අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන ජාතික පුවත් පතකට සිදුකර තිබේන ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයා ප්‍රමුඛ ආමාත්‍යංශය බරපතල අර්බුදයකට මුහුණ දි සිටින බව රජයේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.
අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ" මුවාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පසුගියදා එනම් 27 වැනි සඳුදා කැබිනට් අනුමැතිය ලබාගත් අතර ඒ සම්බන්ධයෙන් දැනුම් දිම ඊට පසුදින එනම් 28 වැනිදා ක ැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේදි රට හමුවේ අනාවරණය කලා.
එවන් තත්ත්වයක් හමුවේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්අ යේෂා ජිනසේන ජූලි 26 වෙනිදා මව්බිම පත්තරේට ප්‍රකාශයක් කරමින් සදහන් කර ඇත්තේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සංකල්ප පත්‍රිකාවක් ඒ දක්වා ඇයට ලැබි නොමැති බවයි. ඊට අමතරව ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමෙන් සාකච්ඡාවක් නොපැවති බවත් ඊට අදාල කැබිනට් පත්‍රිකාවක් ඇමතිවරයාට තමන් විසින් නොදුන් බවත් ඇය විසින් තහවුරු කර තිබේ.
උපුටා ගැන්ම 2026 ජුලි 26 දින "මවුබිම ඉරිදා පුවත් පත " කලාප අංක 37
විනිසුරු වයස දීර්ඝ කිරීමේ සංකල්ප පත්‍රිකාවක් මට නම් ඇවිල්ලා නැහැ.- අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශ ලේකම් ජනාධිපති ගිනිඥ අයේෂා පිනසේන මෙනවිය.
"ඔය කියන විධියේ විනිසුරු වයස දිර්ඝ කිරිමේ සංකල්ප පත්‍රිකාවක් මෙතෙක් මට නම් ඇවිල්ලා නැහැ. ඒ පිළිබදව කරුණු වැඩිපුර කියන්න මම පෞද්ගලිකව දන්නෙ නෑ.මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡාවක් තිබුණත් නෑ. මම ඒ වගේ දේකට සහභාගි වුණෙත් නැහැ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් හදලා මම නම් ඇමතිතුමාට දුන්නේ නැහැ. නමුත් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරිමට විරුද්ධව ලිපි ඇවිත් තියෙනවා. ඒවා ඔක්කොම ඇමතිතුමාට යොමුකළා."
මේ කතාව තියෙන්නෙ ජූලි 26 වෙනි ඉරිදා පත්තරේ.එසේනම් ජූලි 27 වෙනිදා කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්නේ කෙසේද? රටේ පිළිගත් ආණ්ඩුකරණය යටතේ අනිවාර්යයෙන්ම කැබිනට් පත්‍රිකාව අයේෂා ජිනසේන, එනම් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය හරහා තමයි කැබිනට් මණ්ඩලයට එන්න ඔනේ.
එයින් ඉතාම පැහැදිලි අප කාලයක් තිස්සේ කියු පරිදිම ෆාදර් සුරසේන සහ ඔහුගේ ඇම්බැට්ටයන් විසින් මෙම කැබිනට් පත්‍රිකාව හදලා සදුදා උදේ ගෙනාව කියන එක.
ඒ කියන්නෙ ලේකම්වරිය හුදෙක් රබර් මුද්‍රාවක් විතරයි. අධිකරණ අමාත්‍යාංශය යටතේ සිද්ධ වෙන්න ඕන විශේෂ කටයුතු වෙන්නේ ඒකේ ලේකම් නොදැන නම් මේ සියල්ලම කරන්නේ පැලවත්තේ විල්ටින් අයියා සහ කාඩර් එක මෙන්ම "Born again" කල්ලිය කියන එක.
මේ අතර මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙන්නෙ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වූයේ අදාල රේඛීය අමාත්‍යාංශය මැදිහත්ව සකස් නොකර වෙනත් පාර්ශවයක් විසින් සකස් කරන ලද්දක් බවට සැක කරන බවයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවට ජනතාවට පොරොන්දු වී,හදිසියේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට ආණ්ඩුව දරන උත්සාහය දිනන දකුණ සාමූහිකය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.
මාධ්‍ය නිවේදනය.
2026-08-04
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සංකල්ප පත්‍රිකාවක් තමන් වෙත නොලැබුණු බවත්,එවැනි කැබිනට් පත්‍රිකාවක් තමන් සකස් නොකළ බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය පසුගිය දිනක ජාතික පුවත්පතකට ප්‍රකාශයක් සිදුකර තිබිණි.
මෙම ප්‍රකාශය තුළ පැහැදිලි වන්නේ එවැනි කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වූයේ අදාල රේඛීය අමාත්‍යාංශය මැදිහත්ව සකස් නොකර වෙනත් පාර්ශවයක් විසින් සකස් කරන ලද්දක් බවට දිනන දකුණ සාමූහිකයට සාධාරණ සැකයක් මතුවේ.
එම සැකය තවදුරටත් තීව්‍ර වනුයේ,ඊයේ දිනයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන්.
මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ විරෝධය දක්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන ලද බවට මල්වතු පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් දැනුම් දුන් බවයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවට ජනතාවට පොරොන්දු වී,හදිසියේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට ආණ්ඩුව දරන උත්සාහය දිනන දකුණ සාමූහිකය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.
ලොව පුරා විනිසුරුවරුන් නියෝජනය කරන ලෝකයේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරු සංගමය සිය කනස්සල්ල පළ කරමින් මේ වන විට නිවේදනයක් නිකුත් කර ඇත.
අධිකරණයේ ස්වාධීනත්වය අඩපණ වන බැවින් යෝජිත නීති සම්පාදනය නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ගෞරාන්විතව ඉල්ලා සිටින බව ජාත්‍යන්තර විනිසුරු සංගමයද පවසා ඇත.
මෙම සියලු තත්වයන් සැළකිල්ලට ගැනීමේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ ව්‍යවස්ථා සංශෝධනයට පාර්ශ්ව රැසකින් එල්ල වී ඇති දැඩි විරෝධය කෙරෙහි ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමුකරන ලෙස අප සාමූහිකය අවධාරණය කරන්නෙමු.
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.


