නිමල්ට දිගටම තර්ජන! අනියම් ප්‍රේමයත් ඇදලා ගනී!

The Pulse of Sri Lanka 0

ශ්‍රී ලංකන් නඩුවේදී නාමල් රාජපක්ෂ අල්ලස් ලබාගත් බවට තමන්  විසින් සාදා දෙන කට උත්තරයට අත්සන් කරන ලෙස අනුර කුමාර දිසනායක ජනාධිපතිවරයා නිමල් පෙරේරාට නැවතත් තර්ජනාත්මකව පවසා ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.


ඇතිවී තිබෙන ආණ්ඩු විරෝධය සමනය කර ගැනීම සඳහා නාමල්‍ රාජපක්ෂව කෙසේ හෝ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කල යුතුම බව මෙහිදී අනුර කුමාර ජනාධිපතිවරයා විසින් නිමල් පෙරේරාට  දිගින් දිගටම පවසා ඇති අතර සාදා ඇති කටඋත්තරය තානාපති කාර්‍යාලයෙන් ලැබෙනු ඇති බවත් වහාම එයට අත්සන් කරන ලෙසත් ජනාධිපතිවරයා පවසා ඇති බව එම ආර්ංචි මාර්ග සදහන් කරයි. ශ්‍රී ලංකන් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට විරුද්ධව කට උත්තරයක් ලබා නොදෙන්නේ නම් කපිල චන්ද්‍රසේනට සිදුවූ දෙයම සිදුවිය හැකි බවත් ජනාධිපතිවරයා තර්ජනය කර ඇත.


එසේ නාමල් රාජපක්ෂට විරුද්ධව කට උත්තරයක් ලබා නොදුන්නොත් නිමල් පෙරේරාගේ කොටස් වෙළෙඳපොළ නඩුවෙන් ඔහුව හිරකරන බවත් හා නිමල් පෙරේරාගේ අනියම් පෙම්වතිගේ තොරතුරු හෙලිකරන බවත් දන්වා ඇත.


ජවිපෙට හිතවත් ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරාගේ මිතුරකු වන නිමල් පෙරේරා මේ වනවිටත් එම තර්ජන නිසා හටගත් මානසික පීඩනය නිසා මනෝ වෛද්‍යවරයකුද හමුවී ඇතිබව එම ආරංචිමාර්ග සදහන් කරයි.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.