මිගමුව ගැටුමේ සාක්ෂී වලට අධිකරණයෙන් තහංචි! ජාතික ආරක්ෂාවට අවදානම් ලු! මේ හදන්නේ හිරේ ඉනන් එවුන් එල්ලම්ගස් යවන්නද?

The Pulse of Sri Lanka 0

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ වූ ගැටුම් සම්බන්ධයෙන් ප්‍රධාන ජේලර් වික්‍රම ජයන්ත කුමාර ලබාදුන් සාක්ෂී මාධ්‍යයට නිකුත් කිරිම අධිකරණය විසින් වාරණයට ලක්කර තිබේනවා.ඒ එම තොරතුරු ජාතික ආරක්ෂාවට බරපතල අවදානම් සහගත තත්ත්වයක් උදාකල හැකි බව සදහන් කරමින්.


මිගමුව බන්ධනාගාරයේ සිදුවු ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාව විස්තර කරමින් ප්‍රධාන ජේලර් වික්‍රම ජයන්ත කුමාර පැය දෙකක සවිස්තරාත්මක සාක්ෂියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් හට ලබා දි ඇති අතර එහි සදහන් කරුණු පරික්ෂා කිරිමෙන් අනතුරුව මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් විසින් ලබා දුන් කිසිදු සාක්ෂියක් ආවරණය කිරීමෙන් වළකින ලෙස මීගමුව මහේස්ත්‍රාත් සෙලනි පෙරේරා මාධ්‍යයට නියෝග කළාය. මන්ද, එහි ප්‍රසිද්ධියේ හෙළි කළහොත් ජාතික ආරක්ෂාවට බරපතල ලෙස තර්ජනයක් විය හැකි සංවේදී තොරතුරු අඩංගු වූ බැවිනි.


ඒ අනුව ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු අඩංගු ජේලර්වරිය විසින් සාදන ලද සාක්ෂි වාර්තාව අධිකරණය භාරයේ හොඳින් ආරක්ෂා කර තබා ගැනීමට මහේස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළාය.


ජූලි 30 වන දින මීගමුව මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවන විට ප්‍රධාන ජේලර්  මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පැය දෙකක් සාක්ෂි දුන්නේය. ගැටුම් ඇති වූ විට බන්ධනාගාරවල රාජකාරියේ යෙදී සිටි ප්‍රධාන ජේලර්වරයා තමා බව ඔහු අධිකරණය හමුවේ සදහන් කර තිබේ.


සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සහකාර පොලිස් අධිකාරීවරුන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යටතේ පැවැත්වෙන බවත්, රජයේ... ගැටුමට යොදාගත් ගිනි අවි සහ තියුණු ආයුධ ඇතුළු නඩු භාණ්ඩ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා තවමත් ලැබී නොමැති බවද අධිකරණය හමුවේ අනාවරණය වුනා.


දැනට සිදුවෙමින් පවතින පරීක්ෂණ පිළිබඳ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය CIDයට නියෝග කළේය.


කෙසේවෙතත් අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළේ. මිගමුව බන්ධනාගාරයේ ගැටුම සම්පූර්ණයෙන්ම වගකිම් විරහිත ලෙස කටයුතු කිරිමේ ප්‍රතිපලයක් බව ඉතාම පැහැදිලි බවයි. ඒ හේතුවෙන් දේශපාලන,සහ නිළධාරීන් බේරා ගැනිම සදහා සාක්ෂී වසන් කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ඒ සදහා ජාතික ආරක්ෂාව බිල්ලට දි ඇති බවත් ය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Bottom Post Ad