ෆාදර් සුරසේන තවත් අවශ්‍ය නෑ! ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සංශෝධනයට එරෙහි වෙයි!

The Pulse of Sri Lanka 0

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත බව පවසමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය විසින් සඳහන් කළා.


ඒ අනුව, අධිකරණ ක්ෂේත්‍රයේ අභිමානය සහ ස්වාධීනත්වය සුරැකීමේ වැදගත්කම සලකා බලමින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙසයි මහා නායක හිමිවරුන් ජනපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.


විනිසුරු මණ්ඩලයේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය ඇතුළු විවිධ පාර්ශ්වයන් අතර දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති පසුබිමක මෙම පියවර ගෙන තිබෙනවා.


ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රී ලංකාවේ 49 වැනි අගවිනිසුරුවරයා වන අතර  ඔහු 2025 ජූලි 27 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම ධුරයට පත් කරන ලදී. 


අගවිනිසුරු ධූරයට පත් කරන ලද ප්‍රීති පත්මන් සුරසේන උපතින් බෞද්ධයකු වුවද, ඔහුගේ බිරිඳගේ බලපෑම හේතුකොටගෙන මේ වන විට උග්‍ර බෝන් අගේන් ආගමික නිකායේ බැතිමතකු බවට පත්ව ඇත්තකු බව තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ අනුව, “ප්‍රොපට් ජෙරම්” ගේ නිකායේ යාවජීව සාමාජිකයකු බවට පත්ව සිටින ප්‍රීති පද්මන් සුරසේන එම තනතුරට පත් කිරීමෙන් වළකින ලෙස කල්තබා මල්වතු-අස්ගිරි මහනායක හිමිවරුන් ජනාධිපති අනුර වෙතින් ඉල්ලීමක්ද සිදු කර තිබේ. නිහඬව ඊට ප්‍රතිචාර දැක් වූ අනුර දිසානායක ජනාධිපතිවරයා බෝන් අගේන් මෙන්න ජනාධිපතිවරයාට සමිප කාන්තාවකගේ  ඉල්ලීමට අවනතව අගවිනිසුරු ධූරයට පත් කරන ලද්දේ ප්‍රීති පද්මන් සුරසේනවය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Bottom Post Ad