සූරසේනගේ දික්විජය සඳහා නිරුවතින් සටන් කරන හර්ෂන නන්නත්තාර!

The Pulse of Sri Lanka 0

2026 ජූලි 24 දින පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොඩනැගිලි විවෘත කිරීමකට අමාත්‍ය හර්ෂණ සහභාගි විය. එහිදී අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් ගම්පහ කලාපයේ සියලුම විනිසුරුවරු වෙතට ඊට සහභාගි වීමට ආරාධනා පත්‍ර යවන ලදී. මේ වන විට තත්ත්වය කොතරම් ඛේදනීයද යත් ගම්පහ කලාපයේ විනිසුරුවරු සියලු දෙනා ඊට සහභාගි විය. වර්තමාන අගවිනිසුරුවරයා සමාජ මාධ්‍ය කළඹන්නේ දිනකට ගෙවෙනා  තත්පරයකින් බිඳුවක් හෝ  කාලයේ මහා සාගරයට නිකරුණේ අපතේ යාමට නොදෙමි... යන ආකාරයෙන්  2026 ලංකාද්වීපයේ පහළ වූ   පැරකුම්බා  සූරසේන ලෙසය.

හර්ෂණ නානායක්කාරයට අත්පොඩි ගසන්නට විනිසුරුවරු තම රාජකාරි හැර දමා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොඩනැගිලි විවෘත කිරීමට  යාමෙන් අධිකරණ කටයුතු අඩාල වන්නේ හුදු තිරස්චීන දේශපාලඥයන්ගේ උවමනාවන් සැපිරීමට මිස  වෙනත් කරුණක් නිසා නොවන බව පැහැදිලිය.

ඉතිහාසයේ මෙවන් අවස්ථා දක්නට නැත. අධිකරණ සංකීර්ණයක ගොඩනැගිල්ලක් විවෘත කරන විට එම අධිකරණයේ විනිසුරුවරයාද, අගවිනිසුරුවරයා  පැමිණියහොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වනවා මිස  අගවිනිසුරුවරයා හෝ සම්බන්ධ නොවෙන අවස්ථාවක එම සංකීර්ණයම විනිසුරුවරයා හෝ සහභාගි නොවූ අවස්ථාද ඇත. එය විනිසුරුවරයෙකුට කිසිදු අදාලත්වයක් නොමැති කරුණක් බැවින් විනිසුරුවරු එය නොතකා හරිති.

ඉතිහාසයේ කිසිදු අවස්ථාවක එක් අධිකරණයක ගොඩනැගිල්ලක් විවෘත කිරීමේදී කලාපයේම විනිසුරුවරු සඳහා ඇරයුම්පත් අධිකරණ සේවා කොමිසම යැවූ අවස්ථාවක් සොයාගත නොහැක.

ඊයේ දින ගම්පහ කලාපයේ සියලු විනිසුරුවරු එයට  සහභාගි වූයේ එම ඇරයුම ප්‍රතික්ෂේප කිරීමට තිබූ අකමැත්ත හා භීතිය මතය.  වර්තමානයේ විනිසුරුවරු කෙතරම් භීතියට පත්ව සිටින්නේ ද යත් අධිකරණ සේවා කොමිසම විසින් අධිකරණ ගේට්ටුව ඉදිරියේ ඔලුවෙන් සිට ගැනීමට විනිසුරුවරයෙකුට  පැවසුවහොත් එයද සිදු කරනවා නොඅනුමානය.

අධිකරණ සේවා කොමිසම ද හර්ෂන නන්නත්තාර ඇමතිවරයා පැමිණෙන උත්සවයට යාමට දැන්වූයේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මැරීමටය. අධිකරණ අමාත්‍යවරයා සූරසේන අගවිනිසුරුවරයාගේ දික්විජය සඳහා නිරුවතින් සටන් කරන පුද්ගලයෙකි. අධිකරණ සේවා සංගමයේ සාමාජිකයන් වන  ගම්පහ කලාපයේ සියලුම විනිසුරුවරු සමග තේ එකක් බොන අතර අගවිනිසුරුගේ දිග්විජයට එරෙහි නොවන්නට තේ එක සමග කෑමට මුසුකළ සතුට, භීතිය සමග නපුංසකත්වයද   වමාරා ලබාදීමට ඔහුට අවස්ථාවක් ලබා දීමටය.

අධිකරණ ඇමති හර්ශන නන්නත්තාර සමග ගොඩනැගිලි විවෘත කිරීමට ගොස් නන්නත්තාර වූ එම විනිසුරුවරුන්ට නැවත පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට දුරින් පිහිටි තම සේවා ස්ථානයන්ට ගොස් විභාග නඩු කල් දැමීම හැර කළ හැක්කක් නැත. එසේනම් වර්තමානයේ අධිකරණ සේවා කොමිසම සිදු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දුන් බලය භාවිතා කිරීම නොව දේශපාලනඥයන් විසින් ලබා දුන් බලය භාවිතා කිරීම බවට පැහැදිලිව ඔප්පු වන කරුණකි.

මේ ආරම්භ වීමට පෙරය. අගවිනිසුරුගේ දිග්විජය ආරම්භයෙන් පසු එළැඹෙන්නේ අධිකරණයද විසින් ඩෝබිලාගේ රෙදි සේදීමේ හෝරාව බව මෙයින් පැහැදිලි වේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome