පාර්ලිමේන්තු මන්ත්‍රී Ramanathan Archchuna (රමනාදන් ආර්ච්චුනා) ශ්‍රී ලංකාවේ දූෂණය අවම කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මැදිහත්වීමක් සිදු කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
මන්ත්‍රීවරයා සදහන් කලේ ශ්‍රී ලංකාවේ දූෂණය පිළිබඳව IMF නියෝජිතයින්ට විස්තර කරමින්, ගල් අඟුරු මිලදී ගැනීමේ වංචාව සහ නිසි අනුමත ක්‍රියාමාර්ග නොපිළිපැද 300කට වැඩි කොන්ටේනර් මුදාහැරීම පිළිබඳවද අවධානය යොමු කළ බවයි.
ආර්ච්චුනා මන්ත්‍රීවරයා IMF නියෝජිතයින්ට අවධාරණය කළේ, ශ්‍රී ලංකා රජය සමඟ දූෂණය පිළිබඳ ගැටලු දැඩිව සලකා බලන ලෙසයි
රමනාදන් ආර්ච්චුනා ඇතුළු විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් මෑතකදී IMF නියෝජිත කණ්ඩායමක් හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලිම කල බවද ඔහු සදහන් කළා.
එම්.පී. ආර්ච්චුනා IMF නියෝජිතයින්ට අවධාරණය කළේ, ශ්‍රී ලංකා රජය සමඟ දූෂණය පිළිබඳ ගැටලු IMF විසින් දැඩිව සලකා බලන ලෙසයි. ඒ අනුව, සාකච්ඡාවේදී බොරළු මිලදී ගැනීමේ වංචාව සහ නිසි ක්‍රියාමාර්ග නොපිළිපැද මුදාහැර ඇති කොන්ටේනර් 323ක් පිළිබඳ වංචාවද විමර්ශනයට ලක් විය.
IMF නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකාව සඳහා IMF මෙහෙයුම් ප්‍රධානී Evan Papageogiou වන අතර, විපක්ෂ මන්ත්‍රී රවි කරුණානායක සහ දිලිත් ජයවීර ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Great job 🙏
ReplyDeleteවිපක්ෂයේ උන් වටේ යනකොට ඌ තමා නියම වැඩේ කලේ..
ReplyDeleteඅර්චුනා ජනපති කරමු...
ReplyDeleteThe IMF must take action on this matter.. or they too will be in trouble.
ReplyDelete