අසිත උබ වැඩ්ඩෙක් නම් අභියෝගය භාරගනින්! දිනන දකුණත් සටනට එයි!

The Pulse of Sri Lanka 0

කුමන ආණ්ඩුවක් බලයේ සිටියද ප්‍රජාතන්ත්‍රවාදයට, අධිකරණයේ ස්වාධීනත්වයට සහ විරෝධතා දැක්වීමේ අයිතිය ඇතුළු ජනතාවගේ මානව හිමිකම්වලට එල්ල වන ඕනෑම තර්ජනයකට එරෙහිව නීතිඥ සංගමය බියෙන් හෝ සැකෙන් තොරව පෙනී සිට ඇති බව දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙනවා.


ඊයේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාට කල අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකය සිය දැඩි විරෝධය පලකර සිටි.




මාධ්‍ය නිවේදනය.

2026-07-25


ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගය හැකිනම් භාරගෙන පෙන්වන්න.


පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාට එරෙහිව ජාතික ජනබලවේග  පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා විසින් ඊයේ  පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම  පදනම් විරහිත සහ ද්වේෂසහගත එකක් බව දිනන දකුණ සාමූහිකයේ විශ්වාසයයි.


මෙවැනි ප්‍රකාශ සිදු කිරීම පිළිබඳව අප සාමූහිකය දැඩි කනස්සල්ල පළ කර සිටින්නෙමු.


මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු වරප්‍රසාද ආවරණයෙන් මිදී, එකී ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතදී නැවත සිදු කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිදුකර ඇති අභියෝගය භාරගෙන සිය දේශපාලන සදාචාරය ප්‍රදර්ශනය කරන ලෙස අප සාමූහිකය මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.


මෙරට නීතිඥ ප්‍රජාවට,නීති ක්ෂේත්‍රයේ ස්වාධීනත්වයට සහ ගෞරවයට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ එක්ව කටයුතු කිරීමට අප සාමූහිකය  සූදානම් බව දැනුම් දීමට කැමැත්තෙමු.


කුමන ආණ්ඩුවක් බලයේ සිටියද ප්‍රජාතන්ත්‍රවාදයට, අධිකරණයේ ස්වාධීනත්වයට සහ විරෝධතා දැක්වීමේ අයිතිය ඇතුළු ජනතාවගේ මානව හිමිකම්වලට එල්ල වන ඕනෑම තර්ජනයකට එරෙහිව නීතිඥ සංගමය බියෙන් හෝ සැකෙන් තොරව පෙනී සිට ඇති බව අපගේ හැඟීමයි. 


තුෂාර වීරරත්න 

මාධ්‍ය ප්‍රකාශක 

දිනන දකුණ සාමූහිකය

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome