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ අනුර නොදැනුවත්ව හෝ සූරසේන අගවිනිසුරුවරයා ගේ උගුලක අසුව ඇති බවයි.
මීට වසර දෙකකට පෙර විශ්‍රාම යායුතු අගවිනිසුරුවරයා එය හෙලිවීමට සැකසූ සූක්ෂම උගුලක හසුව ඇතැයි නීති කේෂ්ත්‍රයේ උසස් තනතුරක් හෙබවූ අයෙක් අප සමග පැවසීය.
ශ්‍රීලංකා නාවික හමුදාවේ සේවය කල ප්‍රීති පද්මන් සූරසේන මානසික අස්ථාවරත්වය නිසා හමුදා සේවයෙන් ඉවත්ව නීතිපති දෙපාර්තමේන්තුවට බැදුන අතර කොතලාවල ආරක්ෂක පීඨය, නීති විද්‍යාලය , නාවික හමුදාව ඇතුළු පැරණි සේවා ස්ථානවල ඇත්තේ එකිනෙකට වෙනස් උපන් දින බවද වාර්තා වේ.


